හෙට (14) සිට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මගීන් මෙරටට ගෙනඒමෙන් වළකින ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ගුවන් සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව හෙට සිට දින 14 ක කාලයක් අදාළ රටවල සිට මෙරටට මගීන්ට පැමිණීම තහනම් කර තිබේ.
මේ වනවිට මෙම රටවල් 3 තුළ කොරෝනා වයිරසය ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
මේ ආකාරයට දැනටමත් අමෙරිකාව ඇතුළු මැද පෙරදිග රටවල් රැසක්ම මෙවැනි සංචාරක තහනම් පැනවීමට ක්‍රියා කොට ඇත.