• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

RW සහ DW..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

October 7, 2023
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
RW සහ DW..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2013 නොවැම්බර් 13 යූ.ඇන්.පී. මූලස්ථානය වූ සිරිකොතේ අපූරු සිද්ධියක් සිදුවිය. එම සිදුවීම නම් ලංකාවේ යුද අපරාධ හෙළිදරව් කළ බි්‍රතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ අධ්‍යක්ෂ කැලම් මැක්රේ සිරිකොතට පැමිණ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමය. පුවත්පත් සාකච්ඡාව සංවිධාන කළේ එවක යූ.ඇන්.පී. මන්ත්‍රී මංගල, පක්ෂ නායක රනිල්ගේ අනුමැතිය මතය. පසුව චැනල් ෆෝ අධ්‍යක්ෂවරයා සිරිකොතට ගෙන්වා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීම ගැන බොදුබල සේනා සංවිධානය පසු දිනෙක සිරිකොතට කඩාපැන විරෝධය පළ කළේය. එයට බොදුබල සේනා හිමිවරුද සහභාගි වූහ. බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමිද ඒ අතර වූහ. හාමුදුරුවරු ඇතුළු බොදුබල සේනා සිරිකොත වටකරද්දී යූ.ඇන්.පී. මන්ත්‍රීවරු පැමිණ ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් සමාව ඉල්ලූහ. පසුව පක්ෂ නායක රනිල් විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ චැනල් ෆෝ අධ්‍යක්ෂ සිරිකොතට පැමිණ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට එරෙහිව සිරිකොත වටකළ බොදුබල සේනා සංවිධානයෙන් සමාව ඉල්ලීම වරදක් බවත්, එලෙස සමාව ඉල්ලීමට කිසිදු යූ.ඇන්.පී. මන්ත්‍රීවරයකුට තමා බලය පවරා නැති බවත්ය. හැබැයි මෙහෙව් රනිල් හරියටම වසර 10කට පසු 2023 ඔක්තෝබර් දින ජර්මානු රූපවාහිනී සේවයක් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් මෙසේ කීවේය.Sri Lanka Latest News

‘ඇයි ඔබ චැනල් ෆෝ නාලිකාව ඔය තරම් පූජනීය ලෙස සලකන්නේ? මම එහෙම කරන්නේ නැහැ. ඔබ කතා කරන්නේ චැනල් ෆෝ වාර්තාව පරම සත්‍ය ලෙස තබාගෙනයි…’

ප්‍රභාකරන්ගේ පුතා ඝාතනය ඇතුළු යුද්ධයේදී සිදුවූ අපරාධ, වැඩසටහන් 4කින් පෙන්වූ චැනල් ෆෝ අධ්‍යක්ෂ කැලම් මැක්රේව වීරයෙක් ලෙස පිළිගෙන සිරිකොතට ගෙන ආ රනිල්ට ජනාධිපති වූ පසු චැනල් ෆෝ ද්‍රෝහියෙක් වුණේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයකි. එපමණක් නොව එම සම්මුඛ සාකච්ඡාවේදී රනිල් ඇමෙරිකාවටයි බටහිර රටවලටයි ගහගෙන ගහගෙන ගියේය.

‘රනිල්ට තියෙන හයිය සහ සජිත්ට නැති හයිය මොකක්ද කියලා දන්නවද?’

මේ, පරණ යූ.ඇන්.පී. පතාකයෙක් ඒ කාලේ අහපු ප්‍රශ්නයකි.

‘රනිල්ට තියෙන ඇමෙරිකානු සබඳතා, බටහිර සබඳතා සජිත්ට නැහැ…’

මේ, ඔහුම අහපු ප්‍රශ්නයට ඔහුම දුන්න උත්තරයය. යූ.ඇන්.පී.කාරයෝ වසර 30කට ආසන්න කාලයක් ඡන්ද පිට ඡන්ද පරදිද්දී රනිල්ව නායකත්වයේ තියාගත්තේ රනිල් වගේ ජාත්‍යන්තර මොළයක් ලංකාවටම නැහැ කියලාය. ඔවුන් හිතුවේ රනිල් ඡන්ද පරාජය වූවාට ඇමෙරිකාව බටහිර රටවල් සහ ඉන්දියාව කොයි මොහොතේ හෝ රනිල්ව බලයට ගෙන එන්න ගේමක් ගහයි කියලාය.

‘රනිල්ට අකැමැති වුණත් කැමැති වෙන්න වෙනවා…’

මේ, රනිල් ආසනයත් පරාජය වෙලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආ විට යූ.ඇන්.පී. මාධ්‍ය හදපු කැම්පේන් ස්ලෝගන් එකය. ආර්ථික අර්බුදය දරුණු වෙද්දී අර්බුදය ජය ගන්න ජාත්‍යන්තර සබඳතා ඇති එකම නායකයා රනිල් බවත්, මේ නිසා රනිල්ට අගමැති ධුරය දීම හැර රාජපක්ෂවරුන්ට වෙන විකල්පයක් නැති බවත් ඔවුහු කීහ.

රනිල් අගමැති කොට ජනාධිපති කළ විටත් පොදුජන පෙරමුණ කීවේ මේ කතාවය.

‘ඇමෙරිකාවට යුරෝපයට කෙළින්ම කතා කරලා ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන්න ආධාර ගන්න පුළුවන් අද ලංකාවේ ඉන්න එකම නායකයා රනිල්. රාජපක්ෂලාට ඇමෙරිකාව, යුරෝපය එක්ක හොඳ සබඳතා නැහැ. ඒ නිසයි අපි රනිල්ව ජනාධිපති කළේ…’

මෙහෙම කිව්වේ එස්.බී. දිසානායකය. රනිල්ද අගමැති වූ විගස තමාව හමුවෙන්න ආ ඇමෙරිකානු තානාපතිනිය, ඉන්දීය මහ කොමසාරිස් සහ බටහිර රටවල තානාපතිවරුන්ගේ පින්තූර මාධ්‍යවල ලොකුවට පළකරවා ගත්තේය. ඔහු බටහිර මාධ්‍යයන්ට සම්මුඛ සාකච්ඡා දී තමාට බටහිර රටවල තියෙන පිළිගැනීම ලංකාවට පෙන්නුවේය. ඉන් පසු ඔහු බටහිර නායකයන් හමුවී ඒ පින්තූර ලංකාවේ මාධ්‍යවල පළකරවා ගන්න රට යන්න පටන් ගත්තේය.

මුලින්ම ගියේ එලිසබෙත් රැජිනගේ අවමඟුලටය. එහිදී බි්‍රතාන්‍ය අගමැති හමුවී ජර්මනියේ චාන්සලර් හවුමී ඔහු ඒ පින්තූර ලංකාවේ මාධ්‍යවල පළකරවා ගත්තේ ලෝකයේ සියලු රාජ්‍ය නායකයන් ඉන්නේ තමා සමග බව පෙන්වමිනි. ඉන් පසු ඔහු ලංකාවේ ඕනෑම ජනාධිපතිවරයකුට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා ලැබෙන ආරාධනා පත් තෝරාගෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලට ගොස් රාජ්‍ය නායකයන් හමුවී ඒ ඡායාරූප පළකරවා ගත්තේය. ප්‍රංශ ජනාධිපතිගේ ගුවන් යානයට තෙල් ගහන්න ලංකාවට ආ විට ගුවන් තොටුපළට ගොස් සාකච්ඡා පවත්වා ප්‍රංශ ජනාධිපතිවරයෙක් ඉතිහාසයේ පළමු වරට ලංකාවට ආවා යැයි ආඩම්බරයෙන් කීවේය.

‘රනිල් මාර පොරක්. ඔක්කොම රාජ්‍ය නායකයෝ මිනිහගේ සාක්කුවෙනේ…’

මිනිස්සුත් කියන්න පටන් ගත්හ.

‘හැබැයි රටට මොනවද ලැබෙන්නේ..,?’

මිනිස්සු මෙහෙම කියන්න පටන් ගත්තේ අවුරුද්දක් පුරා රනිල්ගේ රට සංචාර දිහා බලා ඉඳලා ඇතිවෙලාය. රනිල් හිතුවේ තමාගේ විදේශ සංචාර කැම්පේන් එකේ පීක් එක නොහොත් ලොකුම ජයග්‍රහණය ඇමෙරිකානු ජනාධිපති හමුවීම කියාය. ඒත් ඇමෙරිකානු ජනාධිපති රනිල් හමුවෙන්න ඇපොයින්මන්ට් එකක් දුන්නේ නැත. රනිල් සති දෙකක් තුළ කියුබාව, ඇමෙරිකාව, ජර්මනියේ සංචාරය කළේ අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය දෙන්න ලංකා ආණ්ඩුව සමග ප්‍රගතිය සාකච්ඡා කරන්න ඇවිත් ඉන්න වෙලාවකය. රනිල් ඇමෙරිකාවේ සිට ලංකාවට ඇවිත් ජර්මනියට ගියේ ඇමෙරිකානු ජනාධිපති හමුනොවීම ගැන කනස්සල්ලෙන්ය. ඔහු ජර්මනියට ගිය විට අයි.එම්.එෆ්. රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව හරි නැහැ කියා අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය කල්දමන බව නිවේදනය කළේය. රනිල්ට කේන්ති යන්න ඇත්තේ එවිටය.

ඔහු ජර්මානු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාකරුට පිට කළේ ඒ කේන්තියය. රනිල් ඇමෙරිකාවට ගිය වෙලාවේත්, ජර්මනියට ගිය වෙලාවේත් ඇමෙරිකානු රාජ්‍ය දූතයන් සහ ජර්මන් රාජ්‍ය දූතයන් රනිල්ට කීවේ වහාම ඡන්දයක් තියන්න, මර්දන අණ පනත් හකළා ගන්න, පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් තියන්න, දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියාය.

රනිල් හිතාගෙන හිටියේ රනිල් ජනාධිපති වුණාම ඇමෙරිකාව ඇතුළු යුරෝපය මෙහෙම කියයි කියාය.

‘ඔබ අපේ මිනිහා. ඡන්ද ඕනෙ නැහැ. අපි ඔබව බලාගන්නම්. අපි ආධාරත් දෙන්නම්. අපි රාජපක්ෂලාට දමපු කොන්දේසි ඔබට දමන්නේ නැහැ…’

මේ, රනිල් ඇමෙරිකාවෙන්, යුරෝපයෙන් අහන්න කැමැති වූ කතාවය. ඔවුන් ඒ කතාව කිව්වේ නැති වුණාට රනිල්ට කේන්ති ගියේය. ලංකාවේ කළු සුද්දා කී රනිල් සුද්දන්ට බණින්න ගත්තේ ඉන් පසුවය.

රනිල් ජනප්‍රිය නායකයෙක් නොවේ. ඔහුට තිබුණු එකම සුදුසුකම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඔහුට කැමැති වීමය. ඔහු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට ගහනවා කියන්නේ ඔහුට තිබුණු එකම සුදුසුකමත් ඔහු නැතිකර ගෙන ඇති බව මහජනතාවට පෙන්වීමකි.

‘රනිල් ලොක්කා මහින්දගේ බේස් එකට කතා කළා. රනිල් ලොක්කා චීනය එක්ක ගේමක් ගහයි…’

මේ, රනිල්වාදීන් උඩ පැන පැන හදන කතාවය.

චීනයට ගේම ගහන්න රනිල් ඕනෑ නැත. ඒකට රාජපක්ෂලා කප් ගහපු කට්ටියය. රනිල්ට ටයි කෝට් ගහගෙන ඉංග්‍රීසි කතා කරලා, ඇමෙරිකාවෙන් යුරෝපයෙන් ආධාර ගන්න බැරි නම්, පොදුජන පෙරමුණටවත්, මහජනතාවටවත් රනිල්ගෙන් වැඩක් නැත. ඒ නිසා රනිල්වාදීන් මේ කරන්නේ මැස්සා මරන්න රජුට කඩුවෙන් කොටපු වඳුරා කරපු දෙයමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

දිවුලපතානේ ජනතාව ගමෙන් පලවා හැරීමට එරෙහිව ගම්වාසීන් මහවැලි කාර්යාලයේ විරෝධතාවක! Sri Lanka Latest News

Next Post

මාර්ග දෙපස ඇති අවදානම් ගස් වහාම ඉවත් කරන්න! ඇමැතිගෙන් උපදෙස්! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.