• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ගැමුණු කුමරු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව

March 14, 2020
in Holiday
Reading Time: 3 mins read
A A
ගැමුණු කුමරු සුරනිමලට රහස් කිව්ව ගල්තලාව
Share on WhatsAppShare on Facebook

ළඟින්ම පෙනෙන්නෙ මීදුමෙන් වැහුණු අම්බුළුවා කන්ද. කන්ද මුදුනේ තියෙන ගොවිජන සෑයේ කොත මීදුම අතරින් යාන්තමට මතුවෙලා පෙනුණා. මේ ගම්පොළ නගරයට පෙනෙන හරිම ලස්සන දර්ශනයක්. අපි ගම්පොළට ආවෙ දොරගලට යන බස් එකක් තියෙන වෙලාව හරියටම දැනගෙන නෙවෙයි.

ගම්පොළින් දොරගලට යන බස් තරමක් අඩුයි. උදේ 8. 30 වෙද්දි අපි ගම්පොළ පෞද්ගලික බස් නැවතුම්පොළට ආවා. හරියටම ඒ වෙලාවට බසයක් පිටත්වෙන්න සූදානමිනුයි තිබුණේ. අද අපේ ගමනාන්තය වෙන්නෙ මොනරගල කන්ද. හැබැයි වැඩි දෙනෙක් මේ කන්ද ගැන දන්නෙ පීකොක් හිල් කියන නමින්. ගම්පොළ පහුකරගෙන නුවරඑළිය පැත්තට යද්දී පුස්සැල්ලාව කිට්ටු වෙනකොට දකුණු අත පැත්තෙන් දැකගන්න පුළුවන් ලස්සන කඳුවැටියක් තමයි මොනරගල. සන්නිවේදන කුලුනු තුනක් මේ කන්ද මුදුනේ දැකගන්න ලැබෙනවා. මොනරගල කන්ද හඳුනාගන්න තියෙන ප්‍රධානම සලකුණක් තමයි මේ කුලුනු.

ගම්පොළින් පිටත්වුණු බසය නුවරඑළිය පාරෙ ඇවිත් පාර දෙක කඩ වීදියෙන් දකුණට හැරිලා නිව් පීකොක් හිල් තේ වතුයාය හරහා ගමන් කළා. මුල හරියෙදි පාර තරමක් හොඳ තත්ත්වයේ තිබුණත් පස්සෙ ගොඩක්ම අබලන් වෙලා තිබුණා. බස් එක වුණත් හරිම අමාරුවෙන් තමයි කන්ද නැඟගෙන ඉස්සරහට ගියේ. කන්ද නැඟගෙන යද්දි මොනරගල මුදුනේ තියෙන සන්නිවේදන කුලුනු අපට දැකගන්න ලැබුණා. දුෂ්කර ගමනක අවසානයේ අපි දොරගල බස් නැවතුමට ළඟා වුණා. ගම්පොළ ඉඳලා කිලෝ මීටර් 20ක වගේ දුරක් වුණත් පැයකටත් වැඩි කාලයක් ගමනට ගතවුණේ පාරේ අපහසුතාව නිසාමයි.

මේ පාරට අමතරව දොරගලට එන්න පුළුවන් තවත් පාරක් තියෙනවා. ගම්පොළ නාවලපිටිය පාරෙන් උලපනේට ඇවිත් එතැනින් හැරිලා කොත්මලේ වේල්ල ළඟින් එන පාරෙන් කොත්මලේ වේල්ල නැරඹුම් ස්ථානයට යන තැනට එන්න ඕනෑ. එතැනින් වම් අත පැත්තට තියෙන කොත්මලේ සෑය පාරෙන් සෑයත් පහුකරගෙන දොරගලට එන්න පුළුවන්. වේල්ල නැරඹුම් ස්ථානය ළඟින් හැරෙන තැනමයි දුටුගැමුණු රජතුමාගෙ කාලෙ ඉඳන් එන කතාවට සම්බන්ධ දෙහදු කඩුල්ල පිහිටලා තියෙන්නේ. පුස්සැල්ලාව පාරදෙක හරහා එනවට වඩා මේ පාරෙන් යනවනම් බලන්න තියෙන දේවල් වැඩියි. වැස්ස අඩු කාලයක නම් දෙහදු කඩුල්ලට පහළින් කොත්මලේ ජලාශයෙන් මතුවෙලා පෙනෙන ජලාශයට යටවුණු කඩදොර විහාරයත් බලාගන්න පුළුවන්.

දොරගල බස් නැවතුම ළඟමයි තේ කර්මාන්තශාලාව දකින්න ලැබෙන්නේ. මොනරගල කන්දට යන පාර වැටිලා තියෙන්නෙ මේ කර්මාන්තශාලාව ළඟින්මයි. තාර දාලා සකස් කරලා තියෙන පාර පහසුවෙන් වාහනයකට යන්න පුළුවන් තත්ත්වයකයි තියෙන්නෙ. සමහර තැන් ගොඩක්ම පටුයි. වාහන වැඩියෙන් එන දවසක නම් තදබදයක් ඇතිවෙන්නත් පුළුවන්. මේ පාර දිගේ අපි පයින්ම ගමන පටන් ගත්තා-. පාර දෙපැත්තෙ ගොඩක් තැන්වල දකින්න ලැබුණෙ එළවළු වගා කරන ඉඩම්. එළවළු පටවා ගත්තු ලොරි කීපයකුත් දොරගල පැත්තට එනවා දැකගන්න ලැබුණා. ගැමි පරිසරය, නිස්කලංක වටපිටාව, සෞම්‍ය දේශගුණය එක්ක ගමනත් ඒ තරම් අපහසු නැහැ. දොරගල බස් නැවතුමේ ඉඳලා කිලෝමීටර් දෙකකට විතර කිට්ටු දුරක් ගෙවාගෙන අපි කන්ද නඟින්න පටන් ගන්න තැනට ආවා. මතක් කරන්න ඕනැ දෙයක් තමයි මෙතැන ලොකු වාහන නැවතුම් පොළක් නැහැ. ඉඩකඩ අඩුයි. පොඩි වාහනයක එනව නම් ගොඩක්ම පහසුයි.

පාරෙන් දකුණු අත පැත්තට තියෙන විශාල පයිනස් කැලයක් මැදිනුයි කඳු මුදුන දක්වා අඩි පාර විහිදෙන්නෙ. එක එල්ලේ නැග්මක් නැහැ. ඒ හින්දා නැඟීම පහසුයි. කන්ද නැඟගෙන ටික දුරක් යද්දි මුණගැහෙනවා අපි ඈතදීම දැකපු සන්නිවේදන කුලුනු. ඒවා පහුකරගෙන අපි කන්ද මුදුනටම ආවා. කන්ද නඟින්න පටන් ගත්තු තැන ඉඳලා විනාඩි විස්සක විසිපහක කාලයක් තමයි මුදුනට එන්න ගතවුණේ.

කන්ද මුදුනේ තියෙන කුලුනු බොහෝ වෙලාවට මීදුමෙන් වැහිලයි තියෙන්නේ. නුවරඑළිය පාරෙ පුස්සැල්ලාව පහුකරගෙන යන ඕනෑම කෙනකුට මේ කුලුනු දැකගන්න පුළුවන් වුණත් හොඳින් අහස පැහැදිලි දවසක තමයි එහෙම දකින්න ලැබෙන්නේ. සමහර වෙලාවට කන්දක් තියනවද කියලවත් හිතාගන්න බැරි තරමට මොනරගල කන්ද මීදුමෙන් වැහිලා යනවා. අපි ආපු අද දවසේ උදේ වරුවේ කන්ද තරමක් මීදුමෙන් වැහිලා තිබුණත් මුදුනට ඇවිත් ටික වෙලාවක් යද්දි හොඳින් අව්ව පායලා වටපිටාව සම්පූර්ණයෙන්ම පැහැදිලි වුණා.

කන්ද මුදුනෙදි අපට මුණගැහුණා මේ සන්නිවේදන කුලුනුවල මුරකරු. පෝය දවසට, සති අන්තවල නිවාඩු දවසට ගොඩක් දෙනෙක් කන්දට එන බව තමයි ඔහුගෙන් දැනගන්න ලැබුණේ. අපි ආවෙ සතියෙ දවසක හින්දා උදේ දහය හමාර විතර වෙද්දිත් කවුරුවත් ඇවිත් හිටියේ නැහැ. පරිසරය පුරාම තිබුණෙ හරිම නිදහස් බවක්. මුදුනෙ විහාරයක් හදන්න පටන් අරන් තිබුණත් ඒ කටයුත්ත අතරමඟ නැවතිලා තිබුණු බවකුත් දැකගන්න ලැබුණා.

කන්දේ ගල්තලාව කෙළවර ඉඳලා තිබුණේ එක එල්ලේ ප්‍රපාතයක්. මේ ගල් තලාව හරියට වේදිකාවක් වගෙයි. ඈතින් ඈතට පෙනෙන කඳුවැටි අතරේ අම්බුළුවාව, කබරගල ඇතුළු දොළොස්බාගේ කඳුවැටිය, අනෙක් පැත්තෙන් පිදුරුතලාගල, කිකිළිමාන කඳු හරිම සුන්දර දර්ශනයක්. මේ අතර තවත් ලොකු කුඩා කඳු වැටි, කඳු මුදුන් ගොඩක් දැකගන්න ලැබෙනවා. කඳු අතරින් ගලා හැලෙන රම්බොඩ, පූනා ඔය, ගැරඬි වාගේ දිය ඇලිවල දර්ශනයත් අතිශයින්ම සුන්දරයි. ඒ වගේම එක පැත්තක ප්‍රපාතයේ පෙනෙන්නේ කොත්මලේ ජලාශය. කොත්මලා ඔය නිම්නයත් ගොඩක් ලස්සනට පෙනෙනවා. ඒ වගේම කඳු බෑවුම් අතරින් විහිදෙන නුවරඑළිය පාරත් අනෙක් පැත්තෙන් දැකගන්න ලැබෙනවා. ළඟින් පෙනෙන පුස්සැල්ලාව නගරය වගේම ඈතින් ගම්පොළ නගරය දක්වාම විහිදිලා යන භූමියේ දර්ශනය හරිම ලස්සනයි.

මොනරගල කියලා මේ කන්දට නම ලැබුණෙ මොනරකුගේ හැඩයෙන් දකින්න ලැබෙන හින්දා කියලයි කියන්නෙ. ඈත ඉඳන් කන්ද දිහා බලද්දි එහෙම හැඩයක් හිතා ගන්න අමාරුයි. කන්ද මුදුනේ තියෙනවා ප්‍රධාන වැටියෙන් ඉස්සරහට නෙරපු පර්වත කොටසක්. ඒ කොටස නම් කන්ද මුදුනෙදි පෙනෙන්නෙ හරියට මොනරෙක්ගෙ හිස සහ බෙල්ලේ හැඩයට. එතැනට යනවා නම් ගල් පර්වතය දිගේම තව ඉස්සරහට ගිහින් ටිකක් පහළට බහින්න ඕනෑ. එතැන තමයි කඳු මුදුනේ ලස්සනම තැන. හැබැයි එතැන ඉඳලා තුන් පැත්තකටම තියෙන්නෙ බෑවුම. වැඩි ඉඩකුත් නැහැ. ප්‍රවේසම් වෙන එක ගොඩක්ම හොඳයි.

දුටුගැමුණු කුමාරයා මාගම ඉඳලා ඇවිත් ගොවිතැන් කරමින් අවුරුදු ගණනාවක්ම ඉඳලා තියෙන්නෙ කොත්මලේ ප්‍රදේශයේ කියලා ඉතිහාසයේ කියවෙනවනේ. මේ කන්ද පාමුල තියෙන කොටගේපිටිය කියන ගමේ තමයි කුමාරයා හිටිය බව කියන්නේ. ගැමුණු කුමාරයාට මාගමින් තොරතුරු ගෙනාපු සුරනිමල යෝධයා එක්ක සාකච්ඡා කළේ මොනරගල කන්දේ පර්වතයක ඉඳලා කියලා ජනප්‍රවාදයේ කියවෙනවා.

ටිකෙන් ටික දවල් වෙද්දී තවත් කණ්ඩායම් කීපයක්ම කන්ද මුදුනට ආව හින්දා පරිසරයේ තිබුණු නිස්කලංක ගතිය තරමක් දුරට අඩු වුණා. නිතර සෙනඟ ආවත් මුදුනේ පරිසරය අපවිත්‍ර වෙලා තියෙන බවක් නම් දකින්න ලැබුණේ නැහැ. මේ අතරෙ කන්ද ආයෙත් මීදුමෙන් වැහෙන්න ගත්තා. කන්ද මුදුනේ පැය දෙකක් විතර ගත කරපු අපි මීදුමත් එක්කම ආයෙත් පහළට බහින්න පටන් ගත්තා. මුදුන විතරයි මීදුමෙන් වැහිලා තිබුණෙ. පයිනස් වනාන්තරය මැදින් වැටුණු පාර පැහැදිලිව පෙනෙන්න තිබුණා. පරිසරයේ සුන්දරත්වය විඳිමින් දවසක් වුණත් ගත කරන්න පුළුවන් අපූරු කඳු මුදුනක් තමයි මොනරගල. හැබැයි පරිසරයත් ඒ විදියටම ආරක්ෂා කරගන්න එක එතැනට යන හැම කෙනෙක්ගෙම වගකීමක්-
මහේෂ් ඉන්දික විජේතිලක

SendShareShare
Previous Post

මංමුලාවී පාර සොයාගෙන මුහුදෙන් එතෙරට යන ගමනේ…

Next Post

පුංචි නවසීලන්තයේ හෝරාවක්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.