නිතිවිරෝධි විශමාචාර සිදුවීම සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රිස් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රී රහීම් ගැන විමර්ශනයක් සිදු වන නිසා එකි විමර්ශන අවසන් වන තෙක් පාර්ලිමේන්තු කමිටු නියෝජනය තාවකාලිකව අත්හිටුවන ලෙස යෝජනා කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
රත්රං කි. ග්‍රැම් 3.3ක් හා ස්මාර්ට් ෆෝන් 91ක් වැරදි ලෙස නීතිවිරෝදි ලෙස ගෙන ආ අවස්ථාවේ දඩය ගසා ඇත්තේ ලක්ස 75ක් බවත් ප්‍රංශ ජාතිකයෙක් මිලියන 80ක රත්රන් ගෙන ආ අවස්ථාවේ මිලියන 70ක දඩයක් ගැසු බවත් මෙහි දී යම් බලපෑමක් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේක 225ටම බලපාන නිසා මේ ගැන හොයා බලා කටයුතු කරන ලෙසත් මේ යෝජනාව හරහා 224 දෙනකු මීට එරෙහි බවත් එකම ගමනක යන්නේ නැති බවත් ඔප්පු වන බවත් ඔහු පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතු බවත් ඊට අදාළ යෝජනාවක් වුවත් ගෙන එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










