මේ වනවිට රජය විසින් එච්.එස්. කෝඩ් 600කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා පවතවාගෙන යන බවත් වර්තමාන ආර්ථික තත්වය තුළ, ලබන මාසයේ දී වාහන සඳහා අදාළ එච්.එස්. කෝඩ් 270කට ආසන්න ප්‍රමාණය හැර, අනෙක් සියලුම ආනයන සීමා නිදහස් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. (Sri Lanka Latest News)
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ නව බදු ප්‍රතිපත්තිය , IMF වැඩසටහන හා රාජ්‍ය ආදායම් හා ආර්ථික ස්ථායිකරණ වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්රණ මාලාවට එක් වෙමිනි.
දීප ව්‍යාප්තව පවත්වනු ලබන මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ පස්වන අදියර අනුරාධපුරයේ දී පැවැත්වුන අවස්ථාවේදීය. ඇමතිවරයා ඒ අවස්ථාවේ දී මෙසේ ද පැවසුවේය.
අපිට අත්‍යවශ්‍ය ආනයන කරන්න අපේ සංචිත ප්‍රමාණය ශක්තිමත් වෙමින් පවතිනවා. අපි හිතනවා දැනට එච්එස් කෝඩ් 600කට ආසන්න ප්‍රමාණයක ආනයන සීමා පවත්වාගෙන යනවා.
එතනින් අපිට ලබන මාසේ වෙද්දි වාහන සඳහා අදාළ එච්එස් කෝඩ් 270කට ආසන්න ප්‍රමාණය හැර අනෙක් සියලුම ආනයන සීමා අපට නිදහස් කිරීමේ හැකියාව තියෙනවා. ඒක ලබන මාසේ වෙද්දි නිදහස් වීම සිදු වේවි. ඒ තුළ මිල ස්ථාවරත්වයට විශාල පිටුවහලක් ලැබෙයි.
මොකද දැන් වෙලා තියෙන්නේ සමහර ඒවා සීමාකරලා තියෙන හින්දා ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙඳපොළේ නැහැ. එතකොට මිල ඉහළ යෑමක් සිදුවෙලා තියෙනවා.
ඒ හින්දා රජය ඉදිරියේ දී මේ විවෘත වෙළෙඳපොළ ප්‍රතිපත්තියට අදාළව කටයුතු කරනවා මිස ඒ අනවශ්‍ය මැදිහත් වීම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනින් අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ වෙළෙඳාමක් වෙනුවෙන් සියලු ව්‍යාපාරික ප්රජාවත් ගමන් කරයි කියලා.
රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමාර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා ඇත.
lankasara










