කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගෙන සිටි තවත් පුද්ගලයෙක්ට එම වෛරසය වැලදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි.
වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරුවී ඇත්තේ 44 හැවිරිදි පුද්ගලයෙක්ට බවත් ඔහුද මේ වන විට මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේය.










