• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි… ඇසින් දුටුව නම් ඔබ වුණත් එය සිතයි I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive, Holiday, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක දවසක් රෑ එකොළහට විතර මං මිලානෝවල ඇවිදන් යනවා. එදා මිලානෝ මෙට්‍රෝ (උමං දුම්රිය) එකකට පැනලා කවුද සියදිවි හානි කරගෙන. ඒ හින්දා අතරමඟින් ලයින් එක වහලා ඒ වෙනුවට විකල්ප බස් යොදලා.(Sri Lanka Latest News)

මට ඕනේ තැනට යන්න ධූමෝ මෙට්‍රෝ නැවතුමට යන්න ඕනේ. බස් එක මෙට්‍රෝ කට ළඟටම යන්නේ නෑ. ඒ හින්දා මම බස් එකෙන් බැහැලා ගූගල් මැප් එක දිහා බලං අදාළ තැන හොයාගෙන යන ගමන් උන්නේ. ඒ වෙලාවේ මහ ලොකු සෙනඟක් අවට පේන්න හිටියේ නෑ. මෙට්‍රෝ ජරමරය හින්දා ඒ වෙද්දිත් මගේ ගමන හොඳටම පරක්කු වෙලා. ෆෝන් එක දිහා බලාගෙන ඉක්මන් ගමනින් ධූමෝ මෙට්‍රෝ නැවතුම හොයාගෙන යන මම එක පාරටම දැක්ක දසුනින් මාව හිටි තැනම නැවතුණා. මගෙ ඇස් ඉස්සරහ කිරි සුදු පාට යෝධයෙක්. යෝධ ගොඩනැගිල්ලක්.

අහසේ අඩ අඳුර අස්සෙන් ඒ සුදු පාට පෙනුණේ අමුතුම විදියට. ඊට කලින් දෙතුන් වතාවක් ධූමෝ පල්ලිය දැකලා තිබුණට එදා තරම් ලස්සනක් මම කවදාවත් දැකලා තිබුණේ නෑ. කොච්චර පරක්කු වෙලා තිබුණත් තවත් මොහොතක් ඒ දිහා බලා නොඉඳ යන්න මට පුළුවන්කමක් තිබ්බේ නෑ. යෝධයෙක් දිහා වශීවෙලා බලන් ඉන්න අඟුටු මිට්ටෙක් වගේ මං ඒ දිහා බලන් හිටියා.

ඒ වෙලාවේ දැනුණු හැඟීම් ඒ විදියටම විස්තර කරන්න තරම් ශක්තියක් මගේ අකුරුවලට නැති එක ගැන මම දුක් වෙනවා. ඒක ඒ තරම්ම අමුතු විස්මයජනක අත්දැකීමක්. ‘ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි. ඇසින් දුටුව නම් ඔබ වුණත් එය සිතයි’ කියන පද පේළිය තමයි ඒ වෙලාවේ මගෙ හිතට ආවේ. නොපෙනෙන දේට වඩා පෙනෙන දේවල්වලට මොනතරම් හාස්කම් කරන්න පුළුවන්ද? ධූමෝ පල්ලිය ගැන කතාකරද්දී කවදාවත් මට ඒ සිද්ධිය අමතක කරන්න බැහැ.

මිලානෝ ධූමෝ පල්ලිය කියන්නේ ලංකාව වගේම ලෝකේ බොහෝ දෙනෙක් දන්න කියන තැනක්. මේකෙ නම ධූමෝ වුණාට අපේ භාෂාවෙන් මේකට යොදන්න ඕනේ හරිම නම ධූම පල්ලිය කියලයි මට හිතෙන්නේ. මොකද ධූම කියන වර්ණය විස්තර කරන්න ඒක තමයි හොඳම තැන. මේ දැවැන්ත පල්ලිය කිරිගරුඬවලින් ඉදිකරල තිබීම තමයි ඊට හේතුව.

ධූමෝ පල්ලිය වර්තමාන ලෝකයේ පස්වැනි විශාලතම ක්‍රිස්තියානි පල්ලිය ලෙස සැලකෙනවා. ඒ වගේම ඒ පල්ලි පහ අතර පැරැණිතම පල්ලිය විදියට සැලකෙන්නෙත් මේ ධූමෝ. ඒ වගේම ලෝකයේ වැඩිම ප්‍රතිමා ගණනක් සහිත පල්ලිය ලෙසටත් ධූමෝ පල්ලිය සැලකෙනවා. ධූමෝ පල්ලිය වටේ ඇති සෑම කුලුනුකම ප්‍රතිමාවක් දකින්න ලැබෙනවා. එහි ඇති මුළු ප්‍රතිමා ගණන 7,000කට අධිකයි. ඒ ඇතැම් ප්‍රතිමා ශාන්තුවරයන්ගේ යැයි සිතන්න පුළුවන්.

සාමාන්‍ය මිනිසුන්ගේ විවිධාකාර ඉරියව් දැක්වෙන ප්‍රතිමාද ඒ අතර දැකගන්න පුළුවන්. ඒ වගේම මකරුන්, ඩයිනෝසරයන් ඇතුළු විවිධ සත්වයන්ගේ ප්‍රතිමාද ඒ අතර දැකගන්න ලැබීම සුවිශේෂ කාරණයක්. ඉතාලි භාෂාවෙන් මැඩෝනියා ලෙස හැඳින්වෙන මරියතුමියගේ ප්‍රතිමාව ඒ අතරින් ඉහළටම එසවී තිබෙනවා. එහි මුළු උස අඩි 356ක් ලෙසයි සටහන් වෙන්නේ.

ධූමෝ පල්ලිය ඉදිකිරීම සඳහාත් දීර්ඝ කාලයක් ගතවී තිබෙනවා. 1386 වසරේදී ඉදිකිරීම් ආරම්භ වූ මෙහි වැඩකටයුතු ඉන් සියවස් හයකට පසුව තමයි අවසන් වෙලා තියෙන්නේ. එතැන් පටන් විවිධ අවස්ථාවල අදියරෙන් අදියර වැඩ නිමවූ ධූමෝ පල්ලිය ලෝප්‍රකට නැපෝලියන් බොනපාට්ගේ කාලයේදී ශීඝ්‍ර සංවර්ධනයකට ලක්වෙලා තියෙනවා. ඒ, තම පුතාගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ධූමෝ පල්ලියේ වැඩකටයුතු ඉක්මන් කිරීමට ඔහු කටයුතු කිරීම හේතුවෙන්. ඒ, 1811 වසරේදී. කොහොම වුණත් මෙහි වැඩකටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වූ වසර ලෙස 1965 වසර සැලකෙනවා. නමුත් තවමත් ධූමෝ පල්ලියේ වැඩ සම්පූර්ණයෙන්ම නිමාවී නැති බව තමයි බොහෝ දෙනාගේ අදහස.

ධූමෝ පල්ලියේ පිටත වගේම ඇතළතත් දැකබලා ගන්න දේ බොහොමයි. ඒ අතරින් ප්‍රධානම දේ තමයි හිරු එළිය ඇසුරින් නිර්මාණය කර ඇති ඔරලෝසුව. එය කැලැන්ඩරයක් ලෙස හැඳින්වුවොත් වඩාත් නිවැරැදියි. ඉහළ සකස් කර ඇති කුඩා සිදුරකින් ගලා එන හිරු එළිය පොළොවේ නිර්මාණය කර ඇති ඒ කැලැන්ඩරය මතට තමයි පතිතවන්නේ. ඒ හරහා වෙලාව මෙන්ම එය වසරේ කුමන ඍතුවට අයත්ද යන්න පවා කියවාගත හැකියි.

මේ කැලැන්ඩරයේ අපූර්වත්වය වඩාත් හොඳින් විඳින්න නම් වසරේ සෑම ඍතුවකම ධූමෝ වෙත යායුතුයි. වසරේ ඇතැම් දිනවලට වෙන්කර ඇති ඉඩ ප්‍රමාණයට ඒ දිනයට ඒ ආකාරයෙන්ම හිරු එළිය වැටෙන පරිදි ඉතාම සූක්ෂ්ම ආකාරයෙන් කැලැන්ඩරය සකස් කර තිබෙනවා. 1786 වසරේදී මුල්වරට සකස් කර ඇති ඒ සුවිශේෂ කැලැන්ඩරය 1827, 1929 සහ 1976 වසරවලදී නවීකරණය කර තිබෙනවා.

පිටත මෙන්ම ඇතුළත් ඇති සෑම කුලුනකම ප්‍රතිමා දැකගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන කුලුනු 52කින් යුතුව ඇතුළත නිමවා තියෙනවා. ඒ හරහා වසරේ සති ගණන විදහා දැක්වෙන බව තමයි කියන්නේ. මේ සියල්ලටම අමතරව තවත් සුවිශේෂ ස්ථානයක් ධූමෝ පල්ලිය ඇතුළත දක්නට ලැබෙනවා. ඒ තමයි ජේසුස් වහන්සේට කුරුසියේ තබා ඇණ ගැසීමට භාවිත කළ එක් ඇණයක් තැන්පත් කර ඇති කුටිය. එම ශුද්ධ වූ ඇණය තැන්පත් කර ඇති කුටිය සඳහා විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබෙනවා. ක්‍රි.ව. සිවුවැනි සියවසේදී පමණ මෙම ඇණය ඉතාලියට ගෙන ආ බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

ඒ වගේම මේ ඇණය සෑම මාසයකම සැප්තැම්බර් මාසයේ දිනෙක ජනතාවට ප්‍රදර්ශනය කරනවා. මේ සැප්තැම්බර් මාසයේදීත් ඒ ආකාරයෙන් එය ප්‍රදර්ශනයට නියමිත වුණත් අගෝස්තු මාසයේ 31 වැනිදා වන විටත් ඒ දිනය ප්‍රකාශ කර තිබුණේ නැහැ.

සැබැවින්ම ධූමෝ පල්ලිය ඇසින් දුටු ඕනෑම කෙනකු විමතියට පත්කරන තැනක්. ඒ හේතුවෙන් ලොව පුරා සංචාරකයන් ලක්ෂ ගණනින් ධූමෝ පල්ලිය නැරඹීමට පැමිණෙනවා. ධූමෝ පල්ලියේ ඉහළ මාලයට ගොස් මිලානෝ නගරයේ සුන්දරත්වය මොනවට විඳගැනීමටත් ඒ බොහෝ දෙනා අමතක කරන්නේ නැහැ. මිනිසුන් දහස් ගණනකගේ දාඩිය මහන්සියෙන් සියවස් හයක් පුරා ඉදිවුණු ධූමෝ පල්ලිය තවත් කාලාන්තරයක් සංචාරක ආකර්ෂණය දිනාගනිමින් මිලානෝ නගර මධ්‍යයේ වැජඹේවි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ලයිට් නැති, ඉන්ටර්නෙට් නැති, නකල්ස් කන්ද උඩ තියෙන ලංකාවේ දුප්පත්ම ගම්මානය දවසටම එක වේලක් කාලා හුදෙකලාවේ ජීවත් වෙන මිනිස්සු I Sri Lanka Latest News

Next Post

දවල්ට මැස්සෝ රෑට මදුරුවෝ ඒ මදිවට මකුණෝ, රටක් හදපු ඉම්රාන් ඛාන් අද සිර මැදිරි අපායක දාලා I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.