එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා හට සෙත් පතා පසුගිය සිකුරාදා රාත්‍රී 8ට කතරගම මහා දේවාලයේ විශේෂ පූජාවක් සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.
දකුණේ ඒ මහතාට සමීප හිටපු ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් මෙම පූජාව සිදු කොට ඇති බව වාර්තා වේ.
මෙහිදී අඩි 8ක් උස සහ අඩි 6ක වට ප්‍රමාණයකින් යුත් දැවැන්ත රෝස මල් මාලයක් කතරගම දෙවියන් වෙනුවෙන් පූජා කිරීමට මෙම පිරිස කටයුතු කොට තිබේ.
එම රෝස මල් මාලය 6 දෙනකු විසින් ඔසවාගෙන පැමිණ ඇති බවද දැනගන්නට තිබේ










