ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැතිව සිටියදී මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ලවා ජිනීවාවලදී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට දෙමුහුන් අධිකරණයක් යෝජනා කළ බවත්, ඉන් අනතුරුව වැඩ බලන ජනාධිපති සමයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව කී බවත් මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
එදා එසේ කතා කළ ජනාධිපතිවරයා අද පාස්කු ප්‍රහාරය පිළිබදව ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය නැති බව ජර්මානු මාධ්‍යයට පැවසීම විහිලුවක් බවත් ඒ මහතා කීය.









