පස්යාල ගිරිඋල්ල මාර්ගයේ විජයරජදහන ප්‍රදේශයේ පෙරේදා (11) රාත්‍රී සුඛෝපභෝගී ජීප් රියක් හා ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රියැදුරා මියගොස් ඇති අතර, අනතුරින් පසු එහි ගමක් කළ භික්ෂූන් වහන්සේ සිටියදී පලාගිය ජීප් රථ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව මීරිගම පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
මෙසේ මියගොස් ඇත්තේ මීරිගම පොහොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් කොන්දොස්තරවරයකු වූ ඇල්ලගේ උපාලි ලලිත් තිලකරත්න නමැති 40 හැවිරිදි එක්දරු පියෙකි.
පස්යාල දෙස සිට පැමිණ ඇති ත්‍රිරෝද රථය දකුණට හැරවීමේදී මීරිගම දෙසින් පැමිණි ජීප් රියේ ගැටී ඇති අතර, බරපතළ තුවාල ලත් ත්‍රිරෝද රථ රියැදුරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
අනතුරට ලක් වූ ජීප් රථය හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බව ද බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සමඟ අනුරාධපුරය බලා ගොස් කරඬුවක් රැගෙන එමින් සිටින අතර දී මෙම අනතුර සිදු වී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
මියගිය අයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හා මරණ පරීක්ෂණය ඊයේ (12) සවස වතුපිටිවල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.
dinamina










