• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පක්ෂය ඇතුළෙ වෙන දේවල් මම දන්නෙත් නෑ! මාව මහලේකම්කමින් අයින් කරන්න කීපදෙනෙක් උත්සාහ කරනවා! ඕනවට වඩා ක්‍රියාකාරී වුණාම ඉතින් මෙහෙම තමයි’! දයාසිරිට ඇතුළෙන්ම ලොකු කැපිල්ලක්! I Sri Lanka Latest News

August 31, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
අද එකක් කියලා හෙට එකක් කියන මෛත්‍රීගෙන් දයාසිරිටත් පොල්ලක්! ඇමැතිකම් අරන් ආණ්ඩුවට ගිය අයගේ කීමට සංවත්සර සමුලුව කුරුණෑගලින් කොළඹට අරන්! දයාසිරිගෙන් දැඩි විරෝධයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන්නේ කුමක්දැයි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන්ද නොදන්නා බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කර තිබෙනවා. Sri Lanka Latest News

තමන්ද නොදන්නා බොහොමයක් දේවල් දැන් පක්ෂය තුළ සිදුවෙමින් ඇති බවයි ඔහු කියන්නේ.

මන්ත්‍රීවරයා කියන්නේ ඕනවට වඩා ක්‍රියාකාරී වුණාම සමහර ප්‍රශ්න ඇතිවන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයට ද අද වනවිට සිදුව ඇත්තේ එය බවයි ඔහුගේ අදහස වන්නේ.

“කීප දෙනෙකු උත්සහ කරනවා මම ශ්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කරලා ඔවුන්ට ඕනේ තැනට පක්ෂය තල්ලු කරන්න. ඔවුන්ට ඕනේ තැනට පක්ෂය තල්ලු කරන්න තිබෙන බාධාව මම නම් මාව ඉවත් කරන එක තමයි ඔවුන්ගේ පළමු කාර්යය වී තියෙන්නෙ. කොහොම වුණත් මේ තත්ත්වය තුළ පක්ෂයේ බහුතරය නිවැරදි මතයක ඉඳලා තීන්දු තීරණ ගනියි කියල මම විශ්වාස කරනවා” යි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන්කර තියෙනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප විශේෂ අනාවරණයක් කළේ මෙසේය.

මෛත්‍රී කරපු දෙයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු වසර 25ක් මේ රට පාලනය කළ, ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම ජනාධිපතිවරුන් දෙදෙනකු බිහිකළ දැවැන්ත පක්ෂයකි. ශ්‍රීලනිපය බිහි කළ ලොව මුල්ම අගමැතිවරිය වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියය. ජනාධිපතිවරුන් දෙදෙනා වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත්, මහින්ද රාජපක්ෂත්ය. එවැනි දැවැන්ත බලයක්. පෞරුෂයක්, අභිමානයක් තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැටීම ආරම්භ වූයේ 2015 එවක පක්ෂ මහලේකම්වරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂය කඩාගෙන ගොස් එජාපය සමග එක්වී ජනාධිපති ධුරයට තරග කිරීමත් සමගය. එජාපයේ පිහිටෙන් එම ජනාධිපතිවරණය ජයගත් මෛත්‍රී, පසුව බලෙන්ම වාගේ ශ්‍රීලනිප නායකත්වයද තමා සතුකර ගැනීමට සමත් විය. අනතුරුව ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු කිහිප දෙනකුට කැබිනට් ඇමැතිකම් ලබා දී ශ්‍රීලනිප – එජාප යහපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමටද මෛත්‍රී පියවර ගත්තේය. අවසානයේදී 2019 මෛත්‍රී ජනාධිපති ධුරයෙන් ඉවත් වන විට මන්ත්‍රීවරු සිය ගණනක් සිටි ශ්‍රීලනිපය මන්ත්‍රීවරු දහ දෙළොස් දෙනකු සිටින තැනට නැතිභංගස්ථාන කර දැමීමට මෛත්‍රී කටයුතු කොට තිබිණි. අනතුරුව ජනාධිපති ධුරයේ සිට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට සාමාන්‍ය මන්ත්‍රීවරයකු වශයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමටද මෛත්‍රී කටයුතු කළේය.Sri Lanka Latest News

මෛත්‍රී පාට වෙනස් කරන හැටි!

සාමාන්‍යයෙන් මෛත්‍රී සැලකෙන්නේ දේශපාලනයේ අද එකක් කියන, හෙට තව එකක් කියන, ඒ කියන දේවල්වලට හාත්පසින්ම වෙනස් එකක් කරන නායකයකු ලෙසටය. එසේත් නැත්නම් කියන දේ නොකරන, හිටිහැටියේ පාට වෙනස් කරන දේශපාලකයකු ලෙසටය. 2015 ජනාධිපතිවරණ සමයේදී මුළු රාජපක්ෂ පවුලටම චෝදනා කළ මෛත්‍රී ජනාධිපතිවරණයෙන් පසු එම හොරකම් ඔප්පු කොට රාජපක්ෂවරුන් හිරේ දමන බව කියා සිටියේය. අන්තිමේදී මෛත්‍රී රාජපක්ෂවරුන්ගේ හොරකම් අල්ලනවා වෙනුවට පිටුපස දොරෙන් මහින්දව ගෙනැවිත් යළිත් අගමැතිවරයා ලෙස පත්කිරීමට කටයුතු කළේය. තවත් වරක මෛත්‍රී අලුත් පක්ෂ පිහිටෙව්වොත් රාජපක්ෂවරුන් පාරේ ඇවිද්දවන බවට කටමැත දෙඩවූයේය. අවසානයේදී මෛත්‍රීට සිදුවූයේ රාජපක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ පොහොට්ටුවෙන්ම මහ මැතිවරණයට තරග වැදී නිකන්ම නිකන් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට එන්නටය.

කට්ටිය පැන්නුවා! ආයෙ ගත්තා!

ගෝඨාගේ ඉවත් වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවෙන් තේරී පත්වූ විට මෛත්‍රී සහභාගි වූ පක්ෂයේ මධ්‍යම කාරකසභා රැස්වීමකදී තීන්දු කළේ ශ්‍රීලනිප කිසිවකුත් රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිකම් නොගන්නා බවටය. නමුත් එම පක්ෂ තීන්දුවට පිටින් යමින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක ඇතුළු කණ්ඩායමක් රනිල් සමග එක්වී ඇමැති ධුර ලබාගැනීමත් සමග ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, ඔවුන් දැරූ තනතුරු සියල්ල අහෝසි කොට පක්ෂයෙන් ඉවත් කිරීමටත් පළමු අදියරේදී මෛත්‍රී කටයුතු කොට තිබිණි. නමුත් අවසානයේදී නිමල් සිරිපාලලාට, අමරවීරලාට පනවා තිබූ සියලු විනය ක්‍රියාමාර්ග අත්හිටුවා ඔවුන් නැවත පක්ෂයේ රැස්වීම් සඳහා කැඳවා ගැනීමටද මෛත්‍රී පියවර ගත්තේය. මෛත්‍රී එසේ කළේ පක්ෂය ගත් තීන්දුව දිගටම ක්‍රියාත්මක කළ යුතු බවට පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු කණ්ඩායමක් දැඩි ස්ථාවරයක සිටි පසුබිමකදීය. එහිදී දයාසිරිලාගේ ස්ථාවරය වී තිබුණේ ජනතා සහායක් නොමැති ආණ්ඩුවකට එක්වී තනතුරු ගන්නවා වෙනුවට විපක්ෂය සමග එක්වී ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු යැයි කියාය. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ අතර පැවැති සාකච්ඡා වට ගණනාවකටද දයාසිරි ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම සහභාගි වී තිබිණි.

නඩුවට බය වෙලාද?

මේ ආකාරයට මෛත්‍රී හිටි හැටියේම පක්ෂයෙන් ඉවත් කොට සිටි නිමල් සිරිපාලලා, අමරවීරලා යළි පක්ෂයට ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනා සැක කරන කාරණාවන් කිහිපයක්ම තිබේ. ඉන් එකක් වන්නේ පාස්කු ප්‍රහාරය මුල් කරගෙන මෛත්‍රීට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රී දැඩි බියට පත්ව සිටින බවට කටකතා පැතිර යෑමය. දැනටමත් මෛත්‍රීට පාස්කු වින්දිතයන් වෙනුවෙන් රුපියල් කෝටියකට අධික වන්දියක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසට අධිකරණ නියෝගයක්ද ලැබී තිබේ. මෛත්‍රී මෙසේ හිටි හැටියේම ආණ්ඩුවට ගිය ශ්‍රීලනිප ඇමැතිවරුන් තමන් සමීපයට ගැනීමට කටයුතු කොට ඇත්තේ ඒ බිය නිසා බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

දයාසිරි කාඩ් යවලත් ඉවරයි!

ඒ කොයි හැටි වෙතත් ආණ්ඩුවට එක්ව තනතුරු ගත් මෙම ඇමැතිවරුන්ගේ බලපෑම හේතුවෙන් මෛත්‍රී පසුගිය සතියේ තවත් ආන්දෝලනාත්මක තීන්දුවක් ගැනීමට කටයුතු කළේය. ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය මුල් කරගෙනය. අවසන් වරට පැවැති මධ්‍යම කාරකසභා රැස්වීමේදී තීන්දුවක් ගෙන තිබුණේ මෙවර පක්ෂ සම්මේලනය පක්ෂ මහලේකම් දයාසිරිගේ දිස්ත්‍රික්කය වූ කුරුණෑගල හෙට්ටිපොළ ආසනයේ පැවැත්වීමටය. එම තීන්දුව ගැනීමෙන් පසු පසුගිය සති කිහිපය පුරාම කුරුණෑගල සිටි දයාසිරි සම්මේලනය අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමටත්, එය සාර්ථක කරගැනීමටත් විශාල කැපකිරීමක් කරමින් රැස්වීම් පවත්වමින්, පාක්ෂිකයන් දැනුවත් කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබිණි. වෙනකක් තබා සම්මේලනයට පැමිණෙන ලෙස ආරාධනා කරමින් පක්ෂයේ ප්‍රධානීන්ටත් ආසන සංවිධායකවරුන්ටත්, කුරුණෑගල මහ සඟරුවන ඇතුළු ප්‍රභූ පිරිසටත්, සාමාන්‍ය ජනතාවට ආරාධනා පත්‍ර යැවීමට පවා දයාසිරි කටයුතු කොට තිබිණි.

තීන්දුව වෙනස් කරයි!

නමුත් පසුගිය සතියේ හිටිහැටියේ දයාසිරිට කතා කළ මෛත්‍රී කියා සිටියේ ශ්‍රීලනිප මහ සමුළුව හෙට්ටිපොළ නගරයේ පැවැත්වීම සම්බන්ධයෙන් යම් ආරක්ෂක ගැටලුවක් මතුව ඇතැයි කියාය. එහිදී මෛත්‍රී, දයාසිරිට කියා සිටියේ මෙවර පක්ෂ සම්මේලනයට ආණ්ඩුවේ ඇමැතිකම් ගෙන සිටින පිරිසද සහභාගි වීමට නියමිතව ඇති බවත්, ඇතැම් පිරිස් සංවිධානාත්මකව ඔවුන්ට හූ තැබීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්ය.

දයාසිරිට යකා නගී!

‘දයාසිරි.. හෙට්ටිපොල සම්මේලනය තියෙන එකට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත අය පොරොන්දු වෙලා තියෙනවා සම්මේලනයට එනවා කියලා. හැබැයි ඒ අයගේ පොඩි බයක් තියෙනවා ජොනීග් අය මෙතැනට ඇවිල්ලා ඒගොල්ලන්ට හූ කියයි කියලා. ඉතින් ඒ අය කියනවා සම්මේලනය කුරුණෑගල නැතුව කොළඹ තියමු කියලා.’ යනුවෙන් මෛත්‍රී කියද්දී දයාසිරිට යකා ආරූඪ වූ ආකාරයක් දැකගත හැකිවිය. නමුත් ඒ බව නොපෙන්වා කතා කළ දයාසිරි කියා සිටියේ එවැන්නක් සිදුවීමට කිසිදු ඉඩක් නොමැති බවකි.

ජොනීට එහෙම හයියක් නෑ!

‘එහෙම වෙන්නේ කොහොමද? මේක මගේ ආසනය. මෙතෙන්ට ඇවිල්ලා ජොනීට එහෙම කරන්න හයියක් නෑ. අනෙක දැන් මම සම්මේලනය හෙට්ටිපොල තියන්න කටයුතු සංවිධාන කරලා ඉවරයි. අරාධනා පත්‍ර යවලත් ඉවරයි. ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ…’ යනුවෙන් දයාසිරි කියා සිටියද මෛත්‍රී නැවතත් කියා සිටියේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුව ඇති බැවින් සම්මේලනය කොළඹ පැවැත්වීමට කටයුතු කළ යුතු යැයි කියාය. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ඒ අවස්ථාවේදී ගනු ලැබුණේ නැත.

චන්ද්‍රිකාවත් ඇදගනී!

මෙම සිදුවීමෙන් පසු සම්මේලනය කුරණෑගලින් කොළඹට ගෙන ඒම සඳහා මෛත්‍රී ගැසූ දෙවැනි තුරුම්පුව වූයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගය. 2015 වන තෙක්ම මෛත්‍රී සහ චන්ද්‍රිකා අතර සමීප දේශපාලන හිතවත්කමක් පැවැතුණු අතර, රාජපක්ෂවරුන්ගෙන් මෛත්‍රී ගළවා ආණ්ඩුවෙන් එළියට ගැනීමට මුල් වූයේද චන්ද්‍රිකා බව බොහෝ දෙනාගේ අදහසය. එසේ පැවැති මෛත්‍රී-චන්ද්‍රීකා හිතවත්කම පළුදු වෙන්නට පටන් ගත්තේ මෛත්‍රී යළිත් රාජපක්ෂවරුන් සමග එක්වීමට කුමන්ත්‍රණ කිරීමත් සමගය. ඉන් අනතුරුව මෛත්‍රී චන්ද්‍රිකා ගැටුම එළිපිට දැකගන්නට ලැබුණු අතර, මෛත්‍රී ප්‍රසිද්ධියේම චන්ද්‍රිකාට චෝදනා කරන්නට විය. චන්ද්‍රිකාද ප්‍රසිද්ධියේම මෛත්‍රීට චෝදනා කිරීමට පියවර ගත්තාය. කොටින්ම කියනවා නම් දෙදෙනා දෙනාගේ රෙදි හොඳහැටි ප්‍රසිද්ධියේ ගළවා ගත්හ.

අපි කලින් හෙළිකළ රහස!

නමුත් පසුගිය කාලසීමාවේදී මෛත්‍රී හා චන්ද්‍රිකා අතර යම් පණිවුඩ හුවමාරුවක් සිදුව තිබූ බව ‘රාජ්‍ය රහස්’ තීරයෙන් මීට මාස කිහිපයකට ඉහතදී අපි අනාවරණ කළෙමු. එහිදී අප පෙන්වා දුන්නේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් මෙහිදී මැදිහත්කරුවන් ලෙස කටයුතු කරමින් සිටින බවත්, රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති කරවීම සඳහා ගොඩනැගීමට සැලසුම් කර සිටින නව සන්ධානයට චන්ද්‍රිකාගේ සහායද ලබාගැනීම මෙම පිරිසගේ අදහස වී ඇති බවත්ය. ඒ හරහා මෛත්‍රී හා චන්ද්‍රිකාද මෙම සන්ධානයට එක්කොට ගැනීම ඔවුන්ගේ සැලසුම වී ඇති බව අපි එහිදී සඳහන් කොට සිටියෙමු.

චන්ද්‍රිකාගේ කොන්දේසිය!

මෙම පසුබිම යටතේ ශ්‍රීලනිප ඇමැතිවරුන් මේ වන විට සූදානමින් සිටින්නේ ශ්‍රීලනිප සම්මේලනයට චන්ද්‍රිකාවද රැගෙන ඒමටය. එහිදී යළිත් චන්ද්‍රිකා පක්ෂය තුළට ගෙන ශ්‍රීලනිපය ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. මෙහිදී චන්ද්‍රිකා ද ශ්‍රීලනිපය යළි ප්‍රතිසංවිධාන කිරීමේදී සැලකිය යුතු බලයක් තමන්ටද ලබාදෙන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් විය හැකි බව ප්‍රකාශ කොට ඇති බවක් ආරංචිය.

දයාසිරිට කියපු දේ!

ඒ අනුව මෛත්‍රී පසුගිය සතියේදී තවත් වතාවක් දයාසිරිට කතාකොට පක්ෂ සම්මේලනය කුරුණෑගලින් කොළඹට ගෙන ඒම සඳහා ‘චන්ද්‍රිකා තුරුම්පුව’ද පාවිච්චි කිරීමට පියවර ගත්තේය. එහිදී මෛත්‍රී කියා සිටියේ චන්ද්‍රිකාද සම්මේලනයට සහභාගි වීමට නියමිත බවත්, කුරුණෑගල දුර වැඩි නිසා චන්ද්‍රිකා ඊට සහභාගි වීමට අදිමදි කරන බවත්ය.

තනි මතයට නිවේදනයක්!

‘මාර ප්‍රශ්නෙනෙ දයාසිරි. චන්ද්‍රිකා සම්මේලනේට එන්න කැමැතියි. ඒත් දුර වැඩියි කියලා එන්න අමාරුයි කියනවා. කොළඹ තිබ්බොත් නම් එන්නම්ලු….’ යනුවෙන් මෛත්‍රී කියද්දී දයාසිරි එහිදීද කියා සිටියේ මේ වන විට සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවත්, චන්ද්‍රිකාට සම්මේලනයට සහභාගි වීමට දුර වැඩි නම් හෙලිකොප්ටරයක් යවා හෝ ඇය ඊට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බවත්ය.

කවුරුවත් දන්නේ නෑ!

මේ ආකාරයට දයාසිරිට විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සම්මේලනය කොළඹට ගැනීමට මෛත්‍රී ගත් උත්සාහය අසාර්ථක වූ තැන අවසානයේදී මෛත්‍රී තම හිතුමනාපයට නිවේදනයක් නිකුත් කරමින් ‘ආරක්ෂක හේතූන් මත’ පක්ෂ සම්මේලනය කොළඹ පැවැත්වීමට තීන්දු කළ බව දැනුම් දී සිටියේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මෙවැනි නිවේදනයක් මෛත්‍රී නිකුත් කරන බවක් පක්ෂ මහලේකම් වශයෙන් දයාසිරි හෝ දැනට ශ්‍රීලනිපයේ ඉතිරිව සිටින ශාන් විජයලාල් වැනි මන්ත්‍රීවරුන් හෝ නොදැන සිටීමය. ඒ අනුව මෛත්‍රී තීරණය කොට ඇත්තේ කුරුණෑගලින් කොළඹට ගෙන ආ පක්ෂ සම්මේලනය කොළඹ අතිසුඛෝපභෝගී සුපිරි පැලැන්තියේ හෝටලයක් වන තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවැත්වීමටය.

නිකම් අත වනන්න බෑ!

කෙසේවෙතත් මෙම තොරතුරු වාර්තා වීමත් සමග චන්ද්‍රිකා නැවත වතාවක් අල්ලන්නට යන දේශපාලන අඩව්ව පිළිබඳ අපිද සොයාබැලීමක නිරත වීමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කිරීම සඳහා සම්පූර්ණ බලය තමන්ට ලබාදෙන්නේ නම් යන කොන්දේසිය යටතේ චන්ද්‍රිකා ශ්‍රීලනිප සම්මේලන වේදිකාවට එක්වීමට කැමැත්ත පළකොට ඇති බවකි. එසේ නොමැතිව තමන් වේදිකාවට ගොඩවී නිකරුණේ අත වැනීමට සූදානම් නැති බව චන්ද්‍රිකා මෛත්‍රීට දැනුම් දී ඇති බවක්ද ආරංචිය.

වළියක් යයිද?

කෙසේ වෙතත් මේ ආකාරයට මෛත්‍රී තනි හිතුමනාපයට සමුළුව කොළඹට ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගෙන් 90%කට ආසන්න පිරිසක් මේ වනවිට දැඩි විරෝධය පළකොට ඇති බවක්ද වාර්තා වේ. පසුගිය දින කිහිපය පුරා මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් අතර විවිධ සාකච්ඡා සහ දුරකතන ඇමතුම් සිදුව ඇති අතර, එහිදී බොහෝ දෙනා සඳහන් කොට ඇත්තේ මීට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි කියාය. එමෙන්ම ආසන සංවිධායකවරුන් ලෙස පක්ෂ නායකත්වයේ මෙම අත්තනෝමතික කටයුතුවලට සංවිධානාත්මකව විරෝධය පළකළ යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

එදා ඉදන්ම ගහගත්තා!

සාමාන්‍යයෙන් ශ්‍රීලනිප ඉතිහාසය ගත් විට අතීතයේ සිටම පක්ෂ නායකයන් අතර බරපතළ ම ගැටුම් තිබූ සංස්කෘතියක් තිබිණි. පක්ෂය ඇතුළේ ගහගැනීම්, බැණගැනීම්, හූ තැබීම්, පුටු පෙරළාගැනීම්, උසාවි යෑම් ආදිය එදා සිටම ශ්‍රීලනිප සංස්කෘතිය ඇතුළේ තිබූ සිදුවීම්ය. ඇතැම් අවස්ථාවල පක්ෂ නායකයන්ට එරෙහිව කැරැලි ගැසූ අවස්ථා රැසක්ද මෙම සංස්කෘතිය ඇතුළේ තිබිණි. ඒ අනුව මෙවර පක්ෂ සම්මේලනයේදී එම සංස්කෘතිය අනුව යමින් බරපතළ බෙදීමක් පක්ෂය ඇතුළේ සිදුවනු ඇද්ද යන්න පිළිබඳ දැඩි සැකයක් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් අතර මේ වනවිටත් මතුව ඇති ආකාරයක්ද දැකගන්නට තිබේ.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

වසන්තට ආපහු වරෙන්තු! I Sri Lanka Latest News

Next Post

කැස්බෑවන් මියගියේ ගැඹුරු මුහුදේ සිදුවූ පිපිරීමක් නිසාලු! Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.