ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරටට පැමිණීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අතර විශේෂ සාකච්ඡාවක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
ලබන බදාදා ජනාධිපතිවරයා කියුබානු සංචාරයකට එක්වීමට නියමිත බැවින් බදාදා රාත්‍රියේ හෝ බ්‍රහස්පතින්දා පෙරවරුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා හා කියුබානු ජනාධිපති ඩයස් කේනල් මහතා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා අතරතුර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
පළමු සමාලෝචනය සදහා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට පැමිණීමට නියමිතය.










