• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

පුංචි නවසීලන්තයේ හෝරාවක්

March 14, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
පුංචි නවසීලන්තයේ හෝරාවක්
Share on WhatsAppShare on Facebook

හිරු මුදුන් වීමට ආසන්න අව් කාෂ්ටකයේ වුවද, සමනොළ ගිරි පෙදෙසින් හමා එන සිහිල් සුළං දහරා හේතුවෙන් ගතට දැනෙන විඩාවක් නම් නොමැත. වම් පසින් හරිත ගොමුද, දකුණු පසින් නිමක් නොවෙනා ලෙස විහිදී ඇති පතනේ චමත්කාරයද විඳිමින් අප නොඉවසිල්ලෙන් ගමන් කරමින් සිටින්නෙමු. පලාපැහැය දිගුකාලීනව තද හිරු රශ්මියට නිරාවරිත වීමෙන් අවපැහැ ගැන්වී ඇත. ඇස් මානයේ වටපිටාව සංචාරකයකුට ගෙන එනුයේ සීත රටක ගිම්හානයේ ඇවිද යන්නාක් බඳු හැඟීමකි.

සමනල අඩවිය හා හෝර්ටන් තැන්න වන අඩවිය මැදි කරගනිමින්, බොගවාන තේ වතුයාය හා බෝපත්තලාව ජාතික පශු සම්පත් ආයතනයට ආසන්නව හරිත කන්ද පිහිටා තිබේ. කොළඹ සිට පැමිණෙන්නකු නම් හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ලටද, කරවනැල්ලෙන් කිතුල්ගල ගිනිගත්හේන හරහා හැටන් නගරයට පැමිණ බළන්ගොඩ-හැටන් මාර්ගයේ බොගවන්තලාවට පැමිණිය යුතුය. රාත්‍රි කඳවුරු ගතකිරීමට හරිත කන්ද යොදාගන්නේ නම් අවශ්‍ය දේ බොගවන්තලාව නගරයෙන් මිලදීගත හැක. නගරයේ සිට බොගවාන වතුයායේ සහකාර කළමනාකරුගේ බංගලාව දක්වා ගමනින් අනතුරුව කඳු මුදුන සොයා පාගමන ආරම්භ වේ.

බේරුවල සිට උදෑසන 3ට ගමන ආරම්භ කළ මටත්, කසුන්ටත්, පවන්, ලහිරු හා ලක්ශාන් ගමන අතරමඟදී එකතු වූ අතර කොළඹ කොටුවට ළඟාවන විට පස්දෙනකුගෙන් යුතු වූ අප කණ්ඩායම උදෑසන 9 පසුවනවාත් සමඟම හැටන් නගරයට ළඟාවුණෙමු. හැටන් නගරයෙන් බොගවන්තලාව වෙත ගමනට හෝරාවකට ආසන්නව ගතවී තිබුණද, කාලය ගත වීම අපට නොදැන්වීමට මඟ දෙපස සුන්දරත්වය සමත් වී තිබිණි. දහයේ හෝරාවේදී බොගවන්තලාවෙන් උදෑසන ආහාරය ගෙන, ගමනේදී ගැනීමට අවශ්‍ය කෙටි ආහාරයක් මිලදී ගෙන බොගවාන වතුයාය වෙත ත්‍රිරෝද රථවලින් අප ගමන් කළෙමු. පැය භාගයකට ආසන්න කාලයකින් සහකාර කළමනාකාර බංගලාව අසලින් බැසගැනීමෙන් හරිත කන්ද සොයා අප ගමන් ඇරඹුවෙමු.

ඉතා වියළි ගිම්හානය වුවද, පහළින් ගලායන ජලපහරේ ජලය සිඳී නොතිබුණු අතර තේ වතු අතරින්, විනාඩි දහයක පමණ ගමනකින් අපි ශීඝ්‍ර බෑවුමකින් ආරම්භ වූ ගල් පොත්තක් මතින් ගමන් ගත් කඳු ගැටයකට අවතීර්ණ වුණෙමු. සීරුවට ගල්පොත්ත තරණය කිරීමෙන් අනතුරුව ක්‍රමවත්ව සැකසුණු අඩිපාරක් දිගේ සිග්-සැග් ක්‍රමයට පහසුවෙන් එම කඳුගැටය තරණය කිරීමට අපට හැකිවිණි. අනතුරුව තැන්නක් ආකාරයට සැකසුණු පතන මත, හරිත කන්ද තරමක් දුඹුරුවන්ව අප ඉදිරියේ දිස්විණි.

වර්ෂා කාලයට හරිත ලෝකයක් අයුරින් දිස්වන මේ ආශ්‍රිත ප්‍රදේශය ලංකාවේ පුංචි නවසීලන්තය ලෙසද අන්වර්ථ වේ. කඩින් කඩව ගල් කුළු අතරින් ගලා හැලෙන දිය දහරාද, පිදුරුතලාගල, කිරිගල්පොත්ත, අග්‍රාබෝපත්, ඩෙල්, ශ්‍රී පාද කන්ද ආදී ලෙස අනන්තයේදී වටවූ කඳු මුදුන්ද, සිරිපා අඩවිය හා හෝර්ටන් තැන්නෙන් මැදිවූ චමත්කාරයද ගමන සංචාරකයන්ගේ ආකර්ෂණයට නතුකිරීමට සමත් කෙරේ. පහසු තරණයක් ලෙස පෙනුණද ගමනේ සමහර තැන්වල පවතින දැඩි ආනතියත්, සුළං ප්‍රවාහයත් හමුවේ, ගමන් කරන්නන් ප්‍රවේශම් විය යුතු වේ. පොළඟුන් දිවියන්, වල් ඌරන් හා ගෝනුන් නිරන්තරයෙන් ගැවසෙන කලාපයක් වන නිසා ගමනේදී අවධානය ඉතා වැදගත් වේ.

කඳු පාමුල හෝරාහමාරක පමණ කාලයක් ඡායාරූපවලට, වීඩියෝගත කිරීම්වලට ගත කළ පසු වම්පසින් කඳුමුදුන වෙත දිවෙන මාර්ගයේ අප ගමන් කළෙමු. දකුණු පසට දිවෙන මාර්ගය භඛෘඊ ගොවිපළ වෙතයි. පැය භාගයකට වැඩි කාලයක තරණයකින් අනතුරුව හරිත කඳුමුදුනට ළඟා වී ගිම්හානයේ පුංචි නවසීලන්තය නිරීක්ෂණය කළෙමු. හෝරාවකට ආසන්න කාලයක් කඳු මුදුනේ ගත කරමින්, ඈතින් දිස්වන සිරිපා නමස්කාරයෙන් අනතුරුව ආපසු ගමන ආරම්භ කළෙමු.

පරිසරය සුරකිමින් ගමන නිමාකිරීමට අප සියල්ලන්ම කටයුතු කළ අතර එන අතරමඟදී, කිතුල්ගලදී හිරුබැස යන හෝරාවේ සිදුකළ ස්නානයද සංචාරක මතක ගොන්නට නවමු අත්දැකීමක් එක්කිරීමට සමත්විණි.
අකිල දහනායක

SendShareShare
Previous Post

ගැමුණු කුමරු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව

Next Post

ආසිරි සෙන්ට්‍රල් රෝහල මොළය සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත සැත්කම් 10,000 ඉක්මවයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.