• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවදි වන්න..! අවදි වන්න..! මර්දනයට සූදානම්! කැරලි ගැසීමට තුඩු දෙන ප්‍රකාශන මාධ්‍යයේ පළ කිරීම තහනම්! කැරැල්ලක් ඇතිවුණොත් අවුරුදු 5ක් හිරේ! නැතොත් අවුරුදු 3ක් හිරේ! අසත්‍ය ප්‍රකාශ ෂෙයාර් කරන්නත් බෑ! පාරේ බෝඩ් උස්සන් ඉන්නත් බෑ! I Sri Lanka Latest News‍

September 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අවදි වන්න..! අවදි වන්න..! මර්දනයට සූදානම්! කැරලි ගැසීමට තුඩු දෙන ප්‍රකාශන මාධ්‍යයේ පළ කිරීම තහනම්! කැරැල්ලක් ඇතිවුණොත් අවුරුදු 5ක් හිරේ! නැතොත් අවුරුදු 3ක් හිරේ! අසත්‍ය ප්‍රකාශ ෂෙයාර් කරන්නත් බෑ! පාරේ බෝඩ් උස්සන් ඉන්නත් බෑ!  I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු සියලු ප්‍රකාශන ධාරාවන් පාලනය කිරීම අරමුණු කොට ගෙන ප්‍රධාන කෙටුම්පත් තුනක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානමින් සිටින බවට විපක්ෂ මන්ත්‍රීවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ ඇතුළු සංවිධාන රැසක් චෝදනා කර සිටිති.Sri Lanka Latest News‍

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හරහා ජනතාවගේ භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස ඇතුළු අයිතිවාසිකම් රැසක් කප්පාදු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවකි.

මෙහි පළමු කෙටුම්පත ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ ගැසට් කොට ඇති පනත් කෙටුම්පතය. දෙවැනි කෙටුම්පත වී ඇත්තේ නව ප්‍රතිත්‍රස්ත පනතය. තුන්වැන්න විකාශන අධිකාරි පනතය.

ආණ්ඩුව දැනට ගැසට් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ‘ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදිනය කිරීම, අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම, අසත්‍ය ප්‍රකාශ මගින් කැරැලි ගැසීමක් සිදුකිරීම සඳහා නිකරුණේ ප්‍රකෝපකරවීම, අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, වංචා කිරීම, අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම, සාමය කඩකිරීමක් සිදුකිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතවම නින්දා කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපයෝජන, වරදක් සිදුකිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම’ වරදක් ලෙස පෙන්වා දී ඇත.

මෙම වැරැදි පිළිබඳ සොයාබැලීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පත්කිරීමට නියමිත අතර, එහි සාමාජිකයන් පස්දෙනාම පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

ඒ අනුව, මෙම කොමිසම මගින් යම් අයකු වැරැදිකරුවකු ලෙස තීන්දු කළහොත් දඬුවම් කිරීමට හැකි පරිදි කෙටුම්පත සකස් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත්තේ මෙම කෙටුම්පත හේතුවෙන් ජනතාවට සමාජ මාධ්‍ය හරහා හෝ සිය පෞද්ගලික මතයන් ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවකි.

එමෙන්ම ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතාද පෙන්වා දී තිබුණේ ආදාළ මාධ්‍ය නියාමනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබියදී, මෙවැනි නව නීති අනවශ්‍ය බවත්, ජනාධිපතිවරයා විසින් පත්කරන කොමිසම ස්වාධීන නොවන බවත්ය.

ඒ අනුව මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම අධිකරණමය නොවන ක්‍රියාමාර්ගද ගතයුතු බව ඔවුන්ගේ මතය වී ඇත.

SendShareShare
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 439කට වෙච්ච දෙයක් නෑලු! Sri Lanka Latest News

Next Post

සමාජ මාධ්‍ය පාලනය හරහා ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිලිදෙන්න එපා! අධිකරණ ඇමැති ඉදිරියේදීම අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News‍

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.