• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවු. 97දී ශාස්ත්‍රපති උපාධිය හිමිකරගත් මිත්තණිය! Sri Lanka Latest News

September 16, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
අවු. 97දී ශාස්ත්‍රපති උපාධිය හිමිකරගත් මිත්තණිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය පැවැත් වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය, 97 හැවිරිදි විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව විසින් හිමිකරගෙන ඇත. (Sri Lanka Latest News)

මෙම ශාස්ත්‍රපති උපාධිය සඳහා ඇය පාලි නිකායගත බෞද්ධ චින්තනය, බෞද්ධ කලා හා ගෘහ නිර්මාණ (ශ්‍රී ලංකාව) බෞද්ධ මනෝ චිකිත්සාව, බෞද්ධ ආර්ථික දර්ශනය, ථෙරවාදී සම්ප්‍රදාය, ඉතිහාසය හා ධර්ම කරුණු, බෞද්ධ ආචාර ධර්මය, සංකල්ප හා දාර්ශනික අර්ථකථනය, පර්යේෂණ ක්‍රමවේදය හා විස්තාරිතාවරණය යන විෂයන් සඳහා පෙනීසිට ඇත.

ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ වයසින් වැඩිම ශිෂ්‍යාව වීම සුවිශේෂත්වයකි.

ඇය මෙහි නිබන්ධනය වූ විස්තාරිත රචනා පර්යේෂණ මාතෘකාව ලෙස ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් තුළින් පිළිබිඹු වන අතීත ජීවන රටාව පිළිබඳ විමර්ශන ලිපියක් ද සම්පාදනය කර තිබිණි.

ඇස්ලින් ධර්මරත්න මාතාව වයස අවුරුදු 94දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිට එයද සමත්ව ඇත.

ඇස්ලින් ධර්මරත්න 1928 වර්ෂයේදී හොරණ මිල්ලෑවේදී උපත ලබා ඇති අතර, ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මිල්ලෑව බාලිකා විදුහලෙනි. කලක් ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවය කර පසුව 1961 වසරේදී නොතාරිස් විභාගයට පෙනී සිටිමින් ලංකාවේ ප්‍රථමයා ලෙස ඉහළ ලකුණු ලබමින් එම විභාගයෙන් ඇය සමත්ව ඇත. ලාංකික නොතාරිස්වරුන්ගේ සම්මේලනයට සහභාගි වූ එකම කාන්තාව ලෙස ලිලාවතී ධර්මරත්න මහත්මිය වාර්තාගතවී ඇත.

මෙම දිරිය කාන්තාවට දියණියන් සිවුදෙනකු සිටින අතර, ඔවුන්ද ඉහළ අධ්‍යාපන සුදුසුකම් සපුරා විවිධ වෘත්තීන්වල නියැළී සිටියි.

ඇගේ වැඩිමහල් දියණිය බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියක්ද ලෙසද, දෙවැනි දියණිය ඔස්ටේ්‍රලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ලෙසද, තුන්වැනි දියණිය නාවලපිටිය පත්තුණුපිටිය මහ විදුහලේ ගුරුවරියක් ලෙසද, සිවුවැනි දියණිය වැඩබලන මහෙස්ත්‍රාත්වරියක් ලෙසද සේවය කරති.

රටට වැඩදායී දියණිවරුන් සිවුදෙනකුගේ මවක් වූ ඇස්ලින් ධර්මරත්න මහත්මිය, ජීවිතය ඉදිරියට පැමිණි සියලු අභියෝග ජයගෙන තවමත් සිය අධ්‍යාපන කටයුතුවල නියැළෙමින් සිටින්නීය.

‘මව්රට’ අපි ඇයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු.

ඇස්ලින් ධර්මරත්න මාතාව සිය දියණිවරුන් සහ මුණුබුරු මිණිබිරියන් සමග

SendShareShare
Previous Post

ප්‍රතිපත්ති කඩකර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති අගමැතිකම් මම ගන්නේ නෑ! ඔහොම නෙමෙයි ජනවරමක් නැතිව සක්විති රජකමවත් මට එපා! කෑගල්ලේදී 1500 වැනි සදහම් යාත්‍රා වැඩසටහනට එක්වෙමින් විපක්ෂනායක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රට බංකොලොත් වෙලා තියෙද්දි රාජ්‍ය නායකයා විශාල කණ්ඩායමක් අරන් පිටරට යනවා! මේවට වියදම් කරන සල්ලිවලින් රටට ප්‍රතිලාභයක් ලැබෙනවද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.