මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා ආහාර ලබාදීම අත්හිටුවා තිබේ. Sri Lanka Latest News
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඩකලපුව දිස්ත්‍රික් නිලධාරියෙකු සඳහන් කළේ, ආහාර සැපයුම්කරුවන් සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි.
එම සැපයුම්කරුවන් සඳහා මාස කිහිපයකට අදාළ මුදල් ගෙවීමට පවතින බව, අදාළ නිලධාරියා සඳහන් කළේ ය.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආහාර සැපයීම සඳහා අධික මිල ගණන් යටතේ ටෙන්ඩර් දී ඇති බවයි.
එලෙස ටෙන්ඩර් ලබාදුන් සැපයුම්කරුවන් සඳහා මුදල් ගෙවීමට නොහැකිවීම මත ආහාර සැපයීම නතර කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.










