• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දාඩිය දානකං ඇදගෙන නාන අපේ ආණ්ඩුව I Sri Lanka Latest News

October 15, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“ගාමී” (යනවා, අනුගත වෙනවා) යන පදය පළමුවෙන්ම මට මතක හැටියට හමුවූයේ දෙකේ තුනේ පන්තිවල සිටියදී දහම් පාසල් පොත්වලය. ඒ සකෘදාගාමී, නිර්වාණගාමී, අගතිගාමී ආදී වශයෙනි.(Sri Lanka Latest News)

ඉන්පසු ගගනගාමී ලෙසින්ද ඇසුණු පදය නවසිය හැට ගණන්වලදී එහි නාමපදය වෙනස්ව ආකාශගාමී අභ්‍යවකාශගාමී ආදී වශයෙන්ද ඇහී සඳගාමී යනුවෙන් අපේ එදිනෙදා භාවිතයට අවුත් කටේ දිවේ නොගෑවෙන ගානට කියැවෙන්නට පටන් ගත්තේය. ඒ ගජබාහු (නීල් ආම්ස්ට්‍රෝං) හඳට පය ගැසූ පසුය.

උපයානය (මොඩ්‍යුලය) වෙන්ව සඳගාමියා (ආම්ස්ට්‍රෝං) සමග චන්ද්‍රපෘෂ්ඨය මතට ගිය අතර මවු යානය අභ්‍යවකාශයේ වෙනස් නොවූ කක්‍ෂයක පෘථිවි ගෝලය වටා කරක් (භ්‍රමණය) ගැසුවේය.

“ඒයි ඇයි උඹ බලාන ඉන්නෙ? ආං උපයානය යනව”

“බෑ බං මවු යානය කක්‍ෂයක භ්‍රමණය වෙනව” ඔය අපේ පාසල් කාලයයි.

දැන් මේ කාලයේ (2023) අප කෙඳිරිගාමීය. ඒ අපේ ආණ්ඩුව “නා” (ස්නානය) ගාමී නිසාය. නිකංම නිකං නාගාමී නොවේය. ඇදගෙන “නාගාමීය”. ඒත් එක තැනක නොවේ. ගිය ගිය තැනකය. කරන කියන හැම දේකදීමය. ඇදගෙනම නාගාමීය.

එහෙත් එහෙම නාගාමී නම් මදෑ? අනා (අන ඇනීමේ ධාතුව) ගාමී නාගාමීය. ඒ කියන්නේ අනා ගෙනම නාගැනීමය. ඒ අනාගැනීමත් ටිකක් නොවේ.

මයෙ “අපුච්චේ” (අප්පච්චියේ – බුදුතාත්තේ) මදි නොකියන්නටමය. බාල්දි එකක් දෙකක් නම් එසේ නාගත්තත් අපට කමක් නැත. එහෙත් අපට දුක නාන්න ගියාම ඉහිං කනිං “දාඩිය” දානකම්ම ලවක් දෙවක් නැතුව හත් පොළේ ගාගනම නාගන්න එකය.

මෙහෙත් එහෙමය එහෙත් එහෙමය කොහෙත් එහෙමය. ඇමෙරිකාවෙ, ජර්මනියෙ, කියුබාවෙ පමණක් නොව කබරබාවෙ ගියත් එසේමය.

ඕක සංගීත ප්‍රස්තාරකින්ද කිව හැකිය.

පළමුවෙන් “ස” ගන්නවාය. දෙවැනුව “රි” ගන්නවාය. ඊළඟට “ප” ගන්නවාය. ඒ අනුව ස නි මා..ආමාමා.. ආ දනිපනිගා රී..ග..නී.ගා… ගනීඊ..ඊ..පා ග, පා ගා,,,,, ගා,,,, ග..නී… මං ඔය කීවෙ අපේ ගමේ ඉස්තේගු මාමා හැන්දෑවට දෙකක් දාගත්තාම හාන්සි පුටුවේ ඇලවී පොහොට්ටුව උඩ නොව කනප්පුව උඩ දෙපා තබාගෙන අල්ලන්නාවූ රාගයකි.

අපේ ගංවල අප කුඩා සංදියේ පනහෙ මුලමය. අග නොවේ (“අග මුල” ඉල්ලන්නේ බූරු-සූදු-සෙල්ලං කරනවිට නොහොත් බේබි කපන විටය) සිංහල අවුරුදු දවසට අප අපේ ආච්චිලා, අම්මලා, අක්කලා සමග කරන එක සෙල්ලමකි “එළුවංකෑම”. අත්වැල් අල්ලා සාදන රවුම මැද ඉන්න එළුවා ඉල්ලමින් එකෙකු රවුම වටා කවි කියමින් යයි.

“වැඳල කියඤ්ඤං රලහමි දෙනවද එළුවා..ආ..ආ..”

“කොච්චර වැන්දත් නොදෙමුව අපගේ එළුවා..ආ..ආ…”

ඔන්න ඔය වගේ දැං කොච්චර වැන්දත් වැඩක් නැත. කොච්චර කීවත් වැඩක් නැත. ඒ නිසා දැං අපට කියන්න තියෙන්නේ “වෙච්චි දේට ඒනන සෙයියරදු” කියන එක විතරය.

අස්වැසුම දෙන්න ගියෝය. කෙළවා ගත්තෝය. අස් තියා අත්වැසුමක්. ඒත් නැත්නං හිස් වැස්මක්. පුහ්…

රට්ටු බඩගින්නේය. දරුවන් මන්දපෝෂණේය. රෝගීන් මර ඇඳේය. මුං බුරුතු පිටින් උඩුගුවනේය.

අරූ දිමිගෝඨා පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට රසායනික පොහොර නැතුව කාබනික පොහොර නාඩගම නැටීමෙන් හිඟමනට වැටුණු ගොවියං උකස් කළ “අත කනකර” ටික දැං සින්න වෙලාය.

පහුගිය දවස්වල වී වගාව අව්වට දාපිච්චී අළුවී තියේය. තිබුණු ටිකත් ගංවතුරට ගියේය. හංදියක් හංදියක් ගානේ කී වන්දි කතාව දුව ගෙනියනකං බෑණාට දෙන පොරොන්දු වගේය. දැං ආයෙත් ගෑස් නැගලාය. විදුලි බිල ආයෙත් නගින කතා ඇසේ. අපි දැං හිඟා නොකා හිඟා කන්නෙමු.

කවුරුත් නොදන්න කතාව අපේ විශ්වවිද්‍යාලවල කෙල්ලන් කොල්ලන්ටත් මේ ආර්ථික අමාරුව ඉහටත් උඩිංය. එසේ අවශ්‍යතා ඇති සිසුන්ට සහන සැලසීමට විද්‍යාර්තීන් (එදා හිටපු අය – ජ්‍යෙෂ්ඨ උත්තමයෝ) “විශ්වවිද්‍යාල සිසුන්ගේ කුශලාභිවර්ධන” නමින් වැසටහනක්ද ආරම්භකර තිබේ. “එහි සංවිධායක හිටපු ආදායම් බදු කොමසාරිස්වරයකු වන නිහාල් ඒකනායක මහතා මට (ලියුම්කරුට) ඒ ගැන මෙසේ කීවේය.

“තමන්ගෙ මල්ලි මෙඩිකල්වලට තේරුණු නිසා විශ්වවිද්‍යාලෙ තර්ඩ් ඉයර් එකේ හිටපු අයිය දැං කඩේක බඩු කිරන්න ගිහිං, මල්ලිට උගන්නන්න සල්ලි නැති නිසා. මචං මාරෙ මේව පත්තරේට දාපංකො”

මගේ බඩ පපුව දා පිච්චී ගියේය. එය අපේ අධ්‍යාපනයේ හැටිය. ආණ්ඩුව අපට තට්ටු නොකරපු තැනක් නැත.

අපේ නන්දක්කා කීවේ, “ හිඟාකකා කොළපතක් අරං… පන්සල ළඟ නටමු රත්තරං” කියලා වුණත් අපට නන්දක්කේ දැංනං නටන්න වෙලා තියෙන්නේ මුං මේ රටේ කරන දේවල්වල හැටියට රෙදිත් නැතුවය.

(අපට වයස අවුරුදු හත අට කාලෙ නං අප එහෙම නැටුවේ, “වත්තෙ කුඩම්මගෙ රෙද්ද කැඩිච්චීඊඊ – ඒක බලන්නට කොල්ලො පිරිච්චී..ඊඊ” කියන ට්‍යූන් එකටය. එසේ නටන විට පැටලී වැටෙන නිසා සරං ගලවා තබා නැටුවෝය. එසේ නටපු ඇතැමෙක් දැං විශේෂඥ වෛද්‍යවරුය. නඩුකාරයෝය. ඉංජිනේරුවෝය. අදත් අප හමුවූ විට (කලාතුරකිං සාදයකදී) මචං එදා වගේ නටමුදැයි අසමි. ඔවුහු බඩ අල්ලා සිනාසෙති.

යුද්ධයකදී පළමුවෙන් නැසෙන්නේ “සත්‍යයයි” එසේම රටක විනාශය ඇරඹෙන්නේ නීතියේ පාලනය Rule of Law නැති භංගස්තාන වූ විටය.

අද අපට අහන්න ඇත්තේ කෝ යකෝ මේ රටේ නීතියක් (යකෝ නොවේ) යන්නය. ගිය ගිය තැන නාගන්නා මලයාට අහවල් එකට (නීත්‍යනුකූලව) ගෑනියකු ගේන මඟුලේ විදුලි බිල නොගෙවා යට ගසන්නට උනුත් මංඩලේ එවුනුත් නටපු නෙයියාඩගම වනාහි ඒ අනාවරණය වූ එකක් පමණකි.

ග්‍රාම සූකර ලොක්කා රට යන විට තමන්ගේ පුත්‍රයා දක්කාගෙන ගිය පරිද්දෙන්ම සබි්‍ර ලොක්කාද ඒ සූත්තරේම (සිද්ධාන්තය) දැම්මේය. මුංගේ “පුත්තදාරස්ස සංග හෝ” වගේම “ඤාතකාණංච සංඝහෝ” ද එසේමය.

ගෙවුණු අවුරුදු හැත්තෑ ගණනම ගෙවුණේ මේ රටේ නැති බැරි එකාට යහපතක් කරන්න නොවේ. උන්නෙ හැත්ත වරිගෙට “කොරන්ඩ”ය.

දිමිගෝඨා පුටුවට නැග්ග ගමන් කෙළේ තමන් උස්සා තිබූ උන්ට බදු සහන දීමය. ඒකෙං සාමාන්‍ය මිනිහාට යහපත සැලසුණු රුපියල් කෝටි පන්සියයක් අපට නැතිවීමය. අපේ උං (ශ්‍රම බළකාය) දරුමල්ලන් ගෙවල් දොරවල්වල කාට හෝ ආරක්‍ෂාවට භාරදී (එහෙත් අනාරක්‍ෂිතය) ඇසට නින්දක් කුසට අහරක් නැතිව නොවිඳිනා දුක් විඳ කිසියම් විනිමයක් අපට එව්වේය. ඒ ප්‍රමාණය වාර්ෂිකව ඩොලර් අටකෝටියකි. ඒ ධනය මුං වැය කෙළේ තමන්ගෙ නම ලොකුකර ගැනීමටය. ගසාකෑමටය. හම්බන්තොට වරාය, චිත්‍රපට පුරය උදාහරණ වේ. උන්ගේ දරුවන් බේබිලාය. කුමාරයෝය. ඉගෙන ගන්නේ අරලන්තෙය මේලන්තෙය ඒරොප්පෙය. ඒ අපේ උංගේ දාඩිය මහන්සියෙනි.

අපේ උන්ගේ දරුවන්ට සත පහක පොරෝජනයක් නැත. හුප්පේය. ඕවා සහගහන අපරාධය.

අරූ කුරුණෑගල පැත්තෙ “දණ්ඩා” ඊයෙ පෙරේදා ඒ කතාව එළිපිටම කීවේය. “මම අපේ පැත්තෙ ඉස්සං වළක් කරගෙන හිටිය. මයිනා මේ පැත්තට ආවට පස්සෙ තමයි අපේ පවුලට මේ තරං කරල පැහුණෙ (දියුණු වුණේ)” ගමේ උදවිය කියන හැටියට නං මේ අනුන්ගෙ දැරීමේ (ධනය) ගසාකෑමෙනි. (අඩෝ තොට ලැජ්ජ නැද්ද යකෝ ඔහොම මහජන සල්ලි ගසාකෑව කියන්ඩ (අනිත් අතට කාගෙදෝ භාර්යාවක් ඉල්ලපු කතාවක්ද සමාජ මාධ්‍යවලින් ඇසේ.

හැබැයි පුතේ උඹට අවසාන කාලෙ නං යහතිං ගෙවන්ඩ ලැබෙන්නේ නැති එකනං මතක තියා ගන්නිං. දකුණු පළාතේ ධීවර කර්මාන්තෙට සම්බන්ධ ඔහේලගේ ජාතියේම එකෙක්. ඉන්න හැටි අමතක කරන්න එපා.

මොනවා කීවත් හෙට අනිද්දා වනවිට මුං “කුජීතු” වෙලා යන මොකක් හෝ චංදයක් තිබිය යුතුමය. චංදය කල් දාන්න අනපු ඇනිල්ල ලේසි එකක් නොවේ. එය ඉරහඳ වගේම පැහැදිලි එකකි. අප පමණක් නොව මුළු ජාත්‍යන්තරයම පුලපුලා බලා සිටින්නේද ඒ සන්තෑසිය වෙන තුරුය.

ඒ චන්දෙට පිටපොට ගහගෙන දඟලන ආණ්ඩුවේ “ඇඹුලා” (ගොරක නොවේ සියඹලා) මොනවා නැතත් දැං වාහන ඇරුණු කොට අනිත් සියලුම “සබ්බසකලමනාවම” රටිං ගේන්න හදයි.

ඇයි දෙයියනේ මෙච්චර කාලයක් නොතිබුණු ඩොලර් මේ ටික දොහට (දවසට) කොහෙං ප්‍රසූථ උණාද? ඕවා චංද ගුණ්ඩුය. දැං මහජනයා බුද්ධිමතුන්ය. එහෙත් ගොංපස් අල්ලන්න යන බත් කන බූරුවන්ට නං ඕවා නොතේරේ.

තමන් වගා කළ අල ටික විකුණාගන්න බැරි නිසා තමන්ගේ දරුමල්ලන් කුසගින්නේ බව කියමින් අරහෙං අල ගොවියෝ දෙවියන් ඉදිරියේ මුන්ට සාප කරති.

මේ ආණ්ඩුව යටතේ දෙවියන්ද නන්නත්තාර වෙලා සිටින බවට සාධක පසුගියදා කතරගම ලොක්කාගේ අන්තේවාසික ගෝලයා (ප්‍රධාන කපු) රත්නායක මහතාම මාධ්‍යයට කීවේය. පූජා වට්ටියට ලැබෙන පඬුරු, බාරහාර ඔප්පු කිරීමට දෙන රත්තරං ගසාකන හැටි. ප්‍රධාන කපු මහතාගේ නිවෙස මට මතක හැටියට (නවසිය අසූ ගනන්වලදී. ඒ දිනවල මා ඔහුගේ හිතවතකු බැවින් ප්‍රවෘත්තිය ලීවේද මාය.) හොරුන් බිඳ වස්තුව ගෙන ගියත් දින ගණනාවක් යනතුරුත් ඒ ගැන පොලිසියේ පැමිණිල්ලක් කෙළේ නැත. ඊට හේතුව එතුමාගේ නිවෙසේ තිබූ රත්තරං කිලෝ විසිපහකට ආසන්න ප්‍රමාණය අනාවරණ වෙතැයි යන සැකයෙනි)

ඒ නිසා මේවා දෙයියන්ටවත් නොපෙනේ. ජේ.ආර්. ලොක්කා උපදෙස් දුන් අන්දමට “අපේ ආරක්‍ෂාව පමණක් නොව දැන් හැම දේම අපිම බලාගත යුතුය”

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඊශ්‍රායල-පලස්තීන යුද්ධයෙන් බොර තෙල් මිල ඩොලර් 100ට නගීයිද? අලුත්ම ලෝක යුද්ධය නිසා ශ්‍රී ලංකාව කබලෙන් ළිපට වැටෙයිද I Sri Lanka Latest News

Next Post

විදුලි බිල වැඩිකරනවට එරෙහිව සීනිගම දේවාලයේ කන්නලව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.