අම්බලන්ගොඩ නගර මධ්‍යයේ ප්‍රධාන පාසලකට සිය දරුවන් රැගෙන යාමට පැමිණ සිටි අයකුට නාදුනන තුවක්කුකරුවන් අද (31) දහවල් තැබූ වෙඩි පහරකින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.Sri Lanka Latest News
මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ රන්දොඹේ පදිංච් විකුම් සිල්වා නමැති මුදල් පොලියට දෙන හතලිස් එක් හැවිරිදි අයකුට බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු පුද්ගලයා සිය මෝටර් රථයෙන් අම්බලන්ගොඩ නගර මධයයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන දරුවන් රැගෙන යාමට පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මොහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
නාදුනන තුවක්කුකරුවන් වෙඩි වැදුණු තැනැත්තා සිය මෝටර රථය හරවා ගෙන ඒමට පාසල් මාවත දිගේ යමින් සිටියදී ඔහු පසු පස ලුහු බැද ගොස් මෝටර් රථය තුලදීම ඔහුට වෙඩි තබා ඇති බවත් වෙඩි කෑ ඔහු පාර දිගේ දිවවිත් අදුනන අයකුගේ යතුරු පැදිකයින් පැමිණ රෝහල්ගතව ඇති බවත් පොලීසිය කියයි.










