ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳින්නට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, අගම් බේදයකින් තොරව රටේ සියලු ජනතාවට මුහුණ පෑමට සිදුවු බව සිහිපත් කළ ජනාධිපතිවරයා සියලු බෙදීම් අවසන් කර අද රට වෙනුවෙන් සියලුදෙනා එකට එක්ව ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බව ද සඳහන් කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් අද (07) පැවති උත්සවයට එක්වෙමිනි.

















