• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පලස්තීනයට එරෙහිව ඊශ්‍රායලය නිල වශයෙන් යුද්ධය පටන් ගනී! ලෙබනන-ඉරාන සහාය පලස්තීන හමාස් සටන්කරුවන්ට! I Sri Lanka Latest News

October 8, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ඊශ්‍රායලයට එල්ල වන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයකු තුවාල ලබයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊශ්‍රායලයේ කැබිනට් මණ්ඩලය විසින් නිල වශයෙන් එරට යුද තත්ත්වයක් ප්‍රකාශ පත් කර තිබේ. Sri Lanka Latest News

ඒ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 500 ඉක්මවා යාමෙන් පසුවය.

පලස්තීනයේ හමාස් සටන්කරුවන් ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාර මාලාව සහ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් දෙරටේම පුද්ගලයින් 800 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

එමෙන්ම ඊශ්‍රායල සිවිල් වැසියන් 100ක් පමණ තවමත් පසුවන්නේ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපයේ බව වාර්තා වේ.

ගාසා තීරයේ පාලනය උසුලන හමාස් සංවිධානය ඊශ්‍රායල භූමියට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ ඊයේ (07) අලුයම් කාලයේ සිටය.

ඊශ්‍රායලයේ ටෙල් අවිව් ඇතුළු ප්‍රධාන නගර ඉලක්ක කළ රොකට් ප්‍රහාර 7,000ක් පමණ එල්ල කරමින් ආරම්භ වූ ප්‍රහාරය නම් කර තිබුණේ අල් අක්සා ප්‍රහාරය ලෙසය.

ඒ, පලස්තීන ජාතිකයින්ගේ ශුද්ධ දෙවොලක් වූ අල් අක්සා දේවස්ථානය ඉලක්ක කරගනිමින් ඉකුත් සැප්තැම්බර් මස එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය ක්‍රියාත්මක වීම හේතුවෙනි.

ප්‍රහාරය යටතේ ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමෙන් රටට ඇතුළුවීමට හමාස් සටන් කරුවන් සමත් වුයේ ඊශ්‍රායලයේ දැඩි  ආරක්ෂක වළලු බිඳ හෙළමිනි.

අනුකම්පා විරහිතව ක්‍රියාත්මක වූ හමාස් ප්‍රහාරය යටතේ සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කෙරුණි.

මේ වනවිටත් ඊශ්‍රායලය තුළ ස්ථාන 8ක හමාස් සටන්කරුවන් සහ ඊශ්‍රායල හමුදා අතර දරුණු ගැටුම් පවතින බව වාර්තා වේ.

දැනට හමාස් ප්‍රහාරවලින් ඝාතනය වී ඇති ඊශ්‍රායල සිවිල් වැසියන් සහ හමුදා සෙබළු ගණන 500 ඉක්මවා තිබේ.

එමෙන්ම මේ වනවිටත් කාන්තාවන්, ළමයින් ඇතුළු ඊශ්‍රායල සිවිල් වැසියන් සහ සෙබළු 100කට ආසන්න පිරිසක් හමාස් ප්‍රාණ ඇපයේ පසුවන බව ඊශ්‍රායලය ද නිල වශයෙන් පිළිගෙන තිබේ.

ඊශ්‍රායලයට අනුව ගැටුම්වලින් මියගිය හමාස් සටන්කරුවන් ගණන 400 ඉක්මවා ඇත.

මේ අතර පලස්තීන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ගාසා තීරයේ ඉලක්ක 150ක් වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබුණි.

ගෙවුණු පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ළමුන් 20ක්ද ඇතුළුව මියගිය පලස්තීන ජාතිකයින් ගණන 300කට අධික වන අතර, තුවාල ලැබූවන් ගණන 2,000කට ආසන්න බව සඳහන් වේ.

මේ අතර මෙය කළු දිනයක් ලෙස නම් කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු හමාස් සංවිධානය වෙත අනතුරු ඇඟවූයේ බරපතළ පළිගැනීමකට මුහුණදීමට සූදානම් විය යුතු බව පවසමිනි.

එමෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලය වෙත ප්‍රහාර අරඹා තිබුණි.

ලෙබනනය වෙත ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූයේ ඒ අනුවය.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ප්‍රහාර සඳහා ඉරානයේ සහාය තමන්ට හිමිවූ බවය.

තවද හමාස් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන පාර්ලිමේන්තුව තුළ සහාය පළකෙරුණි.

එමෙන්ම ප්‍රහාරයට සහාය පළකරමින් ටෙහෙරාන් අගනුවර සැණකෙළි ස්වරූපයක් ගත්තේය.

ඊශ්‍රායල පලස්තීන ගැටුමේ ඉතිහාසය

20 වැනි සියවස ආරම්භය වන විට පලස්තීනය පාලනය වූයේ තුර්කියේ ඔටොමාන් පාලනයේ කොටසක් ලෙසය.

එවක පටන් ඉස්ලාමීය, කතෝලික සහ යුදෙව් ජනතාව ඉතා සාමකාමීව එරට වාසය කළේය.

පළමු ලෝක සංග්‍රාමයෙන් අනතුරුව ඔටොමාන් පාලනය බිඳවැටුණු අතර පලස්තීනය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විය.

මේ කාලය වන විට පලස්තීනය තුළ යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ සංකල්පය යුරෝපය තුළින් මතුවී තිබුණේ ඊශ්‍රායලය නම් යුදෙව් රාජ්‍යය පිළිබඳ සිහින දුටු ‘සයන්’ මතවාදීන්ගේ මැදිහත්වීමෙනි.  

එහිදී යුරෝපය පුරා සිටි යුදෙව්වන් පලස්තීනය වෙත සංක්‍රමණය වීම සිදුවිය.

එවන් පසුබිමක, පලස්තීනය තුළ යුදෙව් රාජ්‍යයකට සහාය දැක්වීමට බ්‍රිතාන්‍යය අනුමැතිය දුන්නේ 1917 දී ය.

මේ අනුව ඒ වෙත පැමිණෙන යුදෙව්වන් ගණන වේගයෙන් ඉහළ ගියේ අරාබිවරුන් සහ යුදෙව්වන් අතර ගැටුම්කාරී තත්ත්වයක්ද නිර්මාණය කරමිනි.

පසුව එහි පාලනය අත්හැර එය එක්සත් ජාතීන් අතට පත්කිරීමට බ්‍රිතාන්‍යයන් පියවර ගත්තේ එකම රටක් තුළ රාජ්‍යයන් දෙකක් බිහිකරමිනි.

ඒ යුදෙව් ඊශ්‍රායලය සහ අරාබි පලස්තීනය යි.

මේ දෙපාර්ශ්වයටම ආගමික වශයෙන් අතිශය වැදගත් ජෙරුසෙලම් නගරය අදටත් පවතින්නේ එක්සත් ජාතීන්ගේ නියාමනය යටතේ නිදහස් නගරයක් ලෙසය.

අසල්වැසි අරාබි රටවල විරෝධය නොතකා නිදහස් ඊශ්‍රායලය පළමුවරට ප්‍රකාශයට පත් කෙරුණේ 1948 වසරේ මැයි 14 වැනදාය.

එහිදී දෙරට අතර පළමු යුදමය තත්ත්වය නිර්මාණය විය.

රටේ සමස්ත භූමියෙන් සියයට 78ක පාලනය ඊශ්‍රායලය හිමි කරගත්තේ,  පලස්තීන ජාතිකයින් ගාසා තීරය සහ බටහිර ඉවුර නම් කලාප දෙකකට සීමාකරමිනි.

එහිදී පලස්තීන වැසියන් ලක්ෂ 7ක් සරණාගතභාවයට පත්විය.

1967 දී පැවති දෙවැනි යුද්ධයෙන් පසු සමස්ත පලස්තීනයේම පාලනය ඊශ්‍රායලය අතට පත්විය.

මෙලෙස උග්‍රවූ පීඩනයේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රචණ්ඩ මුුහුණුවරක් ගත් හමාස් සංවිධානය බිහිවිය.

මිලියන 2.3ක පලස්තීන ජාතිකයින් වෙසෙන ගාසා තීරය 2007 වසරේ සිට පාලනය වන්නේ හමාස් සංවිධානය යටතේ ය.

මේ වනවිට ආරම්භ වී ඇත්තේ 1973 වසරෙන් පසු කලාපයේ උද්ගත වූ ප්‍රබලතම ගැටුම්කාරී තත්ත්වයයි. -දෙරණ

SendShareShare
Previous Post

තණකොළ නිසා මඩකලපුව ගිනියම් වෙයි! ‌රාසමාණික්කම් එක්ක මිනිස්සු පාරට බහී! පොලිසිය උද්ඝෝෂකයන් වට කරගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක කාර්යාලයේ මේ මේසේ දෙපැත්තේ ඉඳගෙන IMF එකත් එක්ක අපි කතා කළා! සජිත් මූණටම පීටර් බෲවර්ට කිව්වා! ඔහු තිගැස්සුණා.. ආයෙත් ඒක ඇහුවා! සජිත් ආයෙත් ඒක මූණටම කිව්වා! හර්ෂ රහසක් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper