• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුණු ගොඩක් ජාත්‍යන්තර පිට්ටනියක් කරපු ප්‍රේමදාස ඇතුලු කොළඹ නගර සභාවේ වික්‍රමය! I Sri Lanka Latest News‍

September 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කුණු ගොඩක් ජාත්‍යන්තර පිට්ටනියක් කරපු ප්‍රේමදාස ඇතුලු කොළඹ නගර සභාවේ වික්‍රමය! I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

මේ ලිපියෙන් ලියන්න සූදානම් වෙන්නේ ක්‍රිකට් ගැන නෙවෙයි. හැබැයි ක්‍රිකට් සම්බන්ධයෙන් පහුගිය දවස්වල වැඩිපුරම කතාවෙච්ච මාතෘකාවක් ගැන. ඒ තමයි ඛෙත්තාරාම පිට්ටනිය ගැන. ඛෙත්තාරාම ක්‍රීඩාංගණය හැදුවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව කියලා අතිශයෝක්තියෙන් ලියූ එක්තරා කතාවක් සමාජගත වීම සම්බන්ධව අතිශය කනගාටුවෙන් රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තිබුණා. ඒ ගැන අපිත් හොයලා බැලුවා. මේ පැහැදිලි කිරීම අපි ඔබට ලියන්න තීරණය කළා. Sri Lanka Latest News‍

ඛෙත්තාරාම පිට්ටනිය හැදුවේ ඇත්තටම කවුද? මෙතැනදී ඇස් අදහාගන්න බැරි, හිතාගන්න බැරි පැහැදිලි කිරීමක් රජිත් තමන්ගේ ෆේස්බුක් පිටුවේ තියෙනවා. ඒ තමයි ඛෙත්තාරාම පිට්ටනිය හැදුවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් නෙවෙයි, ඒක හැදුවේ කොළඹ මහනගර සභාවෙන් කියන එක. අද වෙද්දී නගර සභාව කියලා කියන්නේ හරියට කුණු ටිකවත් අයින් කරගන්න බැරි ආයතනයක්. නගර සභාවක් කියපු ගමන් අපට පේන්නේ කම්මැලිකම, පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න නිලධාරීන්, කොමිස් ගන්න හැටි, ෆයිල් එකක් පාස් කරගන්න අවුරුද්දක් හමාරක් යන කතන්දර, හිනා නොවෙන අහංකාර මිනිස්සු. ලියුම්කරුට මේ අත්දැකීම තියෙන්නේ නගර සභාවක නෙවෙයි, ප්‍රාදේශීය සභාවක. නගර සභාවලත් එහෙම තමයි. කොමිස් කියන එකට ලොකු තැනක් ලැබෙනවා. මේවා තමයි අපි අහලා තියෙන්නේ. හැබැයි මේ කියන කාලෙ වෙද්දී මොන තරම් දක්ෂ විදියට මේ වැඩේ කරන්න පුළුවන් වුණාද කියන එක අදහගන්න බෑ. මාස 6යි දින 10ක් ඇතුළත කුණු ගොඩක් පිට්ටනියක් කළා කියලා කියනවා. ඒකෙ ගෞරවය ආර්. ප්‍රේමදාස මහත්තයට හිමිවිය යුතුයි කියලත් කියනවා. ආර්. ප්‍රේමදාස මහත්තයා උදේ හවස මේ පිට්ටනිය හදන හැටි බලන්න ආවා කියලත් කියනවා. හෙලිකොප්ටරයෙන් යන ගමන් පිට්ටනිය හදන හැටි බැලූ බවත් රජිත් කීර්තිගේ එම සටහනේ සඳහන් වෙනවා.

ඇත්තටම පාලකයෙක්ට යම් කිසි දෙයක් සම්බන්ධව උනන්දුවක් තියෙනවා නම් ඒ ගැන වැඩියෙන්ම හොයලා බලපු කෙනෙක් තමයි ආර්. ප්‍රේමදාස මහත්තයා. පාන්දර 4ට නැගිටලා, තැන් තැන්වල ගිහිල්ලා, පෝලිම්වල වෙස් වළාගෙන ඉඳලා. ඔහු ගැන ලියැවුණා මදි කියලත් වෙලාවකට අපට හිතෙනවා. ඇත්තටම ආර්. ප්‍රේමදාස පුරාවෘත්තය කතාවක් විදියට ඔබ අසා සිටිය යුතු දෙයක්. මේ පිට්ටනිය හදන්න කොළඹ නගරාධිපතිව හිටපු සිරිසේන කුරේ මහත්තයා ප්‍රධානත්වය අරන් වැඩ කරලා තියෙනවා. මිලියන 110ක මුදලක් ඒ සඳහා වියදම් කරලා තියෙනවා. නගර සභාවේ සේවකයෝ 800ක ඍජු ශ්‍රම දායකත්වය ඊට ලැබුණා කියලත් කියනවා. මේ වියදම දාලා තියෙන්නේ නගර සභාවෙන්. විදුලි ආලෝක කුලුනු සඳහා අගමැති අරමුදලෙන් මුදල් සපයා දුන්නා කියලත් මේ සටහනේ තියෙනවා. මේ ආලෝක කුලුනු පිහිටුවිය යුතු ස්ථාන පිළිබඳ මේ වෙලාවේ සඳහන් කළේ මහාචාර්ය නලින් ද සිල්වා මහත්මයා කියලත් සඳහන් කරනවා. පළාත් පාලන ආයතනයක් වෙච්ච කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරුවෝ තමයි මේ වැඩේ සම්පූර්ණයෙන්ම සැලසුම් කළා කියලා කියන්නේ.

මේක ප්‍රශ්නයක් වෙන්නේ අද පළාත් පාලන ආයතන දිහා බලාගෙන ඉන්න අපට. ක්‍රිකට් පිච් එක හදන්න භාර වුණේ ස්ටැන්ලි ජයසිංහට කියලා කියනවා. ඔහුට ඒක කරන්න බැරිව ගියාම අනුරුද්ධ පොළොන්නෝවිටට මේ වැඩේ පැවරුවා කියලා කියනවා. ඔහු ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවරට ගිහින් බලලා ඇවිල්ලා තමයි පිට්ටනිය හැදුවේ කියලත් කියනවා. එන්.සී.සී. එකේ ග්‍රවුන්ඩ් බෝයි වුණු අලගසාමි තමයි ඒකට උපකාර වුණේ කියලත් සඳහන් වෙනවා. මේවා ඔක්කොම ඔස්ටේ්‍රලියාවෙන් ගෙනාපු බ්ලූ ග්‍රාස් ඇට තවාන් දාලා පැළවෙනකන් බලාගෙන හිටියට තණකොළ හැදුණේ නෑ කියලත්, ඒවා කූඹි කාපු හැටිත් මේ කතන්දර අස්සේ අපට මුණගැහෙනවා.

නාගරික ඉංජිනේරු මාරසිංහ පෙරේරා වැඩේ භාරව හිටියා කියනවා. නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු වාස් ගුණවර්ධන, ජල සහ මලාපවාහන පද්ධතියේ අධ්‍යක්ෂ එස්.ජී.වී. ගුණසේකර, එස්. ජයසුන්දර, කනගසිංහම්, සුසන්ත පෙරේරා වැඩේට සහාය දැක්වූ අය ලෙසත් සඳහන් වෙනවා. ඉඩම භාරවෙලා තිබුණේ ලක්ෂ්මන් පෙරේරාටයි, ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වුණේ ලෙස්ටර්. මේවා මේ විදියට සඳහන් වෙලා තියෙනවා. නාගරික කොමසාරිස් විදියට එදා ඉඳලා තියෙන්නේ කේ.ටී.ඩී. තිසේරා මහත්තයා. ඛෙත්තාරාමය විවෘත කරපු දවසේ ඊට දායක වෙච්ච ප්‍රධාන ඉංජිනේරුවන් සියලු දෙනාම එකට ගත්ත පින්තූරයක් තාමත් ඒ ගොඩනැගිල්ලේ තියෙන බවත් සඳහන් වෙනවා. මේ කතන්දරය දොරමඬලාවට ආපු ඉංජිනේරුවෙක් කියපු කතාවක් නිසා පළකළ බව තමයි සඳහන් වෙන්නේ පෝස්ට් එකේ. ඉතින් මං දන්නෙ නෑ ඒකෙදී මේවා හිතාමතා වරද්දලා නෙවෙයි වෙන්න ඇති. කොහොම නමුත් සිරිසේන කුරේ මහත්තයට නම් මේ සම්බන්ධයෙන් කටපාඩමින් නම්ගම් පවා කියන්න පුළුවන්කමක් තිබුණු බවත් සඳහන් වෙනවා. ඕමාර් කාමීල් හිටපු නගරාධිපතිතුමත් මේ ගැන දන්නවා.

කුණු ගොඩක් පිට්ටනියක් බවට පත්කරපු විශ්වකර්ම වැඩකට නිසි ගෞරවය ලබා නොදීම ගැන දැනුණු කනස්සල්ල නිසයි අපිත් මේ කතාව පත්තරේ ලිපියක් බවට පරිවර්තනය කරන්න තීරණය කළේ.

ජීවන පහන් තිළිණ

සැලකිය යුතුයි. -මේ කතාවේ තොරතුරු ලබා ගැනීමේදී රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ෆේස්බුක් පිටුවෙන් ‌තොරතුරු ලබාගෙන තියෙනවා. නමුත් ඒ මහතාගේ නම මව්රට මුද්‍රිත මාධ්‍ය සංස්කරණයේදී සදහන් වෙලා තිබුණේ නෑ. ඒ ගැන අපේ කනගාටුව. ඒ කොහොම වෙතත් මෙතෙක් ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ගැන කිසිදු මාධ්‍යයක නොලියවුණු කවුරුත් නොදත් කතා රැසක් ඉදිරි සතියේදී අපි මව්රට පුවත්පත ඔස්සේ ඉදිරිපත් කිරීමටත් සැලසුම් කරලා තියෙනවා.

SendShareShare
Previous Post

එජා නේවාසික සම්බන්ධීකාරක මහින්ද හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News‍

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 439කට වෙච්ච දෙයක් නෑලු! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.