උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දැරියකගේ අතක කොටසක් ශල්‍යකර්මයකින් කපා ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තා වේ.Sri Lanka Latest News
මල්ලාකම් ප්‍රදේශයේ 08 හැවිරිදි දැරියකගේ අතක කොටසක් මෙලෙස කපා දමා ඇතැයි පැවැසේ.
දින 04ක උණ රෝගයෙන් පසු ඉහත කී දැරිය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගත්තද, රෝගය සුව නොවීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහලේදී දැරියට කැනියුලාවක් සවිකර ඒ හරහා ඖෂධ ලබාදී ඇත.
කැනියුලාව හේතුවෙන් අතක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් දැරියගේ අතක කොටසක් ශල්‍යකර්මයකින් කපා දමා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ටී.සත්‍යමූර්ති පවසන්නේ, එම සිද්ධිය සත්‍ය බවත්, මේ සම්බන්ධයෙන් අද දිනයේ පරීක්ෂණ පවත්වන බවත්ය.
ඒ සඳහා යාපනය ශික්ෂණ රෝහලේ පරීක්ෂණ කමිටුවක් ස්ථාපිත කර ඇති බවද ඔහු සඳහන් කරයි.










