• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලතිව් සමූහ මිනී වළේ කැනීම් තාවකාලිකව නවතා දමයි! Sri Lanka Latest News

September 17, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මුලතිව් සමූහ මිනී වළේ ඉදිරි පරීක්ෂණවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් කටයුතු 15 වෙනිදා සවස සිට තාවකාලිකව නවතා දැමූ බව එම සමූහ මිනීවළේ කැණීම් කටයුතු බාර ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය. (Sri Lanka Latest News)

මේ දක්වා කැණිම් තුළින් මතුකරගත් සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණය කොට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදෙන තීරණ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිත බව ද හෙතෙම සඳහන් කළේය.

කැණිම් තුළින් මෙතෙක් මතුකරගත් දෑ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් තවමත් ගැනීමට නොහැකි තත්වයක් පවතින බවද ජ්‍යේෂ්ඨ මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

පුරා දින නවයක් තිස්සේ සිදුකළ මෙම කැණීම් කටයුතු සදහා රුපියල් ලක්ෂ 57ක මුදලක්  එම කාලය තුළ වැය වී ඇති අතර, ඉදිරියටත් කැණීම් කටයුතු කරගෙන යාම සදහා මූල්‍යමය ගැටලුදවක්ද පැනනැගී තිබේ.

මෙතෙක් එම සමූහ මිනී වළේ සිදුකළ කැණීම් කටයුතුවලදී  කාන්තා කොටි සෙබළියන් 17 දෙනෙකුගේ සහ එක් කොටි සාමාජිකයෙකුගේ බවට සැක කෙරෙන ඇට සැකිල්ලක් හමුවී තිබේ.

ඊට අමතරව  කොටි සෙබළියන්ගේ බවට සැක කෙරෙන නිල ඇදුම් කැබලි, කාන්තා ඇදුම් කැබලි, පැරණි පිස්තෝලයක්, ගිණි අවි පහක කොටස්, සයනයිඩ් කරල් බවට සැකකෙරෙන කුප්ප්පි දෙකක්, හදුණා ගැනීමේ අංක තහඩු දෙකක් (ඩෝග් ටැග්) ඇතුළු තවත් භාණ්ඩ හා උපකරණ රැසක් හමුවී තිබේ.

එසේ සොයා ගන්නා ලද දේවල් පිළිබදව විධිමත් ලේඛනගත කිරීමක් හා මූලික පරීක්ෂණයක් සිදුකිරීමට කාලය අවශ්‍ය බැවින්ද මුදල් ගැටළුවක් පැන නැගී තිබීමද සමූහ මිනී වළේ කැණීම්  කටයුතු තාවකාලිකව නවතා දැමීමට හේතු වී තිබේ.

ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව පැවසුවේය.

කැණීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතුකරගත් බවත්, හමුවු අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වන අතර, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්‍රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බවත් මුලිකව දැක ගැනීමට හැකි වන බව ද කැණීම් නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකළහ.

කෝකිලායි පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පුරාවිද්‍ය නිලධාරින්, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිළධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැණීම් කටයුතු සදහා සහයෝගය ලබා දී ඇත.

lankasara

SendShareShare
Previous Post

කාලෙකට පස්සේ මහින්ද ‌එළියට බසී! දේශපාලන කටයුතු අරඹමින් පොහොට්ටුවේ නීතීඥ සමුලු රැස්වීමට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බෙල්ලයි අතකුයි කඳින් වෙන්වෙන්නම කපා දැමූ සිරුරක් මතුරටින් මතුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.