• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල නිමවී ගෙදර එමින් සිටි දරුවෙක් ඒදණ්ඩෙන් ඔයට වැටී මියගිහින්! Sri Lanka Latest News

October 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පාසල නිමවී ගෙදර එමින් සිටි දරුවෙක් ඒදණ්ඩෙන් ඔයට වැටී මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලබන 15 වැනිදා පැවැත්වෙන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මහනුවර දෙල්තොට ලිට්ල්වැලි ප්‍රදේශයේ දරුවකු පාසල නිම වී එහි අතිරේක ශිෂ්‍යත්ව පන්තියට ද සහභාගි වී නිවස කරා යමින් සිටියදී අධික වර්ෂාවෙන් දෙගොඩතලා ගිය සුදුවැල්ල ජනපද ඔයට වැටී ගසාගෙන ගොස් ඇති අතර ඔහුගේ සිරුර ඊයේ 12 උදැසන හමුවී ඇතැයි ගලහ පොලිසිය පවසයි. (Sri Lanka Latest News)

මෙසේ මියගොස් ඇත්තේ, දෙල්තොට ලිටිල් වැලි කනිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කාන්දීපන් දීවාන් නමැති දස හැවිරිදි සිසුවෙකි.

ඔහු නිවෙස බලා යමින් සිටියදී අනාරක්ෂිත පාලමකින් පෙරේදා (11) සවස ඔයට වැටී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි අතර ගලහ පොලිසිය හා ප්‍රදේශවාසීන් පෙරේදා වනතෙක් සොයා බැලුව ද ඔහු සොයා ගැනීමට නොහැකි විය.

දරුවා වැටුණ කුඩා පාලමේ සිට කිලෝමීටර් තුනක් පමණ ගසාගෙන ගොස් කුඹුරුවත්ත හෙල්ලෙන පාලම අසල රැඳී තිබියදී සිරුර සොයාගෙන තිබේ.

අධික වර්ෂාව සමඟ මෙම කුඩා ඔයේ හා මාර්ගවල ජලය වැඩි වී තිබී ඇති අතර දරුවා මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි බව යමකු දැක ඇත.නමුත් දරුවා නිවසට ඒම පමා වීම නිසා සොයා බැලීමේදී දරුවා ඔයට වැටී ගසාගෙන ගොස් ඇති බව තහවුරු වී තිබේ. සුදුවැල්ල ග්‍රාම සේවා වසමේ ඇති මෙම ඔය හරහා ඇත්තේ විදුලි කණු හතරක් යොදා ගම්වාසීන් සකසා ගත් කුඩා පාලමකි.

දෙපස ඇඳි රහිත ඒදණ්ඩක් බඳු මෙම පාලම මතින් කුඩා දරුවන් ඇතුළු ගම්වාසීන් එගොඩට මෙගොඩ යන්නේ ඉතා අවදානම් ගමනක් බව ඔවුහු පවසති.

දරුවා මෙම පාලම මතින් ඔයට වැටී ඇතැයි තහවුරු වීම නිසා ප්‍රදේශවාසීන් මෙසේ සොයා බලා තිබිණි. මියගිය කාන්දීපන් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට එක් සොහොයුරියක හා සොහොයුරෙක් සිටිති. මව පියා එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වන්නවුන්ය. සිසුවා මෙම ඉරුදින පවත්වන ශිෂ්‍යත්ව විභාගයට සූදානම්ව සිටි අතර ඔහු පන්තියේ දක්ෂ සිසුවකු බව ලිටිල් වැලි කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරු පවසති.

gossiplankanews

SendShareShare
Previous Post

රනිල් හෙට චීනෙට! I Sri Lanka Latest News

Next Post

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට ජලය, විදුලිය, ඉන්ධන ලබා නොදෙන්න ඊශ්‍රායලයෙන් තීරණයක්!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.