මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණවල කඩකාමර සම්බන්ධව ව්‍යාජ ලේඛණ සකස් කර රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත් දහස් හයසීයක් වංචා කිරීම සම්බන්ධව නගර සභාවේ සේවය කළ කළමනාකාර සහකාරවරියකගේ සේවය අත්හිටුවිමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශය කටයුතු කර ඇත. (Sri Lanka Latest News)
මහනුවර නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණ හතරක කඩ කාමර 31කින් මෙම මුදල වංචා කර තිබිණි.
සිද්ධිය සම්බන්ධව විමර්ශනකටයුතු සඳහා මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්වරිය චමිලා අතපත්තු විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ මීට සති දෙකකට පෙර ලබාදුන් නිර්දේශ අනුව මෙම නිලධාරිනියගේ වැඩ තහනම් කර ඇත.
පසුගිය 13 දින අදාළ ලිපිය පළාත් අදායම් කොමසාරිස් මගින් සේවිකාවට ලබාදීම සඳහා යොමුකර ඇතත් එදින ඇය සේවයට වාර්තා කර නොතිබීම නිසා ලියාපදිංචි තැපෑලෙන් එය ඇය වෙත යැවීමට පියවර ගෙන තිබේ.
lankasara










