ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය (COYLE), ජපාන විදේශීය වෙළෙඳ සංගමය (JETRO) සමඟ එක්ව, මෙහෙය වූ, 2020 ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල පසුගියදා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අකිරා සුජියාමා මහතා එම උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ සභාපති, අමින්ද රොද්‍රිගො හා JETROහි කොළඹ නියෝජිත මසාතොමො ඉතොනගා යන මහත්වරුද එම අවස්ථාවට සහභාගි වූහ.











