කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක්ව රෝහල්ගතකර තිබේ.
අනතුර සිදුව ඇත්තේ කොළඹ නෙලුම්පොකුණ රඟ හල දෙසින් නිදහස් චතුරශ්‍රය දෙසට පිවිසීමේදී CCC ක්‍රීඩාංගණය අසළ පිහිටි චතුරශ්‍රය ආසන්නයේදීය.
එම ස්ථානයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගැටුණු මෝටර් රථය වතුර පොකුණක ගැටී නතරවී තිබේ.
මෙම රථය පැදවූ බවට පැවසෙන උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම රථය පැදවූ බවට පැවසෙන උසස් පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
-දෙරණ










