උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (20) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට කාර්යාලයට සංදේශයක් භාරදුනි.Sri Lanka Latest News
මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනනේ පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණ සිටින නියෝජිත කණ්ඩායමේ අවධානය සඳහා අදාළ සංදේශය භාරදුන් බව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේය.
ඔවුන් පවසන්නේ IMF පළමු සමාලෝචනයේදී අදාළ උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමු නොවුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන වන බවය.









