කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සියලු රදගුරු හිමිපාණන් වහන්සේලා (බිෂොප්වරු) මෙම සතියේ වතිකානුව බලා පිටත්ව යෑමට නියමිතය.Sri Lanka Latest News
ඒ, ශුද්ධ වූ පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ පැවැත්වෙන Ad Limina Visit සමුළුවට සහභාගි වීම සඳහාය.
මෙම සමුළුවට ලොව සිටින සියලු රදගුරු හිමිපාණන් වහන්සේලා සහභාගි වීමට නියමිත බවද දැනගන්නට තිබේ.
එමෙන්ම එහිදී සියලු රටවල රදගුරු හිමිපාණන් වහන්සේලාට පාප්වහන්සේ සමග වෙන වෙනම සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී ඇති බවද වාර්තා වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ රදගුරු හිමිවරුන්ට වෙන්ව ඇති කාලවේලාවේදී මෙරට සිදුවූ පාස්කු ප්‍රහාර සිදුවීම් සම්බන්ධයෙන් සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ පාප්වහන්සේ දැනුවත් කිරීමට රදගුරු හිමිපාණන් වහන්සේලා සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.
මෙම Ad Limina Visit සමුළුව ඔක්තෝබර් 04 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ.










