ලංකා විදුලි බල මණ්ඩලය විසින් යළිත් වරක් විදුලි බිල ඉහල නැංවීමට මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවත් 2009 අංක 20 දරණ විදුලි බල පනත යටතේ නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ප්‍රකාරව වසරකට දෙවරක් පමණක් විදුලි බිල්පත් සංශෝධනයට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නමුත් එම ප්‍රතිපත්තියට පටහැනිව යමින් තෙවැනි වරටත් විදුලි බිල වැඩි කිරිමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ නිසා ජනතාව පත්වන අසීරු තත්ත්වය සම්බන්ධයෙන් රජය සංවේදී නොවීම කණගාටුදායක බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. මෙම විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න රැසක් රජයටත් විෂයබාර අමාත්‍යවරයාටත් යොමු කර සිටියේය.










