පොහොට්ටුවේ ඉතිහාසය ගැන වැරදි කරුණු තැන් තැන්වල නොකියා තමන් සමඟ ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා විසින් පොහොට්ටුවේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ට අභියෝග කර තිබෙනවා.Sri Lanka Latest News
සාගර කාරියවසම් මන්ත්‍රීවරයා විවිධ ප්‍රකාශ කරමින් නව සන්ධානයට හා පෞද්ගලිකව තමාට එරෙහි විවිධ ප්‍රකාශ කරන බවයි ලංසා මන්ත්‍රීවරයා කියන්නේ.
එසේ එල්ල කරන චෝදනා වලට ප්‍රසිද්ධියේ පිළිතුරු ලබා දීමට තමා සූදානම් බව මන්ත්‍රීවරයා පවසනවා.
පොහොට්ටුව ආරම්භ කරන අවස්ථාවේ නොසිටි අය අද වනවිට පොහොට්ටුවේ අයිතිකරුවන් වී පක්ෂයේ ඉතිහාසය විකෘති කරමින් විවිධ ප්‍රකාශ කරමින් සිටින බව ඔහු සඳහන් කරනවා.
නව දේශපාලන සන්ධානය පිහිටුවීම හේතුවෙන් මෙසේ හැසිරෙන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
සාගර කාරියවසම් මහතා ජාතික ලැයිස්තුවෙන් පත්වූ බව අමතක කරමින් මෙවැනි විකෘති ප්‍රකාශ කරමින් ඉතිහාසය වෙනස කරන බව ලංසා මන්ත්‍රීවරයාගේ අදහසයි.










