• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊශ්‍රායල-පලස්තීන යුද්ධයෙන් බොර තෙල් මිල ඩොලර් 100ට නගීයිද? අලුත්ම ලෝක යුද්ධය නිසා ශ්‍රී ලංකාව කබලෙන් ළිපට වැටෙයිද I Sri Lanka Latest News

October 15, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුසියානු යුද්ධයේදීත් ශ්‍රී ලංකාව අනාථ වුණා… මේ යුද්ධයත් අප රට අගාධයකට ඇද දමයිද?

ඊශ්‍රායල-පලස්තීන ගැටුම යනු ඊශ්‍රායලය සහ පලස්තීනය යන රාජ්‍යයන් අතර දිගු කලක පටන් අඛණ්ඩව පැවැති ආරවුලකි. එය පැතිරුණු අරාබි-ඊශ්‍රායල අර්බුදයේ කොටසක්ද වෙයි. ප්‍රධාන වශයෙන් මෙම අර්බුදයට හේතුවී තිබෙන්නේ එකම ප්‍රදේශයක අයිතිය පිළිබඳ දෙරටක් අතර අත්වී තිබෙන මතභේදයයි. එහිදී ඒ සඳහා ‘ද්වි රාජ්‍යය’ විසඳීමක් ඇතිකර ගැනීමට නොයෙක් වර උත්සාහ ගෙන ඇත.(Sri Lanka Latest News)

එනම් ද්වි රාජ්‍යය විසඳීමක් මගින් සටන් ඇතිවී තිබෙන භූමියේ නිදහස් ඊශ්‍රායල ජනපදයක් හා පලස්තීන ජනපදයක්ද ඇති කෙරෙයි. අද වන විට එවැනි විසඳුමකට බොහෝ පලස්තීනුවන් හා ඊශ්‍රායල ජාතිකයන්ද එකඟ වී තිබෙන අතර, ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ අයිතිය පිළිබඳ ඇති ගැටලුව විසඳා ගැනීමට තිබෙන හොඳම විසඳුමද ද්වි රාජ්‍යය විසඳීම බව ඔවුන් පවසයි.

බොහෝ ඊශ්‍රායල ජාතිකයන්ද පිළිගන්නා පරිදි බොහෝ පලස්තීනුවන්ගේද අදහස් ගාසා තීරය හා බටහිර ඉවුර තම රාජ්‍යයට ඈඳාගත යුතු බවයි. උගත් සුළු පිරිසක් පමණක් ගාසා තීරය සහ බටහිර ඉවුර යන ප්‍රදේශ දෙකම ඊශ්‍රායල සහ පලස්තීන ජාතිකයන් සැමට සහ අයිතිවාසිකම් ලැබෙන තනි රාජ්‍ය විසඳුමක් විය යුතු යැයි විශ්වාස කරති. එනමුත් අවසාන එකඟ වීම කෙසේ සිදුවිය යුතුද යන්න හා අන්‍යොන්‍ය දායකත්වය පිළිබඳ විශ්වසනීයත්වය පිළිබඳ තවමත් මතභේදයන් පවතී.

කුමක්ද මෙම රාජ්‍යතාන්ත්‍රික කතාන්දරය? මෙම දිනවල දවස පුරා අපට අසන්නට ලැබෙන එක්තරා සුවිශේෂ වගතුගක් හරහා මෙම අර්ථකථනය ගෙනහැර දැක්විය හැකිය. එනම් මෙයට දින කිහිපයකට පෙරදී ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් අසන්නට ලැබුණු සහ දැනටද නිරන්තරයෙන් අසන්නට ලැබෙන ඊශ්‍රායල පලස්තීන යුද්ධය එම කතාන්දරයයි. පසුගිය වසර දෙකකටත් වඩා කාලයක් අපට අසන්නට ලැබුණු රුසියානු – යුක්රේන යුද්ධය යම් අතකට සමනය වන්නට ගෙන කෙටි කාලයක් තුළදී මෙම නවතම යුද්ධයේ වගතුග අසන්නට ලැබිණි.

එනම් අරාබිකරයේ රටවල් දෙකක් වන ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නවතම යුද්ධයක් ආරම්භ වී තවම ගතවී ඇත්තේ ඉතා සීමිත දින ගණනාවක් පමණි. එහෙත් මෙම කෙටි දින ගණනාව තුළදීද මේ යුද්ධය මොහොතින් මොහොත බියකරු තත්ත්වයට පත්වෙමින් ඇත. දැනටම මෙම යුද්ධය හේතුවෙන් දෙරටෙහිම ජනතාව 3,000කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇති අතර, 5,000ක පමණ පිරිසක් තුවාල ලබා ඇත. එසේම විශාල දේපළ ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත. මෙතෙක් පෙනෙන තෙක්මානයක විසඳුමක් නැති මෙම යුද්ධය මේ වන විට මුළුමහත් ලෝකයම උඩුයටිකුරු කර ඇත.

මෙම බියකරු යුද්ධයේ ආරම්භය සහ එහි වටපිටාව ගැන අප යම් ආකාරයකින් සොයා බලමු. පලස්තීනයට අයත් ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානයේ සටන්කරුන් විසින් ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රදේශය ඉලක්ක කරගනිමින් පසුගියදා රාත්‍රිය එළැඹෙත්ම අනපේක්ෂිත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. මේ අනුව ඊශ්‍රායලය මහත් අර්බුදකාරී තත්ත්වයකට පත්විය. කෙසේ හෝ ඉන් පසුව ඊශ්‍රායලය හැකි වහාම පලස්තීනයට අයත් ගාසා තීරය වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට විය.

මුලින්ම හමාස් සටන්කරුවන් රොකට් වෙඩි 500ක් පමණ ඊශ්‍රායලය දෙසට එල්ල කළ අතර, ඒත් සමගම ආයුධ සන්නද්ධ සටන්කරුවන් සිය ගණනක් අනපේක්ෂිත අයුරින් ඊශ්‍රායලයට කඩාවැදී ආරක්ෂක අංශවලට සහ සිවිල් වැසියන්ටද වෙඩි ප්‍රහාර එල්ල කරන්නට විය. අඳුර වැටෙන්නට පටන්ගත් විටදීම ජාත්‍යන්තර සංගීත සංදර්ශනයක් ආරම්භ කරන්නට යෙදුණු අතර, හදිසියේම එහි කඩාවැදුණු හමාස් සටන්කාමීන් එයට සහභාගි වී සිටි තරුණ තරුණියන්ට පවා වෙඩි තබන්නට විය. මේ නිසා එයට සහභාගි වූ තරුණ පිරිස 250ක් පමණ එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙහිදී පලස්තීන හමාස් සටන්කරුවන් කළ තවත් ප්‍රයෝගයක් වන්නේ මෙම ප්‍රහාරය අතරතුරදී සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ප්‍රාණ ඇපයට ගැනීමය. ඔවුන් ඒ අනුව සංගීත උළෙල සඳහා පැමිණ සිටි ඊශ්‍රායල තරුණ තරුණියන් කිහිප දෙනකු මෙන්ම එයට සහභාගි වූ විදේශිකයන් රැසක්ද ප්‍රාණ ඇපයට ගත්තේය. මෙම විදේශිකයන් අතර ඇමෙරිකානු, බි්‍රතාන්‍ය මෙන්ම ආසියානු රටවල් කිහිපයකම වැසියන් වූහ. හමාස් සටන්කරුවන් වහා එම ප්‍රාණ ඇපකරුවන් තම රටට ගෙන ගියේය.

මෙලෙස යුදමය ප්‍රාණ ඇපකරු ප්‍රයෝගය සිදුකළ හමාස් සටන්කරුවන් ඉන් පසුව ඊශ්‍රායලයට තර්ජනය කරමින් කියා ඇත්තේ දැනුම්දීමකින් තොරව සිදුකරනු ලබන සෑම ප්‍රහාරයකදීම ප්‍රාණ ඇපකරුවකු බැගින් මරා දමන බවයි. දැනටද එම අහිංසක ජනතාවගෙන් කිහිප දෙනකු ඝාතනයට ලක්ව ඇතැයි ප්‍රකාශ වෙයි. මෙය මේ වන විට මහා ම්ලේච්ඡ යුද්ධයක තත්ත්වයට පත්වෙමින් ඇත. මෙහිදී ඊශ්‍රායලයට බොහෝ බටහිර රටවල්ද උදව් කරයි. එනම් ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක්ම එසේම යුදමය වශයෙන් සහයෝගය දක්වයි.

මෙම යුද්ධයේදී මෙලෙස ඊශ්‍රායලයට යුද ආධාර සැපයීම සඳහා මේ වන විටත් ඇමෙරිකාව යුද නැව් සහ යුද ගුවන් යානා ඊශ්‍රායලය දෙසට එවා ඇත. තත්ත්වය එසේ වුවද යුද්ධයේ තව තවත් ම්ලේච්ඡ පැතිද හෙළිවන්නට විය. එනම් මෙයට මොහොතකට පෙර ආරංචි වූයේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට රසායනික අවි ප්‍රහාරයක්ද එල්ල කළ බවයි. ඒ අනුව ජාත්‍යන්තරව යුද්ධයේදී තහනම් කෙරී ඇති ‘සුදු සල්ෆර්’ අඩංගු රසායනික අවි ප්‍රහාරයක්ද එල්ල කර ඇත.

මේ මගින්ද සිවිල් වැසියන් මියයන්නට හෝ වෙනත් ආබාධයන්ට ලක්වන්නට ඇත. එහෙත් මේ විනාශයෙන් කිසිවක ප්‍රතිඵල තවම හරියාකාරව දැනගන්නට නැත. එනම් යුද්ධය විනාඩියෙන් විනාඩිය උත්සන්න වෙමින් තිබෙන අතර, මෙවැනි බියකරු යුද්ධයක් දෙරට තුළ ඇතිව තිබෙන්නේ වසර 30ක පමණ කාලයකට පසුව යැයි පැවැසෙයි. එනම් දෙරට අතර විවිධ කාලවලදී යම් යුදමය ගැටුම් ඇතිවී තිබුණද, මෙවැනි මහා පරිමාණ බියකරු යුද්ධයක් ඇරැඹී ඇත්තේ වසර 30කට පසුවය. තවද රාමධාන් යුද්ධයේ 50 වැනි සංවත්සරය යෙදෙන දිනයේදී මෙම යුද්ධය ආරම්භ වීමද විශේෂත්වයකි.

අද ලොව ඇරැඹී තිබෙන අලුත්ම යුද්ධයේ වගතුග කුමක්දැයි ඔබට හොඳින් පැහැදිලි වනු ඇත. ලෝකයේ යම් රටවල් අතර යුද්ධයක් පවතින විටදී එය බලපානු ලබන්නේ එම රටවලට පමණක් නොවේ. එම සන්නද්ධ අරගලය හරහා ලෝකයේ තවත් රටවල් රාශියකටද එම තත්ත්වය බලපානු ලබයි. විශේෂයෙන් ලෝකයේ බොර තෙල් හෝ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හෝ නිෂ්පාදනය කරනු ලබන රටවල් යුද්ධයක පැටලුණු විටදී එම ද්‍රව්‍ය නිෂ්පාදනය නොකරනු ලබන රටවලට අතිශය දරුණු ලෙස බලපායි. විශේෂයෙන් මෙහිදී ප්‍රධානතම නිෂ්පාදනයක් වන්නේ බොරතෙල්ය.

දැනට නවතම යුද්ධයක පැටලී සිටින ඊශ්‍රායලය සහ පලස්තීනයද මෙම බොර තෙල් අර්බුදයට බලපාන රටවල් දෙකකි. එනම් මෙහිදී ප්‍රකාශ වන කරුණුවලට අනුව ඊශ්‍රායලය පමණක් බොර තෙල් නිෂ්පාදනය කරන රටක් වන අතර, පලස්තීනය යනු බොර තෙල් නිෂ්පාදනය සිදු නොකරන රටකි. ඒ අනුව ඊශ්‍රායලය දිනකට බොර තෙල් ගැලුම් 3,00,000ක් (ලක්ෂ 03ක්) නිෂ්පාදනය කරයි. මේ අනුව වර්තමාන යුද වටපිටාව යටතේ මෙම බොර තෙල් කර්මාන්තය අඩාළ වන තත්ත්වයකට පත්ව ඇත. මෙහිදී පලස්තීනය භාවිත කරන්නේ ඊශ්‍රායලය නිෂ්පාදනය කරන බොර තෙල් වෙයි.

තවද මෙහිදී අනෙක් වගතුග වන්නේ මෙම දෙරට වටා ඇති අනෙක් අරාබි රටවල් බහුතරයක්මද බොර තෙල් නිෂ්පාදනය කරන රටවල් වීමය. මෙවැනි තත්ත්වයක් යටතේ දැන් හෙළිවන අලුත්ම පුවත නම් මෙම යුද්ධය හේතුවෙන් බොර තෙල් මිල ඉහළ ගොස් තිබීමය. යුද්ධයට පෙර තිබූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල වූ ඩොලර් 84ක මුදල දැන් ඩොලර් 03කින් ඉහළ ගොස්, මේ වන විට ඩොලර් 87 දක්වා ඉහළ නැග ඇත. ආර්ථික විද්වතුන් ප්‍රකාශ කරන ආකාරයට මෙම බොර තෙල් මිල ඉහළ යෑම තව තවත් උත්සන්න වන අතර, ඉතා ඉක්මනින්ම බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇති බවයි.

මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ හෙට අනිද්දාම ලෝකයේ රටවල් රාශියකට මෙම බොර තෙල් ප්‍රශ්නය ඉතා දරුණු ලෙස බලපානු ඇත. එම රටවල් අතරට අපගේ ශ්‍රී ලංකාවද අනිවාර්යයෙන්ම අයත් වෙයි. පසුගිය රුසියා – යුක්රේන යුද්ධයේදීද බොර තෙල් ප්‍රශ්නය අතිශය දරුණු ලෙස ලෝකය පුරා බලපානු ලැබුවේය. එවිට බොර තෙල් බැරලයක මිල ඩොලර් 105-107 දක්වා ඉහළ නැග්ගේය.

එම තත්ත්වය යටතේ ලෝකයේ රටවල් රැසක් තුළ පෙට්‍රල්, ඩීසල් සහ අනෙක් ඛනිජ නිෂ්පාදන සියල්ලක්ම ඉහළ ගියේය. ශ්‍රී ලංකාව තුළද පෙට්‍රල්, ඩීසල් අතිශය දරුණු ලෙස මිල ඉහළ ගිය අතර, පොදු ජනතාව භාවිත කරන භූමිතෙල් පවා මිල අතිශයින් ඉහළ ගියේය. තවද මෙවැනි යුද්ධයක් පවතින විටදී වෙනත් බටහිර රටවල් පනවනු ලබන විවිධ සම්බාධක සහ තහංචිද අනෙක් රටවලට දරුණු ලෙස බලපානු ලබයි. ඒ අනුව පසුගිය රුසියා – යුක්රේන යුද්ධයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බොහෝ ප්‍රබල බලපෑම් සිදුකරනු ලැබුවේය. පෙට්‍රල්, ඩීසල් වැනි ඛනිජ ද්‍රව්‍ය, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ගෑස්, රත්‍රන් සහ රිදී මෙන්ම වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල මේ අනුව ඉහළ යෑම සිදුවිය.

දැනටමත් ඔපෙක් සංවිධානයේ රටවල් තෙල් මිල 10% – 12%කින් පමණ ඉහළ දැමීමට කටයුතු කරගෙන යයි. මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය ශ්‍රී ලංකාවට දරාගැනීමට නොහැකි වනු ඇත. මේ අතර ලෝකයේ ප්‍රධානතම බොර තෙල් නිෂ්පාදකයකු වන ඉරානය ඉහත යුද්ධයේදී පලස්තීනයට සහාය දක්වන බවද පැවැසෙයි. මෙම තත්ත්වයද ඉතා අහිතකරය. රුසියානු – යුක්රේන යුද්ධයේදී ශ්‍රී ලංකාවේ ආනයන අපනයන ක්ෂේත්‍රයටද දරුණු ලෙස බලපෑම් එල්ල විය. මෙම ඊශ්‍රායල – පලස්තීන යුද්ධය දිගටම පැවැතුණහොත් ශ්‍රී ලංකාවද දරුණු අගාධයකට වැටෙනු ඇත. ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම කබලෙන් ළිපට වැටෙනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

නසීර්ගේ පුටුව බේරගන්න තිරය පිටුපස ලොකු මෙහෙයුමක්! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

දාඩිය දානකං ඇදගෙන නාන අපේ ආණ්ඩුව I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.