• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයාගේ ජර්මන් සංචාරයෙන් පසු IMF එකත් එක්ක කතා ‌කරනවා! දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා සාර්ථකයි! වැඩබලන මුදල් ඇමැති කියයි! VIDEO I Sri Lanka Latest News

September 29, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මේක අවසන් ‌නම් ලිස්ට් එක නෙමෙයි! නම් නැති ඔක්කොම ජුලි 10ට පෙර අභියාචනා ඉදිරිපත් කරන්න! මුදල් රාජ්‍ය ඇමැතිගෙන් දැනුම් දීමක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

එසේම දෙවැනි වාරිකය ලබා ගැනී‍ම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජර්මන් නිල සංචාරයෙන් පසුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමඟ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකරනු ලැබුවා. ඔවුන් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ඇගයීමක් සිදු කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය ඇතිකිරීම සඳහා මෙතෙක් ගෙන තිබෙන ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් සම්පූර්ණ කළ යුතුව තිබෙන කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණිය යුතුව තිබෙනවා.

කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් සංචාරය නිමා කර මෙරටට පැමිණීමෙන් පසුව සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සමඟ තවදුටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ධනාත්මක සමාලෝචනයක් සිදුකර තිබෙනවා. කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමෙන් පසුව ඉදිරි වැඩකටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකිවනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.

පසුගිය වසරට සාපේක්ෂව මෙරට රාජ්‍ය ආදායම සියයට 43 ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේදී බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා වැදගත් වෙනවා. වත්මන් බදු දැල තුළ සිටින කණ්ඩායමට අමතරව, බදු ගෙවිය යුතු පිරිස් සම්බන්ධයෙනුත් අවධානය යොමු කරනවා.
මෙරට රාජ්‍ය බදු ආදායම සම්බන්ධයෙනුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබෙනවා.

ඒ වගේම නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී මෙරට ජනතාව කටයුතු කරන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබෙනවා.දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන මේ වෙන විට බොහෝ දුරට සම්පූර්ණ කර තිබෙනවා. ඒ වගේම විදේශීය ණය සම්බන්ධයෙන් සාකච්ඡා සියලුම ණය හිමියන් සමඟ දැනටමත් සිදු කෙරෙමින් පවතිනවා.

විදේශීය ණය ප්‍රශස්තකරණ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව හුදකලා කර තිබෙන බවට ඇතැම් කණ්ඩායම් ප්‍රකාශ කරනවා. නමුත් විදේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ කිසිම රටක් අපට සහයෝගය ලබා නොදෙන බව ප්‍රකාශ කර නැහැ. එම රටවල් ධනාත්මක ලෙස අපත් සමඟ එම සාකච්ඡාවල නිරතව සිටිනවා. දේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වීමෙන් පසුව විදේශීය ණය ප්‍රශස්තකරණ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා.

මේ පිළිබඳ කිසිවෙකු සෘණාත්මක හැඟීමක් ඇති කරගත යුතු නැහැ. මීට වසරකට පෙර මේ රටේ පැවති ආර්ථික තත්ත්වයට වඩා මේ වසරේ අප ඉහළ මට්ටමකට පැමිණ සිටිනවා. එදා 70%ක්ව තිබූ උද්ධමනය අද 1. 3%ක දක්ව පහළ බැස තිබෙනවා. උද්ධමනය අඩු වීම රටේ ආර්ථිකයට විශාල ශක්තියක් බවට පත්ව තිබෙනවා.

පසුගිය වසරේ දේශීය වෙළෙඳ පොළේ භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය 30%ක මට්ටමක පැවතුණා. අද වන විට එය 13% ක ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙනවා. එම අඩු වීම මහා භාණ්ඩාගාරයටත් විශාල ශක්තියක් බව කිවයුතුයි.

අද මෙරට විදෙස් සංචිත ප්‍රමාණයත් ඉහළ ගොස් තිබෙනවා. සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමට පටන් ගෙන තිබෙනවා. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ සාමාන්‍ය පරිදි ලැබෙන්න පටන් ගෙන තිබෙනවා. රටේ ආර්ථික දියුණුවත් සමග මේ වසරට වඩා එළැඹෙන වසරේ ආර්ථික වර්ධන මාර්ග සිතියම කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට සැලසුම් සකස් කර තිබෙනවා.

රටක් ලෙස තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළයුතුයි. අප සෑම අවස්ථාවක ධනාත්මකව සිතිය යුතුයි. මීට වසර 20කට පෙර සිදුකළ යුතුව තිබූ මෙ‍රට ආර්ථික ප්‍රතිසංස්කරණ දැන් සිදුවෙමින් පවතිනවා. ලෝකයේ කුඩා රටවල් දියුණු වුණේ මෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් පමණයි.

රටක් ලෙස මුහුණදීමට සිදුවු අසීරු කාලය අප දැන් පසුකරමින් සිටින බව කිවයුතුයි. ජනාධිපතිතුමා ගෙන යන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන ගියහොත් ස්ථීර ලෙසම අනාගතයේදී ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගිය හැකියි.පටු දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයන්හි නිරතව සිටින කණ්ඩායම්වලට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වීම සුබවාදී නොවිය හැකියි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමෙන් පසුව 2024 වසරේ සුබවාදී ආර්ථිකයක් කරා රට ගෙන යාමට හැකියාව ලැබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-28

SendShareShare
Previous Post

අදටත් කරන්නේ හොරකම! අසංවර-විනයක් නැති දේශපාලකයන් ඉවත් කිරීමේ කාලය ඇවිත්! මිහින්තලේ හාමුදුරුවෝ ඔක්තෝබර් 14 වැනිදා නව සටනක් ආරම්භ කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තවත් මහා ගැහිල්ලක් එළියට එයි! අවුරුදු 3කට හරියන්න ‘මෙරපනම්’ ඖෂධ ලක්ෂ 18ක් තියෙද්දිත් ඖෂධ සංස්ථාව හදිසි මිලදී ගැනීම් යටතේ කෝටි 8ක් දීලා ‘මෙරපනම්’ ගේන්න හදනවා! මෙන්න ගහපු ලියුම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.