එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද (11) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත අතර එහිදී නිදහස ජනතා සභාව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද (11) දින එරට වේලාවෙන් ප.ව. 12.00 – 01.00 ත් අතර කාලය තුලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතය.Sri Lanka Latest News
එහිදී රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ උද්ගතව ඇති ගැටළුකාරී තත්වය, ඖෂධවල ප්‍රමිතිය තක්සේරු කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති වීම, ඖෂධ හිඟය, අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ හිඟය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පසෙකට දමා නිසි ටෙන්ඩර් පටිපාටිය නොසලකා හරිමින් කටුයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදුකෙරෙන දූෂිත ගණුදෙනු සම්බන්ධයෙන් ඒ මහතා විසින් සමුළුවේ අවධානය යොමු කිරීමට නියමිතය.










