අද උදෑසන බදුල්ල කන්දෙගෙදර පොලිස් ස්ථානය විවෘත කරනු ලැබුවා.Sri Lanka Latest News
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ,චාමර සම්පත් දසනායක ජන ඇමති වරුද ,ඉහල පොලිස් නිලධාරීන් ද සහභාගී වී සිටියා.
ප්‍රථමයෙන්ම තූර්යවාදනය හමුවේ ඇමතිවරු පැමිණි අතර අනතුරුව ජාතික කොඩි එසවීම යෙදී තිබුණා.
අමාත්‍යවරයා ජාතික කොඩිය ඉහළට ඔසවන වත් සමගම කොඩිය ලනුවෙන් ගෙඩි බිමට පතිත වූවා.දැඩි පරිශ්‍රමයකින් පසුව නැවත කොඩිය එසේ වීමට අමාත්‍යවරයාට සිදු වූවා.
අනතුරුව සභාව ඇමතූ අමාත්‍යවරයා පවසා සිටියේ රටේ කොතරම් හොඳ කලත් මාධ්‍යයට පෙනෙන්නේ අඩුපාඩුකම් පමණක් බවයි,මෙම රැස්වීම අතරතුර අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා නික්ම යන අයුරු දක්නට ලැබුණා.










