• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුපියල් 100ට බනිස් 5ක් බඩ පැලෙන්න කන්න I Sri Lanka Latest News

October 12, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඕනෙ එකක් රු. 20යි පීසා 5කුත් රු. 100යි…

අද වෙද්දී ලංකාවේ බඩු මිල ගොඩක් ඉහළ ගිහින්. ලොතරැයිය පවා රුපියල් 40ක් දක්වා මිල වැඩිවෙලා.(Sri Lanka Latest News)

ටොෆියකුත් දැන් රුපියල් 10ක් වෙලා. ඒ අතරතුර අද අපි කියන්න යන්නේ විශේෂ දෙයක්. ඒ තමයි රුපියල් 20ක් වගේ අඩු මුදලකට පීසා, මාළු බනිස්, සීනි බනිස්, කිඹුලා බනිස් වගේ ආහාර වර්ග විකුණන කෙනෙක් ගැන. අපි මේ ඉන්නේ ඉබ්බාගමුව මඩගල්ල පාරේ මානපහ ඉස්කෝලෙ ගාව. අපේ කතාවේ කතානායකයා තමයි දයා සෝමරත්න මහත්මයා. ඔහු ත්‍රිරෝද රථයක් ඉස්කෝලෙ ගාව නවත්තගෙන තමයි මේ ආහාර අලෙවි කරන්නේ. ඒ ත්‍රිරෝද රථයේ සඳහන් කරලා තියෙනවා රුපියල් 100ට බනිස් 5යි කියලා. ලංකාවේ අද තියෙන ජීවන වියදමත් එක්ක මෙච්චර අඩු මුදලට මේ ආහාර අලෙවි කරන්නේ කොහොමද කියන එක අපි දයා මාමා එක්ක කතා කරමු.

මුලින්ම කියන්න දයා මාමේ මොනවද මෙතැන තියෙන්නේ කියලා?

පීසා තියෙනවා, සැමන් බනිස් තියෙනවා, අල ලූනු මාළු බනිස් තියෙනවා, සීනිසම්බල බනිස් තියෙනවා, සීනි බනිස් සහ කිඹුලා බනිස් තියෙනවා.

මේ හැම වර්ගයක්ම රුපියල් 100ට 5ක් දෙනවද?

ඔව්. ඔක්කොම 100ට 5යි.

වර්තමාන ආර්ථික තත්ත්වයත් එක්ක කොහොමද මෙච්චර අඩුවට මේ දේවල් දෙන්නේ?

මම පුංචි ලාභයක් තියාගෙන තමයි මෙහෙම විකුණන්නේ. ඒ වුණාට ගොඩක් අය මේ කෑම ගන්න නිසා පාඩුවක් නෑ. රුපියල් 20ක් දීලා එක බනිස් එකක් ගන්නත් පුළුවන්. නැත්නම් 100ක් දීලා 5ක් ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ.

අපි බැලුවා දයා මාමා විකුණන මේ බනිස් වර්ගවල ඇතුළට දාලා තියෙන්නේ මොනවද කියලා. ඒ හැම බනිස් එකක්ම කිසි අඩුවක් නැති විදියට, දැක්කාම හිත පිරෙන විදියට, නැවුම්ව හදලා තියෙනවා. මේ කෑම වර්ග හදන්නේ කොහොමද?

අපි පාන්දර 1ට තමයි නැගිටින්නේ. ඊට පස්සේ බනිස් වර්ග ටික හදලා පෝරනුවෙන් බානකොට පාන්දර 4 වෙනවා. ඊට පස්සේ ඉතිරි කෑම වර්ග ටිකත් හදාගෙන උදේ 9 -10 වෙද්දී මෙතැනට එනවා.

එතකොට දයා මාමා මේ ඉස්කෝලෙ ගාව විතරද මේ මිලට බනිස් ගන්න පුළුවන්. නැත්නම් වෙනත් කඩවලටත් දානවද?

අපි කඩවලට මේවා දාන්නේ නෑ. සමහරු ඉස්කෝලවල කැන්ටින්වලට දාන්න මගෙන් අරගෙන යනවා. මෙතැන මේ මිලට බනිස් වර්ග තියෙනවා කියලා කටින් කට ආරංචිය ගියාට පස්සේ තමයි ඒ වගේ කට්ටිය එන්න පටන්ගත්තේ.

දයා මාමාගේ බේකරිය තියෙන්නේ කොහෙද?

මගේ ගෙදරම තමයි බේකරිය තියෙන්නෙත්. මානපහ බෝමළුව ගාවින් තියෙන පාරේ මුල්ම ගේ තමයි මගේ ගෙදර.

කොයි කාලෙද බේකරි රස්සාව ආරම්භ කළේ?

මම ඉස්සර කටුනායක ගාමන්ට්වල එහෙම වැඩකළා. මගේ මල්ලිත් බේකරි රස්සාව තමයි කරන්නේ. මම මල්ලි ගාවට ගිහින් වැඩ පුරුදු වුණා. ඊට පස්සේ මම මගේ පුතා එක්ක අවුරුදු 7ක් ත්‍රීවීල් දෙකක් අරගෙන ‘චූන් පාන්’ බිස්නස් කළා. ඒ අතර කොරෝනා වසංගතය ආවා. ඒ කාලේ පිටි මිටිය රුපියල් 25,000ටත් ගියා. පාන් පිටි මිල සෑහෙන්න ඉහළ ගියා. පෙට්‍රල් ලීටර් පහක් විතර පුච්චගෙන බිස්නස් ගියත් පාන් බනිස් ඔක්කොම ඉතුරුයි. බිස්නස් නෑ. ඒ නිසා ඒක නවත්තලා දැම්මා. ඊට පස්සේ ගස් කැපුවා, දර බිස්නස් කළා. ඒ වගේ පොඩි පොඩි රස්සාවල් කරගෙන අවුරුදු 3ක් විතර හිටියා. ඔය අතරතුර තමයි සීයට 5ක් දෙන මේ බිස්නස් එක කරන්න මම පටන්ගත්තේ.

රටේ තියෙන ආර්ථිකයත් එක්ක කෙනෙක් හිතන්න පුළුවන් රුපියල් 100ට බනිස් 5ක් දෙන්නෙ කොහොමද කියලා. බනිස්වල තත්ත්වය කොහොමද කියලා අහන්න පුළුවන් නේද?

බනිස්වල ප්‍රමිතිය පොඩ්ඩක්වත් වෙනසක් නෑ. හොඳටම තියෙනවා. නමුත් ප්‍රමාණයෙන් ටිකක් අඩු කරලා තියෙනවා.

දයා මාමා මේ බනිස් හදන්න ලොකු පිරිවැයක් දරනවා. වැඩකරන අයට ගෙවන්න ඕනේ, අමුද්‍රව්‍ය මිලට ගන්න ඕනේ, ප්‍රවාහන වියදම් දරන්න ඕනේ. මේ ඔක්කොම බලපුවාම ලාභයක් තියෙනවද?

මට තියෙන්නේ පුංචි ලාභයක්. ලාභය පොඩි වුණාට බඩු ගොඩක් විකිණෙන නිසා යම් මුදලක් එකතු වෙනවා. මගේ ළඟ වැඩකරන්නේ ඔක්කොම පවුලේ අයමයි. මගේ පුතා, ලේලි, මගේ බිරිඳ ඒ අය තමයි මේ වැඩේට උදව් කරන්නේ.

දයා මාමාගේ මේ ව්‍යාපාරය තියෙන තැනට එන විදියත් අපි මතක් කරමු?

මානපහ බෝමළුව පන්සල ගාවින් හැරුණාම තියෙනවා ඇළ. එතැන තියෙන මුල්ම ගෙදර මගේ මම කෑම විකුණන්නේ මානපහ ඉස්කෝලෙ ළඟ. උදේ 10 ඉඳලා රෑ 7 විතර වෙනකල් මම ඉස්කෝලෙ ගාව ඉන්නවා.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ආසියාවම පරද්දවන්න ලංකාවම කරේ තියන් දුවපු අපේ රත්තරං කෙල්ල I Sri Lanka Latest News

Next Post

රාමා රාවණා යුද්ධෙ නැතිවත් සීතා තාමත් අනතුරේ I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.