ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා හෙට (14) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.Sri Lanka Latest News
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතය.










