විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල සාත්තු නිවාස වල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.











