කොත්මලේ, වෑතලාව ගම්මානයේ පොළව අභ්‍යන්ත්‍රයේ පවතින බවට ගම්මුන් පවසන අසාමාන්‍ය ශබ්දය හේතුවෙන් එම ගම්මානයේ පවුල් 50ක පමණ පිරිසක් රාත්‍රි කාලයට පමණක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට අද (15) සිට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය. (Sri Lanka Latest News)
මෙම ගම්මානය කඳු රහිත තැනිතලා බිමක පවතින බවත්, නිරන්තරයෙන් එහි පොළව අභ්‍යන්තරයේ විවිධ ශබ්ද ඇසෙන බවට ගම්මුන් විසින් කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවද ගලබොඩ මහතා කීය.
මෙම තත්ත්වය බිය වීමට හේතුවක් නොවන බවත්, කෙසේ නමුත් නුවරඑළිය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් යොදවා මේ පිළිබඳ පුර්ණ සොයා බැලීමක් හෙට (16) දින සිදුකරනු ලබන බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා වැඩිදුරටත් පැවැසීය.
lankadeepa










