සියපත ෆිනෑන්ස් ශ්‍රී ලාංකේය මූල්‍ය ආයතන අතර අද්විතීය පුරෝගාමීත්වය තවදුරටත් ඔප්නංවා ගන්නට සමත්ව සිටින්නේ සිය ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් ඩෙබිට් කාඞ්පතක් හඳුන්වා දෙමිනි. ලංකා ක්ලියර් කාඞ්පත් ජාලය හා එක්වූ පළමු ශ්‍රී ලාංකේය මූල්‍ය ආයතනය බවට පත් වෙමින් සියපත ෆිනෑන්ස් මෙම ඩෙබිට් කාඞ්පත සමඟ සිය හෘදයාංගම පාරිභෝගික සේවාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට සමත්ව සිටියි.
සියපත ෆිනෑන්ස්, ජපානයේ ප්‍රමුඛ පෙළ මුදල් හුවමාරු ක්‍රමවේදය වන JCB සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ නිකුත් කෙරෙන පළමු JCB ද්විත්ව ක්‍රියාකාරී කාඞ්පත වන සියපත ඩෙබිට් කාඞ්පත, දෙස් විදෙස් ඕනෑම අවස්ථාවකදී භාවිත කළ හැකි ජාත්‍යන්තර ඩෙබිට් කාඞ්පතකි. දිවයින පුරා ස්ථාපිතව ඇති සම්පත් බැංකු ATM ජාලයද ඇතුළුව, 4000කට අධික ATM යන්ත්‍ර ජාලයක් සහිත ශ්‍රී ලංකාවේ Lanka Pay” ජාලය සමඟ සියපත ඩෙබිට් කාඞ්පත අත්වැල් බැඳගෙන සිටින්නේ ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්කර දෙමිනි.











