ජනාධිපතිවරයා සිය ජර්මානු සංචාරය අතරතුරදී එරට ප්‍රධානතම නාලිකාව වන DW රූපවාහිනී සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට තුඩුදුන් එකක් බව අපි පසුගිය සතියේ අනාවරණ කර සිටියෙමු. ඒ බව සමනය කරගැනීම සඳහා සම්මුඛ සාකච්ඡාව පැවැති දින හෝ ඊට පසු දින අදාළ මාධ්‍යවේදියාට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට කටයුතු කර තිබූ බවද අපි එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණ කර සිටියෙමු.Sri Lanka Latest News
කෙසේ වෙතත් මේ ආකාරයට DW සාකච්ඡාව ජනාධිපතිවරයාට බොහෝ අවාසිසහගත තත්ත්වයක් මතුකොට තිබියදී පසුගිය සතියේ එම නාලිකාවෙන් මෙරට තවත් එක්තරා විශේෂ පුද්ගලයකුට සම්මුඛ සාකච්ඡාවක් සඳහා ආරාධනා ලැබිණි.
එසේ ආරාධනා ලැබුණේ වෙන කාටවත් නොව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටය. අපට දැනගන්නට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ විපක්ෂ නායකවරයා DW ආරාධනාව පිළිගෙන ඇති බවකි.
ඒ අනුව ජනාධිපතිවරයා අමාරුවේ දැමූ DW නාලිකාව විපක්ෂ නායකවරයාට සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා කිරීම හරහා සූදානම් වන්නේ කුමකටද යන්න ඉදිරියේදී දැකබලාගත හැකි වනු ඇත.
රාජ්‍ය රහස්










