මෙරට බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩගැසූ කැස්බෑවන්ගේ මියයාමට හේතුව ගැඹුරු මුහුදේ වූ පිපිරීමකින් යැයි තොරතුරු අනාවරණ වී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. (Sri Lanka Latest News)
එම කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එසේ තොරතුරු අනාවරණ වී ඇති බව කී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව ද සඳහන් කළේය.
පුපුරණ ද්‍රව්‍ය යොදාගමින් තහනම් ධීවර පන්න ක්‍රමයක් යොදාගැනීමෙන් සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් සිදුවන්නට ඇතැයි විශ්වාස කරන ද එම දෙපාර්තමේන්තුව කීය.
බටහිර වෙරළ තීරයට පසුගිය දින 10 ක් පමණ තුළ මියගිය කැස්බෑ සිරුරු 25ක් පමණ ගොඩගසා තිබුණි.
lankadeepa










