වසර 54 ක් පැරණි පිරිපහදුව ගලවා යකඩවලට විකිණිමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර තිබෙන බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සහ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවැසීය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දක්වමින් ආනන්ද පාලිත මහතා සඳහන් කළේ , පෙට්ට්‍රල්වලට රුපියල් 7 ක් ඩීසල්වලට රුපියල් 4 ක් සහ ඩීසල් තොග ගන්න සමාගම්වලට සයිනොපෙක් සමාගම සහන දෙන්නේ රටේ තිබෙන සියලු පිරවුම්හල් ඔවුන් සතු කරගැනීමට බවයි.
2023 ජනවාරි සිට මේ දක්වා තෙල් සංස්ථාව බිලියන 10 වඩා ලාභ ලබා ඇති බවත් ඒ නිසා ඉන්ධන ලීටරයකින් ගසා කන රුපියල් 27 ක මුදල වහාම ඉවත්කර ගන්නා ලෙසත් ආනන්ද පාලිත මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ආනන්ද පාලිත මහතා මේ බව සඳහන් කළේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදීය.










