සැමවිට පාරිභෝගිකයන්ගේ තෘප්තිය වෙනුවෙන් නව මං සොයා යන සෙලාන් බැංකුව, ‘සෙලාන් මෙගා රිවෝඞ්ස්’ (Seylan Mega Rewards) නමින් පාරිභෝගිකයන් සඳහා වන දැවැන්තම ප්‍රතිලාභ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කර තිබේ. 2020 වසරේ හඳුන්වා දුන් මෙය, අනිවාර්ය ප්‍රතිලාභ වැඩසටහන ඉදිරියට ගෙන යමින් ගනුදෙනුකරුවන්ගේ ජීවිතවල සුවිශේෂී සන්ධිස්ථානවලදී ඔවුන්ට ත්‍යාග පිරිනැමීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වේ. ‘සෙලාන් මෙගා රිවෝඞ්ස්’ වැඩසටහන, මින් ඉදිරියට ‘සෙලාන් ෂුවර්’ සහ ‘සෙලාන් තිළිණ සයුර’ ප්‍රතිලාභ වැඩසටහන්වල කාර්යභාරය ද සම්පූර්ණ කරනු ඇත.
මෙම ත්‍යාග ක්‍රමය සෙලාන් බැංකුවේ පුද්ගලික ඉතුරුම් ගිණුම්, ජංගම ගිණුම්, තනි පුද්ගල ව්‍යාපාර ජංගම හා ඉතුරුම් ගිණුම්, පුද්ගලික විදේශ මුදල් ස්ථාවර තැන්පතු හා ඉතුරුම් ගිණුම් සහ සෙලාන් ටිකිරි ළමා ගිණුම් සඳහා වලංගු වේ. ගිණුම් හිමියන්ගේ විවාහ මංගලෝත්සව, දරු උපත්, කඩඉම් විභාග ජයග්‍රහණ, විවාහ සංවත්සර, 60 වැනි උපන් දින වැනි අවස්ථාවලදී මෙන්ම සැත්කම් සහ විශ්‍රාම ගැනීම වැනි අවස්ථාවලදීද මෙම ත්‍යාග ක්‍රමය මගින් ප්‍රතිලාභ හිමි වනු ඇත. එමෙන්ම සුදුසුකම් ලබන ගිණුම් හිමියන්ට සුපිරි හෝටලයක රාත්‍රී 2ක් ගතකිරීමේ අවස්ථාව ලබාදීමටද කටයුතු යොදා ඇත.











