• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආසියාවම පරද්දවන්න ලංකාවම කරේ තියන් දුවපු අපේ රත්තරං කෙල්ල I Sri Lanka Latest News

October 12, 2023
in Exclusive, News, Sports
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපිට හීන තියෙනවා. අපි ඒ හීන දකිනවා. ඒත් ඒවා හීනම වෙලා බොඳවෙලා යනවා. අපි හූල්ලනවා. අපිට ඉතිරි වෙලා තියෙන්නෙ එච්චරයි. මේ වතාවෙ අපි දැක්ක හීනෙ ආසියානු ක්‍රීඩා උළලෙ පදක්කමක්. මලල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනල අවුරුදු ගානක් ගිහිල්ලා.(Sri Lanka Latest News)

අවුරුදු ගානක්ම අපි පදක්කම් හොයාගෙන ගිහිල්ලා ආවෙ හිස් අතින්. යාන්තං සැනසිල්ලකට තිබ්බෙ ක්‍රිකට් විතරයි. මේ වතාවෙ කාන්තා ක්‍රිකට් පිල රිදී පදක්කම දිනාගන්න අතරෙ පිරිමි කණ්ඩායමට අන්තිම කණ්ඩායම් හතරටවත් එන්න බැරි වුණා. ඒ අය අත්දැකීම් බහුල ඇෆ්ගන් ක්‍රීඩකයො අතින් පරාජය වුණා. අපේ එක පදක්කම් හීනයක් බිඳවැටුණා.

ඉන් පස්සෙ මිශ්‍ර සහාය දිවීම් ඉසව්වෙ රිදී පදක්කම දිනලත් ටික වෙලාවකින් ආපහු දෙන්න සිද්ධ වුණා. ඒ මංතීරු ගැටලුවක් නිසා.

එතකොට අපිට පදක්කම් නැද්ද?

එහෙම හිතමින් ඉන්න අස්සෙ අපේ එක පදක්කම් බලාපොරොත්තුවක් අවුරුදු දාහතකට පස්සෙ ඉටු වෙන්නෙ. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමත් එක්ක. ඈ හීනයක් එළිකරපු කෙනෙක්. ඒක ලේසි නෑ. කිසිසේත්ම අමතක කළ යුතු නෑ. ඒ නදීෂා දිල්හානි ලේකම්ගේ විසින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලබාගත්ත රිදී පදක්කම නිසාවෙන්.

හැබැයි සියල්ල වෙනස් වෙන්න ගතවෙන්නෙ දවස් කීපයයි. පුංචි තරුෂි ලංකා මාතාව රනින් සරසනවා.

ඒත්, ඈ ආ මග රනින් ගෙත්තම් කළ එකක් නෙමෙයි. ඒක කටු පිරුණ එකක්.

‘තරුෂි කරුණාරත්නගේ සිහින බිඳ වැටෙයිද…?’

එළඹෙන 01 වැනිදා කොලොම්බියාවේ Cali හිදී ආරම්භ වීමට නියමිත ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව තරුෂි කරුණාරත්නට අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, එම ඉසව්ව පැවැත්වීමට නියමිත අගෝස්තු 01 වැනිදා පෙරවරුව වන විට ඇයට කොලොම්බියාවට ළඟාවීමට ගමන් කළ හැකිව තිබූ අවසන් ගුවන් යානයත් මගහැරීම හේතුවෙන්.

ලොව කනිෂ්ඨ මලල ක්‍රීඩකයන් සඳහා පැවැත්වෙන ප්‍රමුඛතම තරගාවලිය වන ලෝක ශූරතා තරගාවලිය සඳහා තරුෂි පරිසාධන මට්ටම සපුරා තිබුණේ මීට මාස කිහිපයකට පෙරයි.

එසේ වුවද මෙරට ක්‍රීඩා බලධාරීන් ඊයේ දිනය වන තුරුම එම තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන් ටිකට්පත් වෙන්කර තිබුණේ නැහැ. කෙසේ වුවද ඊයේ රාත්‍රියේ සිට තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ මවුපියන් ටොරින්ටන් ක්‍රීඩා සංකීර්ණයේ සිට විරෝධය පළකිරීමත්, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති විකාශ කිරීමත් සමග කඩිමුඩියේ ක්‍රියාත්මක වූ බලධාරීන් අද දිනයේ ටිකට් වෙන් කිරීමට උත්සහා කළා.

නමුත් ප.ව. 8.15ට ගුවන්‍ යානය පිටත්වීමට නියමිතව තිබියදී, ප.ව. 7.30 වන තෙක් Visa බලපත්‍ර සකසා දීමට බලධාරීන්ට හැකිවූයේ නැහැ.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගාවලියට සහභාගි වන හිරුෂ හෂේන් සහ නදුන් බණ්ඩාර පමණක් අවසන් මොහොතේ ගුවන් යානයට ගොඩවුවද, මීටර් 400 සහ මීටර් 800 ඉසව් සඳහා සුදුසුකම් ලබා සිටි තරුෂිට ගුවන්‍ ගමන මගහැරුණා.

ඒ අනුව හෙට දිනයේ අනෙක් කණ්ඩායම සමග තරුෂිව පිටත් කිරීමට කටයුතු කළද, ඇයට අගෝස්තු 01 වැනිදා පැවැත්වෙන මීටර් 800 ඉසව්ව මග හැරෙනු ඇතියි.’

මේ විදර්ශන ප්‍රනාන්දු මහත්තයා 2022 හත්වැනි මාසෙ 30 වැනිදා තියපු ෆේස්බුක් සටහනක්. අද වෙනකොට ඈ ගැන මුළු ලංකාවම කතා වෙනවා. ඒ අස්සෙ ඈව රුපියල් තිහක් නැති නිසා පුහුණු වීම් කරපු පිට්ටනියෙන් පන්නපු බවකුත් කියැවෙනවා. මේ සියල්ලම අද තරුෂිගෙ ඉතිහාසයේ කතන්දර. තරුෂිට කවදාවත් ආයෙ එහෙම වෙන එකක් නෑ. ඒත් තරුෂි වගේ තව අහිංසක කෙල්ලො කී දාහක් ලංකාවෙ ඇතිද?

මේ ළමයි දුවන්නෙ උන්ගෙ හිතේ හයියෙන්. උන්ට ප්‍රශ්න දාස් ගානක් තියෙනවා. දිනපු තරුෂිට ජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත්තට තරුෂිල රට යන්න ගේට්ටුව ඉස්සරහ උද්ඝෝෂණය කරන කාලෙ ඈ වෙනුවෙන් කවුරුවත් නෑ. ඒ කාලෙත් මේ කාලෙත් වෙනසක් නැතිව ළඟ හිටපු මෙන්න මේ මනුස්සයව ජාතික වීරයෙක් විදියට නම් කරන්න ඕනෙ.

මේ ෆේස්බුක් සටහන කවුරු ලිව්වත් නොදන්නවා වුණත් මේක ඒ විදියටම උපුටා ගත්තෙ මේ ලියපු කෙනාටත් ගරුත්වයක් විදියට.

‘මම සුසන්ත ප්‍රනාන්දු ගැන කාලෙකට පෙර දැනගන්නෙ අපේ ඉස්කෝලෙ FB පේජ් එකකින්. ඔහු කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වගේම ආනාව හැදූ දක්ෂ ක්‍රීඩකයෙක්. පාසලෙන් පස්සේ බණ්ඩාරවෙල අධ්‍යාපන විද්‍යා පීඨයෙන් ක්‍රීඩා ගුරුවරයෙක් ලෙස එළියට එන සුසන්ත සර් සිය දෙවැනි පත්වීම ලෙස වලලට එන්නෙ 1990 දී.

එතකොට වලල කුඩා ක්‍රීඩාපිටියක් තිබුණු සාමාන්‍ය පාසලක්ලු. සුසන්ත සර් 1990 දී ජාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලියට එන්නෙ එක ක්‍රීඩකයෙක් එක්ක. නමුත් මේ අපූරු මනුස්සයා අවුරුදු තුන හතරක් ඇතුළත මහනුවර ප්‍රබල බාලක බාලිකා පාසල් පරාජය කරන්නට සමත් වැඩ්ඩො ටිකක් දුම්බර මිටියාවතෙන් බිහිකරනවා පමණක් නෙවෙයි ලංකාවේ පළමු ක්‍රීඩා පාසල වලල විද්‍යාලයේ පිහිටුවන්නත් පුරෝගාමී භූමිකාවකට පණ දෙනවා. ඒ ආපු ගමන තමයි දශකයක් යනකොට රටම අභිභවා ගිහින් අද වෙනකොට ආසියාවම අභිභවා යන්නෙ.

ඔහු ගමේ කොල්ලො කෙල්ලො ටිකත් එක්ක අවුරුදු 33ක් තිස්සේ මේ ආපු ගමන බොහොම දුෂ්කර එකක් බව ලංකාවේ අපිට අමුතුවෙන් කියන්න ඕනෙ එකක් නෙවෙයි. බොහෝ කටු කාගෙන ඔවුන් සෑහෙන්න දුරක් පැමිණ තිබෙනවා. කොටින්ම අදටත් දන්න තරමට වලල ඉස්කෝලෙ තියෙන්නෙ මීටර් 200 ප්‍රාථමික ට්‍රැක් එකක්. ලංකාවේ ඉහළින් නම රැන්දූ පාසලකට පවා දෙන්න පුළුවන් පහසුකම් ටික පවා ලබාදෙන්න අපේ පාලකයන්ට අවශ්‍යතාවක් නැති එක ගැනත් පුදුම වෙන්න දෙයක් නෑ.

එවැනි කටුක මාවතක සුසන්ත සර් පෙන්වපු පාරෙ ආපු තරුෂි මීටර් 800 ජාතික ශූරිය වෙනකොට එම ඉසව්වේ ජාතික ශූරයා වෙන්නෙ ඇගේ අයියා හර්ෂ. ඒ වලලින් බිහිවෙච්ච ඩිල්ෂි, ශෙහාන්, සෙනිර, ඉඳුනිල්, මධුශංඛ වැනි ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ජවන හා පිටිය වැඩ්ඩන් සිය ගණනකින් දෙන්නෙක් පමණයි. ඔවුන් මෙතෙක් දිනපු ජාතික ශූරතා, ජාතික පාසල් ශූරතා ප්‍රමාණය සිය ගණනක්.

මේ සියල්ල එකතු වුණාම හමුවෙන්නෙ කවුරුවත් නොදන්න කතා ගොඩක්. ක්‍රිකට් වෙනුවෙන් හැම දේම කරන රටකට දැන් ඔලිම්පික් වෙනුවෙන් හීනයක් තියෙනවා. මේ විදියෙ කොල්ලො කෙල්ලො තව ඕනෑ තරම් ඇති. ඒ වෙනුවෙන් රටේ බලධාරීන් කොන්ද කෙළින් තියාගෙන වැඩකරනවා නම් මේ අත්පුඩිය තරුෂිට විතරක් නෙවෙයි, ඔය හැමෝටම…

හැබැයි හොඳට මතක තියාගන්න, මේ රේස් එකේ අන්තිම මීටර් පනහ වෙනකල් විස්තර විචාරකයො අපේ කෙල්ලව දැක්කෙ නෑ. එයාලා හෙව්වෙ ඉන්දියාවෙ ක්‍රීඩිකාව කෝ කියලා. එයාලා හිතුවෙ මේ පුංචි කෙල්ල කලබලේට ඉස්සරහට ඇවිල්ලා අන්තිමට ඉන්දියාවෙ චීනෙ දැවැන්‍තයන්ට පරාද වෙයි කියලා.

ඒත් අන්තිමේට හැමෝටම, ‘ශ්‍රී ලංකා….’ කියලා කෑ ගහන්න ඈ ඉඩ හැදුවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විශාල ජනකායක් එක්ක ජැක්සන් අවසන් ගමන් අරඹයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රුපියල් 100ට බනිස් 5ක් බඩ පැලෙන්න කන්න I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.