රට බංකොලොත් වී ඇති අවස්ථාවක ජන ජීවිත ව්‍යාපාර කඩා වැටී ඇති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන් හමුවීමට යන ගමනට රට බංකොලොත් කිරිමට මූලික වූ මන්ත්‍රීවරුන් එක්ක යාම අනුමත කල නොහැකි බවත් රාජ්‍ය නිලධාරීන් කැදවා ගෙන ගියත් රට බංකොලොත් වීමට හේතුවූ පුද්ගලයන් ගෙන යාම රාජ්‍ය මුදල් නාස්තියක් බවත් රටේ ජනතාවගේ බදු මුදල් පොහොට්ටු මන්ත්‍රීවරුන් සංතෝස කිරීමට යොදා ගැනිම ද අනුමත කල නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමෙින්තුවේදී ය.
එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මේ ගැන පක්ෂ නායක රැස්වීමෙි දී පවා කතා නොවූ බැවින් එවැන්නක් සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.










