වවුනියාව රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේ භූමිදානකර තිබූ තම කුඩා දියණියගේ මළසිරුර කිසියම් පිරිසක් විසින් එම මිනී වළ හාරා රැගෙන ගොස් ඇති බවට දැරියගේ පියා විසින් වවුනියාව නෙළුකුලම පොලීසියට ඊයේ (07) පැමිණිලි කොට තිබේ. (Sri Lanka Latest News)
2023 අගෝස්තු මස 25 වෙනිදා වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ ළිදකට වැටී ලිංගරාජා ඩීබිකා නැමැති අවුරුදු එකයි මාස එකොළහක දැරියක් මියගිය අතර ඇගේ භූමදාන කටයුතු වවුනියාව රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේදී සිදුකොට තිබේ.
මේ මස 07 වෙනිදා දැරිය මිහිදන් කළ ස්ථානයේ උදැල්ලක් ඇති බවටත් මිනී වළ හාරා ඇති බවටත් ගම්වාසීන් පිරිසක් දැරියගේ පියාට කළ දැණුම් දීමක් මත ඔහු එම ස්ථානයට ගොස් බලන විට දැරියගේ දේහය මිනි වලෙන් අතුරුදන් වී ඇති අයුරු දැකගැනීමට හැකි වී තිබේ.
වහාම ඔහු මේ පිළිබද නෙළුකුලම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ගොස් මිනීවළ හෑරීමට යොදාගත් උදැල්ල අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.
lankasara










