• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවල්ට මැස්සෝ රෑට මදුරුවෝ ඒ මදිවට මකුණෝ, රටක් හදපු ඉම්රාන් ඛාන් අද සිර මැදිරි අපායක දාලා I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාකිස්තාන හමුදා පාලනය ඉම්රාන් ඛාන්ට දසවධ දෙයි…

‘රටක් ජාතියක් වෙනුවෙන් මහත් මෙහෙවරක් ඉටුකරපු රාජ්‍ය නායකයකුට මෙහෙමද සලකන්නේ? හිටපු අගමැති ඉම්රාන් ඛාන් දැන් සිරගත කර ඇත්තේ ඉතා අවම පහසුකම් ඇති සිරමැදිරියකයි. අඩි 9×11 ප්‍රමාණයේ ඉතා කුඩා කාමරයකයි ඔහු සිරගත කර තිබෙන්නේ. මෙහි දහවල් කාලයේ මැස්සන් පිරිලා. රාත්‍රියේදී මදුරුවන් සහ වෙනත් පියාඹන කෘමීන් වර්ගවලින් පිරිලා යනවා. වැසිකිළියේ පණුවන් හැදිලා ගඳගහනවා. නිදාගන්න දීලා තියෙන මෙට්ටවල මකුණන් සිටිනවා.(Sri Lanka Latest News)

මේක තනිකරම අපායක්. මෙම සිර මැදිරිය ‘සී’ හෝ ‘බී’ පන්තියට වැටෙන සිර කාමරයක්. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අවුරුදු 04ක් පාලනය කරපු දක්ෂ අගමැතිවරයෙක්. ඔහුට අඩුම තරමේ ‘ඒ’ පන්තියේ සිර මැදිරියක් ලබාදෙන්න ඕනෑ. ඒ අතරේ මේ සිර මැදිරි ඉතාම අඳුරුයි. මෙවැනි සිර මැදිරි ලබාදෙන්නේ අන්තවාදීන්ට සහ වෙනත් අපරාධකරුවන්ටයි. අද ඉම්රාන් ඛාන්ට රජය සලකලා තියෙන්නේ අපරාධකාරයකු විදියටයි. රජය අද භයානක අපරාධකරුවන්ට මීට වැඩිය හොඳට සලකනවා. අප වහාම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉම්රාන් ඛාන්ට හොඳ සිර මැදිරියක් ලබාදෙන ලෙසටයි….’

කුමක්ද මේ ඇසෙන කතාන්දරය? ඉම්රාන් ඛාන් නමැති මිනිසා ලොව බොහෝ දෙනකු හඳුනන්නේය. මුලින් ඔහු ප්‍රවීණ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත්, පසුව පාකිස්තානය පාලනය කළ අගමැතිවරයකු ලෙසත් හඳුනා ගත්තේය. අද ඔහුට අත්ව ඇති ශෝචනීය ඉරණම ගැනද ජනතාව බොහෝ කරුණු දන්නේය. එනම් පසුගිය සමයේදී ඔහුට එරෙහිව එල්ල කෙරුණු දූෂණ වංචා චෝදනාවන් මත අද ඔහු සිරගත කර ඇත.

අධිකරණයක් විසින් ලබාදුන් වසර 03ක සිර දඬුවමකට යටත්ව පාකිස්තානයේ දැඩි රැකවල් ඇති බන්ධනාගාරයක ඔහු සිරගත කර ඇත. දැන් එසේ නම් මේ ලිපියේ ඉහතින්ම ඔබට ලියා තැබූ වදන් ප්‍රකාශ කර සිටින්නේ කවුරුන් විසින්ද? මෙම ප්‍රකාශය සිදුකරන්නේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් නායකත්වය දරනු ලබන ‘පාකිස්තාන ටෙහ්රික් – ඊ – ඉන්සාෆ්’ (Pakistan Tehreek-e-Insaf) නමැති පක්ෂය විසිනි.

එම පක්ෂය විසින් තමන්ගේ නායකයාගේ වත්මන් තත්ත්වය ආශ්‍රිත කරගෙන පසුගියදා යටකී ප්‍රකාශය සිදුකර ඇත. ඉම්රාන් ඛාන් අගමැති ධුරය දැරූ සමයේදී තමන්ට විවිධ රටවල රාජ්‍ය නායකයන් විසින් පිරිනමන ලද විවිධ වටිනා ත්‍යාග ගණනාවක් නැවත විකුණා මුදල් උපයාගත්තේ යැයි චෝදනා කර තිබිණි. ඒ අනුව ඔහුට එරෙහිව රාජ්‍ය පාර්ශ්ව විසින් අධිකරණ නඩුවක් ගොනුකළ අතර, එය පසුගිය කාලයේදී විභාගයට ගැනිණි.

එම නඩුවේ තීන්දුව පසුගියදා අධිකරණය විසින් ලබාදුන් අතර, එය වසර 03ක සිර දඬුවමක් විය. එසේම ඔහුට ඉදිරියට වසර 05ක් යනතුරු පාකිස්තාන දේශපාලනයේ නිරත වීමද තහනම් කෙරිණි. මේ ආකාරයට ඉම්රාන් ඛාන් මෙම මොහොතේදී එම දඬුවම විඳිමින් සිටියි. ඉම්රාන් ඛාන් දැනට 70 වැනි වියෙහි පසුවන අතර, මෙයට වසර එකහමාරකට පමණ පෙර පාකිස්තාන පාර්ලිමේන්තුව ගෙනා විශ්වාසභංග යෝජනාවක් හරහා ඔහුගේ අගමැති ධුරය අහිමි විය. 2018 අගෝස්තු 18 සිට 2022 අප්‍රේල් 10 දක්වා ඔහු අගමැති ධුරය දැරීය.

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටා ඇති ඇටොක් (Attock) නමැති නගරයේ ඇති ‘ඇටොක් බන්ධනාගාරයේ’ මේ වන විට ඉම්රාන් ඛාන් සිරගත කර ඇත. බි්‍රතාන්‍ය පාලන සමයේ සිටම පවත්වාගෙන එන මෙම බන්ධනාගාරය බොහෝ පැරැණි එකකි. මෙහි විශේෂත්වය වන්නේ බොහෝ විට ප්‍රකට දේශපාලකයන් කිහිප දෙනකුම එහි කලින් කලට සිරගත කර තිබීමය. ඒ අනුව මෙයට පෙර පාකිස්තානය පාලනය කළ අගමැතිවරුන් තිදෙනෙක්ම මෙහි සිරගත කර තිබිණි. පාකිස්තානයේ රාජ්‍ය පාලනය උදෙසා ජනාධිපති ධුරයක් තිබුණද, එරට වඩාත් බලගතු රාජ්‍ය නායකයා වන්නේ අගමැතිවරයාය.

එහෙයින් පාකිස්තානය තුළ වඩාත් බලගතුව පාලනය ගෙන ගිය අගමැතිවරුන් තිදෙනෙක් වන නවාස් ෂෙරීෆ්, අසීෆ් අලි සර්දාරි සහ ෂෙබාස් ෂෙරීෆ් යන දේශපාලකයන් විවිධ චෝදනා මත දඬුවම් ලබා මෙම බන්ධනාගාරයෙහි සිර දඬුවම් වින්දේය. ඒ අනුව දැනට සිවුවැනි අගමැතිවරයා වන්නේ ඉම්රාන් ඛාන්ය. පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේද දේශපාලකයන් සිදුකළා මෙන්ම පාකිස්තානයේ රාජ්‍ය පාලකයන්ද එරට මැතිවරණයන් පැවැත්වීම අතපසු කළේය. තවද එරට පළාත් මැතිවරණයන් පවා නිසි කලදී පවත්වා නැත. ඉදිරි ඔක්තෝබරයේදී මහ මැතිවරණයද පැවැත්වීමට නියමිතය.

මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය වසරක කාලය තුළදී ඉම්රාන් ඛාන්ගේ පක්ෂය විසින් ඉතා ප්‍රබල උද්ඝෝෂණ සහ ජන අරගලයන් පවත්වන්නට ගත්තේය. එය කෙතරම් ප්‍රබල වූයේද යත් මෙයට මාසයකට පමණ පෙරදී ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයන් විසින් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථාන වෙතටද පහර දුන්නේය. එම උද්ඝෝෂණවලට ඉම්රාන් ඛාන් පවා මූලිකත්වය ගෙන සහභාගි විය. මෙවැනි තත්ත්වයක් යටතේ දැනට පාකිස්තාන රජයේ පාලන කාලයද නිමවී ඇති අතර, අගමැති ෂෙබාස් ෂෙරීෆ් අගමැති ධුරයෙන් ඉවත් විය. දැනට රාජ්‍ය පාලනය සඳහා භාරකාර අගමැතිවරයකු පත්කර ඇත.

ඉම්රාන් ඛාන් වසර 04කට ආසන්න කාලයක් පුරා පාකිස්තානයේ 22 වැනි අගමැතිවරයා ලෙස කටයුතු කළේය. තමන්ගේ නායකත්වයෙන් යුතුව තමන් විසින්ම නිර්මාණය කරන ලද ‘පාකිස්තාන ටෙහ්රීක් – ඊ – ඉන්සාෆ්’ පක්ෂය ආරම්භ කරන ලද්දේ 1996 අප්‍රේල් 25 වැනිදාය. ඔහු මුලින්ම පාකිස්තානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත්වන්නේ 2002 වසරේ ඔක්තෝබර් 10 වැනිදාය. මේ අනුව ඉම්රාන් ඛාන් දැනට වසර 27ක් පුරා ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරතව සිටියි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධිත උසස් පාසලක ඉම්රාන් ඛාන් අධ්‍යාපනය ලැබුවේය.

විද්වත් පරිචයක් ඇති ඔහු 2005 වසර සිට 2014 දක්වා එංගලන්තයේ බ්‍රෙඩ්ෆර්ඩ් සරසවියේ කුලපතිවරයා ලෙසද කටයුතු කළේය. ඉම්රාන් ඛාන්ගේ ලොව බොහෝ හඳුනන අනෙක් සුවිශේෂත්වය වන්නේ ඔහු අතිදක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු වීම හේතුවෙනි. ඔහු පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 1971 සිට 1992 දක්වා නොකඩවා වසර 21ක් පුරා නියෝජනය කළේය. අවසානයේදී ඔහු පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද වසර ගණනාවක් කටයුතු කළ අතර, 1992 වසරේදී ලෝක ක්‍රිකට් කුසලානය දිනාගැනීමටද නායකත්වය දෙමින් කටයුතු කළේය.

ඉන් පසුව ඔහු එම වසරේදීම ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ලැබුවේය. 2022 නොවැම්බර් 03 වැනිදා පන්ජාබයේ පැවැත්වුණු දේශපාලන රැලියකදී යම් පුද්ගලයකු විසින් ඉම්රාන් ඛාන්ට වෙඩිතබනු ලැබුවේය. එහෙත් එහිදී ඔහුගේ පාදයකට පමණක් වෙඩි වැදුණු අතර, ඝාතන සැලැස්ම නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. දැන් මේ දිනවල ඉම්රාන් ඛාන්ට පනවා ඇති සිර දඬුවම්වලට ප්‍රථම මෙම 2023 මැයි මාසයේදීද ඉම්රාන් ඛාන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය. එහිදී මහත් සේ කෝපයට පත් ඔහුගේ පාක්ෂිකයන් රට පුරා දැඩි කලබල සිදුකරන්නට ගත්තේය. පසුව ඔහු නිදහස් කෙරිණි.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති ධුරයේ සිටි කාලයේදී ඔහු තම දේශය වෙනුවෙන් බොහෝ මෙහෙවරක් ඉටුකළ නායකයකු බවට බොහෝ පාර්ශ්ව විසින් හඳුන්වා දී ඇත. ඔහුගේ නායකත්වය යටතේ ඉතා දැඩි අඝාධයකට පත්ව තිබුණු පාකිස්තානයේ ආර්ථිකය නැවත ගොඩගැනීමට හැකිවුණේ යැයි එම පාර්ශ්ව සඳහන් කරයි. මෙලෙස ඔහු සහ ඔහුගේ පක්ෂය විසින් එකල පාකිස්තානය උදෙසා සිදුකළ මෙහෙවර සමහර මාධ්‍ය විසින් මෙසේ ගෙනහැර දක්වා ඇත.

ඉම්රාන් ඛාන්ගේ රජය යටතේ මාස 22ක් වැනි කාලයක් තුළදී ණය මුදල් රුපියල් බිලියන 5,000ක පමණ සුවිශාල මුදලක් නැවත ගෙවීම.

සාම්ප්‍රදායිකව තිබුණු අගමැති මන්දිරය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමට රුපියල් බිලියන 02ක් වෙන් කිරීම සහ එය ක්‍රියාත්මක කිරීම.

ජාත්‍යන්තර සංසදවලදී කාශ්මීර ප්‍රශ්නය මතුකරමින් ඒ සඳහා විසඳුම් සෙවීම.

සෑම පාකිස්තාන පවුලකටම වාර්ෂිකව රුපියල් මිලියන 01ක රක්ෂණාවරණයක් ලබාදීම.

හදිසි ආධාර අවශ්‍යතා ඇති පවුල් සඳහා රුපියල් බිලියන 150ක මුදලක් වෙන් කිරීම.

තමන්ගේ කීර්තිනාමය හරහා අරමුදල් රැස්කර ගනිමින්, විශාල පිළිකා රෝග රෝහලක් ඉදිකිරීම සහ තවත් නව රෝහල් ඉදිකිරීම සඳහා රාජ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීම.

අතිශය දරිද්‍රතාවයෙන් පෙලුණු පාකිස්තාන පවුල් සඳහා නොමිලයේ නිවාස ව්‍යාපෘති ලබාදීම.

ඉස්ලාම් භීතිකාවට එරෙහිව තම අදහස් නිර්භයව ඉදිරිපත් කිරීම.

පාකිස්තානයේ මහජන ධනය කොල්ලකන ලද දූෂිත පුද්ගලයන් හෙළිදරව් කිරීම.

පාකිස්තානයට විදේශ කර්මාන්ත ආයෝජන රාශියක් ගෙන ඒම සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවීමට කටයුතු කිරීම.

අගමැති ඉම්රාන් ඛාන් විසින් තමන්ගේ ආකර්ෂණීය රාජ්‍යතාන්ත්‍රිකභාවය ප්‍රයෝජනයට ගනිමින් විදෙස් රටවල සිරගෙවලග්වල සිරගතව සිටි අහිංසක පාකිස්තාන වැසියන් නැවත තම රටට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම.

මාස 09ක් වැනි කෙටි කාලයක් තුළදී ඩොලර් බිලියන 2.2ක ඍජු විදේශ අයෝජන ලබාගැනීම.

කිලෝමීටර් 1,824ක නව මාර්ග ඉදිකිරීම සහ එය වසර 02ක් වැනි කෙටි කාලයකදී සිදුකිරීම.

ව්‍යාපාර ආයෝජනයට අනුව ලෝකයේ 147 වැනි ස්ථානයට තිබුණු පාකිස්තානය ස්ථාන 39ක් ඉදිරියට පැමිණ 108 වැනි ස්ථානයට පත් කිරීම.

මාස 20ක් වැනි කාලයක් තුළදී ඉම්රාන් ඛාන්ගේ රජය, වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 37 සිට ඩොලර් බිලියන 21 දක්වා අඩු කිරීම.

මේ ඔහු සිදුකළ මෙහෙවරය. එහෙත් අද ඉම්රාන් ඛාන් නමැති මිනිසා මදුරු සහ මකුණු ගුහාවක සිරගත කර ඇත. අලුත් පුවත් ලෙසින් වාර්තා වන්නේ මහාධිරකණය විසින් ඔහුගේ දඬුවම අත්හිටුවා ඇති බවයි. එහෙත් පාකිස්තානයේ වත්මන් හමුදා පාලනයෙන් එය ඉටුකෙරෙයිද? ඔහුට නිදහස ලැබෙයිද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ධූම පල්ලියේ දේව හාස්කම් රැසයි… ඇසින් දුටුව නම් ඔබ වුණත් එය සිතයි I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට හරියටම 113යි! විපක්ෂයට 73යි! ‌කෙහෙළිය දිනුවා! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.