සිකුරාදා (25) බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ලෙස තම රුව භාවිත කළ බවට කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ශ්‍රී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා දෙකකට චෝදනා කළේය.Sri Lanka Latest News
ජනක පුෂ්පකුමාර නමැති පුද්ගලයා පවසන්නේ තමන් මේ සම්බන්ධයෙන් හිරු-ස්වර්ණවාහිනී නාලිකා දෙකටම දැනුම් දුන් නමුත් සෙනසුරාදා (26) සවස් වන විටත් එම පෝස්ට් ඉවත් කර නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් යළිත් වරක් තමන් පොලිසියට පැමිණිල්ලක් කළ බවද ඔහු කියා සිටියේය.
එම පුද්ගලයා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රවෘත්ති නාලිකා සිය ෆේස්බුක් ගිණුමෙන් ඡායාරූපයක් ගෙන වෙඩි තැබීමේ සිද්ධියට ගොදුරු වූ පුද්ගලයා ලෙස කිසිදු තහවුරු කිරීමකින් තොරව පළ කර ඇති බවයි.










