වික්‍රමසිංහ පාර්ශ්වය හා ප්‍රේමදාස පාර්ශ්වය අතර එකගාවයක් ඇතිකරගැනීමේ අරමුණින් පසුගිය දින දෙකේදීම කරු ජයසූරිය මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවෙසේ සාකච්ජා පැවැත්වුණද ඒවා තීන්දුවකින් තොරව අවසන් වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව පෙරේදා (08) දින පැවැති සාකච්ජාවට දෙපාර්ශ්වයේ නියෝජිතයන් සහභාගීවී සිටි අතර සහ ඊයේ (09) දින පැවැති සාකච්ජාවලට දෙපාර්ශ්වයේ නීතීඥවරු සහභාගී වී සිටියහ.
සමතයකට මැදහත් වන්නැයි දෙපාර්ශවය විසින්ම හිටපු කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාවන්හිදී මේ දක්වා අවසන් තීරණයකට එළඹ නොමැති නමුත් දෙපිරිසටම අවංක වුවමනාවක් පවතින්නේ නම් සමතයකට පැමිණිම සඳහා තවදුරටත් මැදහත්ව කටයුතු කිරිමට තමා පසුබට නොවන බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා මෙහිදී ඔවුන්ට දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ.
මේ තත්ත්වය මත බොහෝදුරට එජාපයේ පාර්ශ්ව දෙකම වෙනවෙනම මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් සකසමින් සිටින බව වාර්තා වේ.










